පහුගිඅ දවසක මම ත්‍රෙඩ් එකක් දැම්මා මතක ඇති " මෙයාගෙ අත බේරගන්න උදවු කරන්න" තුවාල උන වදුරෙක් ගැන.ඒ ලිපිය උපුට ගත්තෙ වෙන සයිට් එකකින්.ඒක මූණු පොතෙත් ගිය දැක්කා.මේ ත්‍රෙඩ් එක ඊට පස්සෙ ඒ වදුරට මොකද උනේ කියන එක ඔයලට දන්වන්නයි.මේත් පෙර කී සිට් එකෙන්මයි ගත්තේ.
------------------------------------------------------------------------------
පසුගිය සෙනසුරාදා තුවාල ලැබූ වදුරෙකු පිලිබදව පල කල සටහනට සම්බන්ධ වදුරා සොයාගෙන ඌට ප්‍රථිකාර ලබා දී ඇති බව වාර්තා වනවා,මේ ඒ ගැන Gossip9 වෙබ් අඩවියේ පල වූ පුවත,
මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.
මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.
"අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.
"අහිංසකට දැන් සනීපයි"
මේ වනවිට අහිංසක නිරෝගී සුවයෙන් පසුවෙන බවයි අප වෙත වාර්තා වෙන්නේ. මෙම වඳුරාගේ ජායාරූප ගෙන අප වෙත එවූ ශ්‍රියානන්ද රත්නායක මහතාටත්, ෆේස්බුක් ඔස්සේ දැනුවත්කළ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටත්,වගකිවයුතු අංශ දැනුවත් කල රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාඨක ඔබ සියලු දෙනාට හා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාටත් අප ස්තූතිය පුදකර සිටිනවා.
වඳුරා තුවාල ලබා සිටි අයුරු
පහත ජායාරූප වල දැක්වෙන්නේ එම තුවාල ලැබූ වඳුරාට ප්‍රතිකාර කරන අයුරුයි
මේ උතුම් කටයුත්ත කල ඒ මහත්වරුන්ට ස්තූතියි !!


