*Led Zeppelin - The Famous England Rock Band
Heavy Metal හි පෙර නියමුවන් Led Zeppelin වන්නේ ඇයි ??
බොහො විචාරයකින්, music magazines, fans ලා ගෙන් ලොව එතෙක් මෙතෙක් බිහිවු greatest band එක අහුවොත් අනිවර්‍යෙන් Beatles, Nirvana, The Rolling Stones, Led Zeppelin, The Who, Pink Floyd නිතරම කියවෙනවා. එත් Led Zeppelin special වෙන්නෙ ඇයි ?? ඔවුන් ගෙන් music වලට වුන බලපෑම කුමකද ?? ඔවුන් අද්විතීය වන්නෙ ඇයි යන්නට කරුනු කාරනා අපි බලමු.
හදුන්වාදීම
Led Zeppelin band එක හැදෙන්නෙ 1968 එන්ගලන්තයෙ ලන්ඩන් වලදි. Jimmy Page තම band එක හදන්න පටන් ගන්නෙ. ඔහු තමා Lead guitarist/Rhythm guitarist වන්නෙ. ඔහු ගෙ මිතුරෙක්ට කියනව frontman විදියට එක් වෙන්න කියල. නමුත් ඔහු එය ප්‍රතික්ෂෙප කරල Jimmy ට Robert Plant ව හදුන්වාදෙනව. Robert ඉන් පසු ඔහුගෙ පෙර band එකෙ හිටිය drummer වන John Bonham වත් එක් කරගන්නව. දැනට අඩු bassist කෙනෙක්. මෙයත් ඉක්මනින්ම විසදෙනව John Paul Jones නැමති Jimmy ගෙ පැරනි මිතුරා එක් වෙන්න විමසුවම. ඉන්පසු මොවුන් 4 දෙන ඉක්මනිනින්ම practice පටන් ගෙන first album eka release කරන්න මහන්සි වෙනව. නමුත් ඔවුන් වත් එදා නොසිතන්නට ඇති තව වසර කිහිපයකින් ඔවුන් Rock ලොව රජ කරන බව.
විචාරකයන්ගෙ ද්වේශසහගත මත
ඔවුන් ඉන්පසුව 1968 සිට 1979 දක්වා studio albums 8ක් release කරනවා. පළමුව ඔවුන්ගෙ album වලට නිසි වටිනාකමක් දෙන්න විචාරකයින් සමත් වෙන්නෙ නැ. එයට හෙතුව ඔවුන් ගෙ music style එක එම කාලයෙ ඉතා වෙනස් මුහුනුවරක් ගත් නිසා සහ ඔවුන් blues music බලවත් Amp වලින් play කරල talent එක නැති බව වහගන්න උතසහ කරන බව සිතීමයි. නමුත් ඔවුන් ඔවුන්ගෙ ශෛය්ලිය වෙනස් කරෙ නැ. මෙම critics ලගෙ prejudged මතයට උපහසයක් ලෙස ඔවුන්ගෙ 4 වෙනි album එක band එකෙ නමවත් album එකට නමක්වත් නොදී release කරනව 1971 අග භාගයෙ දි. මෙයට title එකක් ලෙස තිබුනෙ symols 4ක් පමනයි. මෙහි release එකෙදි කිසිම කෙනෙක්ට album එක දෙස බලා තීරනය කර්න්න බැ මෙක Led Zeppelin album යක් කියල. නමුත් මෙම album ය Rock සංගීතය ආ ගමන් මග වෙනස් කරනව.
නැවත හැරී බැලීමක
මෙම නිර්නාමික album ය අද වන විට ලොකයෙ වඩියෙන්ම අලෙවි වු රොක් album එකක්. මෙම album එක විචාරකයින් අසා ඔවුන්ගෙ කලාත්මකභාවය , ඔවුන්ගෙ හැකියවන් ගැන නැවත හැරී බලුව. එලෙසම ඔවුන් ඉදිරියට release කර albumu දෙසත් විවුර්ත මනසකින් බැලීමට පෙලබෙනව. අද වන විට ඔවුන් release කරපු පලමු album 6න් 5ක් ලොක ප්‍රසිද්ද Rolling Stones Magazine එකෙ ලොව එතෙක් මෙතෙක් හොදම album 500 ට එකතු කර ග්න්නව. එයිනුත් 3ක පළමු 100 අතරෙහි තියෙනව. ( Led Zeppelin ලව මුලින් මෙ magazine එකෙන් තකීමකට ලක් කරෙම නැ.). එලෙසම තවත් විචාරකයින්, magazine ඔවුන්ගෙ කලා හැකියවන් ඉහලින්ම අගයන්න පෙලඹෙනව. ඔවුන් අද වන විට ලොකයෙ වෙඩිම අලෙවි යක් ඇති කලා කරුවන් වෙ. තවම ඔවුන්ගෙ රසිකයන් එලෙසම ඔවුන්ගෙ හඩ වින්දනය කරයි.
කලාත්මකභාවය, හැකියාව සහ බලපෑම
Led Zeppelin ලගෙ music වලට ලොකුම influence එක වෙන්නෙ ඇමෙරිකාවෙ ප්‍රචලිත වෙලා තිබුනු Blues Music. ඔවුන් එම music genre එක ඔවුන්ගෙ හැකියාවන්, විවිද නිශ්පාද්න ක්‍රම යොදල ඉතාම බලවත් තියුණු වේගවත් music genre එකක් හදන්න අඩි තාලම දානව. අද මෙම music genre එක Heavy Metal ලෙස හදුන්වනව. ( Black Sabbath, Deep Purple band ද 70 දශකයේ දි මීට දායක වුනා.). ඔවුන්ගෙ දෙවන album එක වන Led Zeppelin II album එක heavy metal blueprint එක ලෙස හදුන්වනව. එහි ඇති Whole Lotta Love, Heartbreaker වෙනි ගීත heavy metal song එකක template එකක් වුනා.
Led Zeppelin ලගෙ 1969 first album එක වන Led Zeppelin I album එකෙ first සින්දුව තමයි, Good Times Bad Times සින්දුව. එකෙ John Bonham drum එක play කරන විදියෙන් ඔවුගෙ සමකාලීනයන් රසිකයන් ව්ශ්මයට පත් වෙනව. එදා සිට ඔවුන්ගෙ අවසාන album එක දක්වා John Bonham drums play කරන කොට පෙන්නුම් කල එ බලය, වේගය, ජවය සහ අනෙක් සාමජිකයන්ගෙ වාදන ශෛලීන්ට අනුගත වීම යන කරුනු සම්ප්‍රදායික drummer කෙනෙක් වඩා පිටින් සිතන්න අනෙක් නවක drummers ලව දිරිගන්නුව. අද ඔහු එතෙක් මෙතෙක් විසූ හොදම Rock Drumer ලෙස පිලිගනෙනව. ඔහුට jazz music influence එකක් තිබීමත් ඔහුගෙ එම ශෛලීයට උදවු වුනා. Led Zeppelin IV ( නිර්නාමික album එක) හි When the levee breaks song එක record කරන කොට Jimmy Page natural reverb එකක් හොඳ ට ගන්න එයල රෙකොර්ඩ් කරපු studio eke හැඩය අනුව drum mic set කරන්නෙ ඉහළ මාලයේ, එත් John Bonham drum එක play කරන්නෙ පහළ මාලයේ !!. එතරම් බලවත් ඔහුගෙ drumming.
Jimmy Page ද අද අවිවාදයෙන් ම එතෙක් මෙතෙක් විසූ දක්ශතම Lead guitarist කෙනෙක් විදියට පිලිගැනෙනව. ඔහු Communication Breakdown හී යොදාගන්නා guitar playing style එක පසු කාලීනව Ramones වැනි Punk Rock bands පවා යොදාගන්නව. එලෙසම Led Zeppelin II album එකෙ Heatbreaker song එකෙ guitar tapping technique එක Edaward Van Halen වෙනි කලාකරුවන් යොදාගන්නා වා.
ඔහුගෙද band එකෙද iconic ගීතය වන්නේ Led Zeppelin IV ( නිර්නාමික album එක) හි Stairway to heaven වේ. මෙය ලොව බිහිවූ හොදම rock song එක ලෙස බොහො rock රසිකයන්, විචාරකයන් නම් කරයි. මෙය Queen ලගෙ Bohemian Rhapsody song එක හැදුනෙත් මෙම ගීතයෙ architecture එකට. මෙහි ඇති guitar solo එක rock සංගීත ඉතිහාසයේ සදා අමතක නොවන මතකයකි.
Robert Plant යනු rock fans ලට විචාරකයින් ට අනුව හොදම රොක් frontman කෙනෙකි. ඔහු ගේ තියුනු උස් හැන්ගීම් බර හඩින් Led Zeppelin fans ලව ඔහුත් සමග කැන්දා ගෙන යාමට තරම් ප්‍රභලය. ඔහු සහ Jimmy එකතුව ඔවුන්ගෙ lyrics බොහොමයක් රචනා කලා. ඔහුට ඉතා පුලුල් හඩ පරාසයක තිබුනු අතර ඔහු එය යොදාගත් ක්‍රම වේද Guns n Roses, Nirvana, සිට Lady Gaga, Madonna දක්වා පරාසයක කලා කරුවන් දැඩිව යොදාගත්ත.
4 වෙනි සාමජිකයා වන John Paul Jones ද රොක් ලොව ඉහලම ගනයෙ කලාකරුවෙක්. ඔහුට වාද්‍ය භාන්ඩ 20 කට වැඩි ප්‍රමාණයක් play කරන්න හැකියව තිබුන. ඔහු සහ John Bonham එකව සෑදූ Led Zeppelin rhythm section එක නිසාවෙන් Led Zeppelin ලා හට stage එක මත සංගීතයෙන් පෙලහර පෑමට ඉඩ සැලසුන. ඔහු bass , organ mandolin වාදනයෙන් ගෙන් Led Zeppelin සගීතයට විශාල මෙහෙයක් ඉටු කර. ඔහු ගෙ හැකියවන් Dazed and Confused, Black Dog, වෙනි ගීත වලින් පිලිබිඹු වෙයි.
ඔවුන් අනෙක් සියලු band අබිබවා යන මූලික කරුනක් වන්නෙ ඔවුන්ගෙ live shows වෙ.. එහිදී ඔවුන් album එකෙ ලෙස play නොකරන අතර, ඔවුන් improvise කරයි. මෙය ඔවුන් ගෙ talent එක ගැන මනා උදාහරනයකි. 8min පමන වන ගීත 15min 20min පමන live shows වලදි නව සංගීත රටා හැඩයන් ගීතයට දෙමින් play කරා
පසුවදන
Led Zeppelin සංගීත කණ්ඩායම 1980 දි අවසන් වෙනව. එයට හෙතුව වන්නේ John Bonham ගෙ අකල් මරණය යි. මෙය band එකට බලවත් පහරකි. එම කන්ඩායෙමෙ එකදු සාමාජික යෙක්ගෙ හො වෙන්වීමෙන් Led Zeppelin ඉදිරියට යන්න නොහඇකි බව මනාව පසක් වුන ඔවුන් 1980 කල reunion show එකකදි. එහිදී Drummers ල දෙන්නෙක් යොදාගත් අතර එහෙත් John Bonham ගෙ අඩුව පිරවේමට නොහකි විය. නමුත් 2007 දි London O2 Arena හිදී John Bonham ගෙ පුත් Jason Bonham සමග ඔවුන් 20 වසකට පමන පසුව එක් විය. මෙය දැනට Led Zeppelin ල කර ඇති අවසාන ප්‍රසන්ගයයි. මෙහි 20000ක් පමන වූ tickets තත්පර ගනනින් අලෙවි විය. මෙය අති සාර්තක concert එකක් විය. ඔවුන්ගෙ අද්විතීය නාමය නැවත ලොවට මතක් කර දුන්නා බදුය. මෙම concert එකෙ performance එකට ඔවුන්ට Grammy සම්මාන පවා ලැබුනි. එහෙත් ඔවුන් නැවත එක් වුයෙ නැත
John Bonham නැමති එනිජිමෙන්, Jimmy Page නැමති ඉන්දනයෙන් පණ ගැන්වූ ද, Robert Plant ගෙ හඩින් කැන්දා යන්නා වූ ද, John Paul Jones ගෙ බහුශෘත හැකියවෙන් එක් වූද Led Zeppelin නැමැති අති ශ්‍රේෂ්ඨ සංගීත කණ්ඩායම එසෙ ඉතිහාසට එක් වෙයි. ඓහෙත් ඔවුන් මිහිතලය දෙවනත් කරමින් මැවූ සංගීත රටා ද, ඔවුන්ට සැමදා ආලය කල රසිකයන් කැටුව ගිය විවද මංමාවත් හා ලොකයන්ද සදා අමරණීය වන්නක්මය.
මහන්සියට Like and Comment එකකින් වත් සලකගෙන යන්නො !!
මගේ අනිත් treads
1. Nirvana - The Famous American Rock Band
2. Linkin Park සහ Chester Charles Bennington
මහන්සියට Like and Comment එකකින් වත් සලකගෙන යන්නො !!
මගේ අනිත් treads
1. Nirvana - The Famous American Rock Band
2. Linkin Park සහ Chester Charles Bennington
