Guns N' Roses - The Famous American Rock Band

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    Guns N' Roses

    Guns N' Roses කියන්නෙ ඇමෙරිකාවෙ තිබුණු ප්‍රසිද්ධම rock band 1ක්. Axl Rose, Slash, Duff McKagan, Steven Adler, Izzy මේ 5 දෙනා තමයි මේ band එක පටන් ගන්නෙ 1985දි. Axl Rose (ඇක්සල් රෝස්) කියන්නෙ band එකේ lead singer. Band එක හදන්න අදහස Axl තමයි ගේන්නෙ. Slash (ස්ලෑෂ්) කියන්නෙ band එකේ lead guitarist, Duff McKagan (ඩෆ් මිකෑගන්) තමයි bassist, Izzy තමයි rhythm guitar එක ගහන්නෙ, ඒ වගේම Steven Adler තමයි drum ගහන්නෙ. Guns N' Roses කියන්නෙ hard rock band 1ක්. Hard rock කියන්නෙ Rock genre එකේම තවත් එක subgenre 1ක් තමයි.

    1.jpg


    70-90 කාලය අතරතුර ප්‍රසිද්ධම Hard rock bands කීපයක්ම තිබුණා. Led Zeppelin, Aerosmith, AC/DC, Black Sabbath, Scorpians ඒවා තමයි. හැබැයි ඒවනම් Guns N' Rosesලට ගොඩක් කලින් පටන් ගත්තෙ. කොහොම වුණත් 1985දි පටන් ගත්තු මේ rock band එක පළවෙනි album එක release කරන්නෙ 1987දි. ඒකෙ නම තමයි ''Appetite for Destruction''. ඒ album එක නොහිතන විදිහට ගොඩක් ජනප්‍රිය වෙනවා. ලොකෙ පුරාම copies මිලියන 30ක් විකිණෙනවා. Billboard 200 ranking අතර 1 වෙනවා වගේම ඇමෙරිකා ඉතිහාසයේ හොඳම debut selling album එක වෙනවා. ඒ වගේම 11 වෙනියට වැඩියෙන්ම විකිණිනු album එක වෙනවා. ඒක ඒ තරම්ම සාර්ථක වෙන්න හේතුව ඒකෙ සින්දු ගොඩක් හොඳයි. ඒ ඔක්කොම hit වෙනවා.

    2.jpg


    3.jpg


    Sweet Child O'Mine, Welcome to the Jungle, Paradise City ඒ ඔක්කොම hit වෙනවා ගොඩක්. Sweet Child O'Mine කියන්නෙනම් rock history එකේ ප්‍රසිද්ධම සින්දුවක්. ගොඩක් අය Guns N' Rosesලව දැනගන්නෙත් ඒ සින්දුවෙන්. කොහොම වුණත් ආයෙ දෙවෙනි album එක එන්නෙ 1988දි. ඒකනම් ගොඩක් ජනප්‍රිය වෙන්නෙ නැහැ. ඒත් ඒකත් හොඳයි. කොහොම වුණත් Guns N' Rosesලගෙ concerts ගොඩක් සාර්ථක වෙනවා. Guns N' Rosesලගෙ concerts බලන්න boring නෑ පොඩ්ඩක්වත්.

    මොකද Axl සින්දු කියන්නෙත් stage එක වටේම දුවල පිස්සු නට නට. Snake dance කියල Axlගෙ dance 1ක් තියෙනවා. ඒක නිතරම දානවා. ඒ වගේමයි band එකෙ අනිත් අයත්. Slash එහෙමත් පිස්සු නටනවා වෙලාවකට. 1988දි New York නගරේ Ritzවල concert එකයි 1992 Tokyoවල concert එකයි බැලුවනම් ඒක තේරෙනවා. Band එකේ අය දන්නවා fansලව එක entertain කරන්න හොඳට. ඉතින් කොහොම හරි 1991දි albums 2ක්ම release කරනවා එකම දවසෙදි. අන්න ඒ දෙකනම් ගොඩක් hit වෙනවා. ඒ ඇල්බම්ස් දෙකේ නම් තමයි ''Use Your Illusion I & ''Use Your Illusion II. ඒ albums දෙකේ තියෙන සින්දු hit වෙනවා හොඳටම. November Rain, Don't Cry, You Could Be Mine, Knockin on Heaven's door, Estranged, Civil War, Live & Let Die මේ සින්දු ඔක්කොම ඒ albums දෙකේ තියෙන්නෙ. ඒවා තමයි Guns N' Rosesලගෙ හොඳම සින්දු. November Rain කියන්නෙනම් ලොකුම hit 1ක්. Guns N' Rosesලගෙ සින්දු අතරින් youtube views වැඩිම තියෙන සින්දුව තමයි ඒක. ඒ views මිලියන 941ක්.

    4.jpg


    දෙවනියට තියෙන්නෙ Sweet Child O'Mine. November Rain සින්දුවෙ හැමදේම ලස්සනයි. Voice එක, melody එක, lyrics, guitar solo එක. විශේෂයෙන්ම guitar solo එක. Pink Floydලගෙ Comfortably Numb එකේ guitar solo එකට පස්සෙ මම කැමතිම solo එක තමයි ඒ. Slashගෙ talent එක තමයි.

    ඒ වගේම Axlගෙ voice එක. Axl Rose කියන්නෙ rock history එකේ බිහිවුණු හොඳම front singer කෙනෙක්. ඒකෙ විවාදයක් නෑ. Axl කියන්නෙ ඉතාමත් ඉහල පරාසයක් ඇති දක්ශ ගායකයෙක්. ඒ වගේම Guns N' Roses සින්දු ලියන්නෙත් Axlම තමයි. එ වාගෙම පටිගත් කිරීම් අධ්‍යක්‍ෂණය කරනවා. Axl high notesවලට ගොඩක් දක්ශ කෙනෙක්. ඒක youtube එකේ videos බැලුවනම් තේරෙනවා. ඒ වගේම Axlට voices ගොඩකින් සින්දු කියන්න පුළුවන්. උගුර බැරැන්ඩි කරන් Metal / Hard Rock type එකට කියන්නත් පුළුවන් වගේම slow beat එකේ යන සින්දු කිව්වහකි. ඒක හොඳට තේරෙනවා You Could Be Mine වගේ සින්දුවකුයි Estranged වගේ සින්දුවකුයි ගත්තම වෙනස. ඒ දෙක හාත්පසින්ම වෙනස්. වෙනම styles 2ක්. ඒකයි විශේෂත්වය.

    5.jpg


    ඒ වගේම Slash කියන්නෙ guitarist කෙනෙක් විදිහට උපරිම දක්‍ෂයෙක්. ලෝකෙ බිහිවුණු හොඳම guitaristsලා අතර ඉන්නවා. Slashගෙ guitar solos ප්‍රධාන හේතුවක් band එකේ සිංදුවල ජනප්‍රියත්වයට. Slash හැමදාම පාවිච්චි කරේ ''Les Paul'' කියලා electric guitar වර්ගයක්. Slash දක්ශ නිසාම Michael Jackson පවා Slashව hire කරනවා Michael Jacksonගෙ සින්දුවලට guitar play කරන්න. 1991දි MJ ගෙ Give in to me සින්දුවට Slash තමයි guitar එක play කරන්නෙ. ඒ වගේ දෙන්නා එකට වැඩ කරා ගොඩ කාලයක්. Slash අන්තිමටම MJ එක්ක play කරන්නෙ MJගෙ 2001 තිබුණු 30th Anniversary concert එකේ.

    6.jpg


    කොහොම වුණත් Guns N' Rosesලා බොහොම ටික කාලයකින් ගොඩක් ජනප්‍රිය වෙනවා. 1987-1991 අතර ගහපු albums 4ම hit වෙනවා. 1993දි ආයෙත් album එකක් එනවා ''The Spaghetti Incident" කියලා. ඒක කලින් albums 4 වගේ hit වෙන්නෙනම් නැහැ. කොහොම වුණත් band එක පටන් ගද්දි හිටපු අයගෙන් drum ගහපු Steven Adler band එකෙන් අයින් වෙනවා පස්සෙ. ඒ තැනට එන්නෙ Matt Sorum කියල drummer කෙනෙක්. ඒත් Steven තරම් දක්ශ නෑ. ඊටපස්සෙ 1996දි Slash සහ Axl අතර ඇතිවන ආරවුලක් නිසා Slash band එකෙන් අයින් වෙනවා 1996 අන්තිම. ඒක තමයි ලොකුම පාඩුව. එතනින් පස්සෙ band එක ගොඩක් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නෙ ඒ අඩුව පුරවන්න කෙනෙක් හම්බවෙන්නෙ නෑ. Slash අයින් වුණු එකෙන් band එක වැටෙනවා.

    අලුත් membersලා ආවා 1996න් පස්සෙ එක දිගට ඒත් කලින් තිබුණු energy එක නෑ. ඒ ගතිය නෑ. කොහොම වුණත් Axl අයින් වුණේම නෑ. ඊටපස්සෙ bass ගහන Duff McKagan 1997දි අයින් වෙනවා. ඊටපස්සෙ band එක පටන් ගද්දි හිටපු අයගෙන් Axl විතරයි ඉතුරු වෙන්නෙ. අනිත් ඔක්කොම අලුත් අය. ඉතින් Guns N' Rosesලගෙ fame එක අඩුවෙලාම යනවා. ඒ එක්කම Axlගෙ voice එක වෙනස් වෙලා රූපෙනුත් ගොඩක් වෙනස් වෙනවා. Axl කියන්නෙ කලින් කඩවසම් පෙනුමක් තියෙන කෙට්ටු ගායකයෙක්. ecstasy කියලා pill 1කට addict වෙලා ඉඳල තියෙනව Axl. තව කුඩු, වැරදි ආහාර නිසා කැත වෙලා නොහිතන විදිහට ගොඩක් මහත් වෙනවා voice එකත් හාත්පසින්ම වෙනස් වෙනවා.

    කොහොම වුණත් අන්තිමට band එක 2016දි ආයෙ reunite වෙනවා පරනම membersලා. Band එක හදද්දි හිටපු Slash, Duff, Steven Adler, Izzy ඒ ඔක්කොම reunite වෙලා reunion concert 1ක් කරනවා 2016දි. Axl සහ Slash නැවතත් එකට වැඩ කරන්න ගන්නවා අවුරුදු ගානක්ම කතා නොකර ඉඳලා. Band එකේ ඔක්කොම ආයෙ එකට එකතු වුණු එක එක ඉතින් Guns N' Roses රසිකයන්ට සතුටුදායක දෙයක් වුණා.

    7.jpg


    ලෝකෙ පුරාම Guns N' Roses රසිකයො ගොඩක් ඉන්නවා. මමත් ඒ අතරින් එක්කෙනෙක්. Guns N' Roses logo එක පච්චයක් විදිහට ගහගත්තු අය ඕන තරම් ඉන්නවා මම දැකලා තියෙනවා. තව Axl Rose විදිහට ඇඳල ඒ විදිහට සින්දු කියන්න හදල අනුකරණය කරන අයත් ඕන තරම්. Slashව අනුකරණය කරන අයත් ඉන්නවා. ඒ වගේ ලොකු රසිකයො ඉන්නවා.

    කොහොම වුණත් Axl සහ Slash කියන්නෙ music history එකේ හොඳම duo 1ක්. දෙන්නා එකට ඉන්නවා කියන්නෙ perfect ! ඒක ලංකාවෙ ඉන්න Guns N' Roses fansලා දන්නවා. කෙටියෙන් කියන්නෙ ''Slashaxl'' කියලා. කොහොම වුණත් Slash නැති Guns N' Roses එකකින් වැඩක් නෑ. ඒ වගේමයි Axl නැති Guns N' Roses එකකින් වැඩක් නෑ. දෙන්නම musicවලට ලොකු දෙයක් කරපු දෙන්නෙක්. November Rain, Sweet Child O'Mine, Welcome to the Jungle, You Could Be Mine, Don't Cry, Civil War, Estranged, Paradise City, Knockin on Heaven's Door, Live & Let Die, Patience වගේ සින්දු හැමදාමත් ජීවත් වෙනවා. ඒ දෙන්නම හැමදාමත් legendsලා. Band එකේ අනිත් අයත් එහෙමයි Duff McKagan, Steven Adler ඒ හැමෝම. දැන් ඒ ඔක්කොම ආයෙත් එකට ඉන්නවා. දැන් concert කරනවා එකට. ඒත් දැන් වයසයි ඔක්කොම 50ස් ගණන්.

    මහන්සියට Like and Comment එකකින් වත් සලකගෙන යන්නො !!

    මගේ අනිත් treads

    1. Nirvana - The Famous American Rock Band

    2.
    Linkin Park සහ Chester Charles Bennington

    3. Led Zeppelin - The Famous England Rock Band
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    Michael jackson ගේ Give in to me එකේ අර ලේසර් වගේ ගිටාර් එකේ යන කැල්ල පට්ට TFS machan
    🔥

    Axl rose rock my world

    Super best tread thank you mcn time wen keragena share kerata .me wage tread tawa watewa .like welin uba pirewa patta happy ❤❤❤❤❤❤❤👍👍👍👍👍
    Thanks machan! 🖤

    Knockin on Heaven's Door Meyalage sinduwak neweyi.
    ow, Bob Dylan ge cover ekak eka, but Guns N Roses version eka lit 🔥🖤

    Thanks All !! 🖤
     
    • Like
    Reactions: D_Mad and Lahiru120