"TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම" ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටස 🙂

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    කලින් thread එක:
    https://elakiri.com/threads/tin-එක-already-registered-කියලා-වැටෙනවනේ-nic-එක-ගැහුවම-🙁.2208747/

    TLDR:
    ලගම IRD branch එකෙන් TIN ලෙටර් එක ගන්න පුළුවන්. උදේම යන තරමට පොලිම් නෑ. NIC කොපි එකක් අරන් යන්න ඕනේ. සමහර Bank වල branch වලින් ටින් ලෙටර් එකේ කොපියකුත් ඉල්ලනවා. Form එක දුන්නා කියලා acknowledgement receipt එකක් දුන්නේ BOC විතරයි. බැංකු වල පෝලිම් branch එකෙන් branch එකට සාපේක්ෂයි. මම ගියපු බැංකු වලින් BOC හැර අනිත් බැංකු වල නම් තමන්ගේ account එක තියෙන branch එකටම ෆෝම් එක දෙන්න ඕනේ කියලා එකක් නෑ.



    කට්ටිය කිව්ව වගේ මම උදේම ළගම තිබ්බ IRD branch එකට (මහරගම) ගියා. උදේම ගිය නිසා පෝලිමක් තිබ්බේ නෑ TIN එක ගන්න ඕනේ කිව්ව, පොතේ sign කරලා ඇතුලට ගිහින් TIN letter එක ඉල්ලන් ආවා. මෙතනදි දෙන්නේ copy එකක්. Original එක ගන්නේ කොහොමද කියලා දන්නේ නෑ. යනකොට මතක ඇතුව NIC එකේ copy එකක් අරන් යන්න.
    කලින් ත්‍රේඩ් එකේ කෙනෙක් කිව්ව PIN එකත් ඉල්ලා ගන්න කියලා website එකට login වෙන්න. එතනින් ඇහුවම නම් කිව්වේ එකට ලොග් වෙන්න ඕනේ annual income 1.8 mil. ට වැඩි අය tax return දාන්න එහෙම වැඩ වලට කියලා. මට එච්චර සල්ලි නැති නිසා මම ඕනේ නෑ කියලා ආවා 🙂 (ඒක එවෙලේම ගන්න බැරි කතාවකුත් කියනවා ඇහුනා මට පස්සේ ආව කෙනෙක්ට, sure නෑ හැබැයි)

    ඊට පස්සේ මම කලින් පුරවන් ආව declaration form (IRD website එකෙන් download කරගන්න පුළුවන්.) වල TIN එක දාලා මගේ account තියෙන බැංකු වලට ගියා. මුලින්ම ගියේ Commercial එතන ටිකක් ලොකු පෝලිමක් තිබ්බ. Form එක දුන්නම TIN letter එකත් ඉල්ලුවා, මන් එකේ copy එකකුත් දුන්න. මේක අනිවාර්ය නෑ. NIC එක අරන් ගියත් හරි. Form එක handover කළා කියලා මුකුත් document එකක් දුන්නේ නෑ Commercial එකෙන්.

    ඊළඟට ගියා BOC 🥴 මේකේ නම් පට්ට පෝලිම. හෙන වෙලාවක් ඉදලා දීලා ආවා. BOC එකෙන් නම් form එක දුන්නා කියලා acknowledge කරලා රිසිට් එකක් දෙනවා. BOC වල තව සීන් එකක් තියෙනවා. Branch කීපයක account තියෙනවා නම් අදාල branch වලට වෙන වෙනම දෙන්න ඕනේ 🫠 අපේ තාත්තාගේ FD එකක් තියෙනවා කැස්බෑව BOC එකේ ඉතින් අපිට එකට වෙනම එකක් දෙන්න උනා. (එතන නම් පෝලිමක් නෑ දෙතුන් දෙනයි හිටියේ 🙂) එක branch එකකට දීලා අනිත් එකට යවන්න කියන්නත් පුළුවන්, හැබැයි signature එකේ පොඩි වෙනසක් තිබ්බොත් ආයේ එවනවලු ඒ නිසා ගිහින්ම දුන්න. තව දෙයක් අනිත් brach එකට දෙනකොට අපි ෆොම් එකේ දැම්මේ එකේ තියෙන fd එකේ account number එක විතරයි, හැබැයි එතන counter එකෙන් අනිත් account number ටිකත් ඒ කොලේ දැම්මා.

    අන්තිමට ගියා NTB. පෝලිමක් ඇත්තෙම නෑ 😁 ගියා දුන්නා ආවා. NTB එකෙනුත් acknowledge කරලා රිසිට් එකක් දුන්නේ නෑ.

    මෙතනදි මට පොඩි ප්‍රශ්නයක් ආවා 2027 දී mature වෙන fd එකක account number එකත් මේ form එකේම දාන්න ඕනද කියල. (අවුරුද්දෙන් අවුරුද්දට නෙ declaration form දෙන්න ඕන.) Bank එකෙන් ඇහුවම කිව්ව දාලා දෙන්න කියලා කෝකටත්. මම නම් හිතන්නේ ඒක ඕන නෑ මොකද පොලිය ලැබෙන ආදායම් වර්ෂය මේක නොවන නිසා. කෝකටත් ඉතින් දාලා දුන්නා ඒකත්.

    තව දෙයක් ගොඩක් අය ඇවිල්ලා හිටියා TIN නැතුවත් form එක දෙන්න. ඒ අයට බැංකුවෙන් IRD එකට details යවලා TIN හදන සීන් එකක් තියෙනවා මම හිතන්නේ.

    පොලීයෙන් 10% කැපුනද නැද්ද කියලා මේ මාසේ අන්තිම කියන්නම්. 🙂
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බොහොම ස්තුතියි විස්තරේට.

    අපේ ගෙදර කෙනෙක්ගේ ID නම්බර් එක IRD එකේ ගැහුවම රෙජිස්ටර්ඩ් කියලා වැටෙන්නේ. එයාගේ ටින් නම්බර් එක දන්නේ නැහැ.

    අපිත් ඒ උනාට ඔයා දාලා තියෙන විදියටම ගිණුම් තියෙන බැංකු වලට ගිහින් ෆෝම් එක ෆිල් කරලා දීලා අව. ටින් නම්බර් එක දන්නේ නැති නිසා ඒක හිස්ව තිබ්බා.

    බැංකුවෙන් IRD එකට යැව්වම එහෙන් එක ෆිල් කරයි එහෙනං.

    පරණ කැපුන ඒවා ගන්න විදියක් දන්නේ නැද්ද?
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    පරණ කැපුන ඒවා ගන්න විදියක් දන්නේ නැද්ද?
    ඕකට නම් IRD ගිහින් ටිකක් ලොකු process එකක් කරන්න තියෙනවා කියලා තමයි කියන්නේ. දෙතුන් පාරක් යන්නත් ඕනලු. (source: FB 🫠)
    මාත් හරිම විස්තරයක් දන්නේ නෑ බ්‍රෝ. දැනගත්තොත් නූලක් දාලා අපිටත් කියන්න. 🙂
     
    • Like
    Reactions: Janatha Jhon

    Techefy

    Active member
  • Aug 10, 2022
    168
    138
    43
    බොහොම ස්තුතියි විස්තරේට.

    අපේ ගෙදර කෙනෙක්ගේ ID නම්බර් එක IRD එකේ ගැහුවම රෙජිස්ටර්ඩ් කියලා වැටෙන්නේ. එයාගේ ටින් නම්බර් එක දන්නේ නැහැ.

    අපිත් ඒ උනාට ඔයා දාලා තියෙන විදියටම ගිණුම් තියෙන බැංකු වලට ගිහින් ෆෝම් එක ෆිල් කරලා දීලා අව. ටින් නම්බර් එක දන්නේ නැති නිසා ඒක හිස්ව තිබ්බා.

    බැංකුවෙන් IRD එකට යැව්වම එහෙන් එක ෆිල් කරයි එහෙනං.

    පරණ කැපුන ඒවා ගන්න විදියක් දන්නේ නැද්ද?

    ඕකට නම් IRD ගිහින් ටිකක් ලොකු process එකක් කරන්න තියෙනවා කියලා තමයි කියන්නේ. දෙතුන් පාරක් යන්නත් ඕනලු. (source: FB 🫠)
    මාත් හරිම විස්තරයක් දන්නේ නෑ බ්‍රෝ. දැනගත්තොත් නූලක් දාලා අපිටත් කියන්න. 🙂
    Danagaththoth wisharayak daanna machan. matath danaganna ona thnks