TOP 250 YOUTUBERS IN SRI LANKA SORTED BY SB RANK

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    බඩ චුට්ටක් අඩුකරගන්න

    ඔබටත් දුවන්න, එක්සසයිස් කරන්න, මස් කන්නෙපා, බියර් බොන්නෙපා, ජිම් යන්න කියල අහලා අහලාම එපා වෙලා නං මේ සටහන ඔබටයි. අප ජීවත් වුනු ජීවන රටාවෙන් අත්මිදිල කෙට්ටුවෙනවට වඩා හොඳයි මහතටම ඉන්න එක කියල ඔබටත් හිතෙන්නට පුළුවන්. මේ තියෙන්නෙ ඔබ මෙතෙක් නොසිතූ සහ සමහරවිට නොදන්නා එවන් පිළියම් පහක්.





    1. පැණි පාර
    Honey
    මී වදයකී ජීවිතේ
    Source – trusper.com, 123rf.com
    උදේට වෙනදට වඩා පැයකට කලින් එලාම් තියන්න. මීපැණි හැන්දක් බොන්න. වතුර වීදුරැවක් බොන්න. මේක බොන්න කලින් වෙන මොකුත් බොන්න එහෙම නං එපා. බීලා පැයක් යනකං වෙන මොකුත් නොකානොබී ඉන්න. කලින් ඇහැරෙන එක දවසෙ ප්ලෑන් ටික ගොඩදාගන්නත් උදවුවක් වෙයි. ඒ පැය තුළ ඇඟ ඇතුළෙ බෙහෙත වැඩ කරනව හොඳින් දැනේවි.



    2. හැමදාම බස් හෝල්ට් 4ක walk එකක්
    The Bus Halt Walk
    ඔය හෝල්ට් 4 මෙහෙමම ඇවිද්ද නම් තමා හොඳ
    Source: youtube.com
    වැඩට යන ගමන් වෙනදට නගින බස් හොල්ට් එකට වඩා එක හෝල්ට් එකක් ඉස්සරහට ඇවිදගෙන යන්න. ඔන්න හෝල්ට් එකක් ඇවිද්ද. වෙනදට බහිනවට වඩා එක හෝල්ට් එකක් කලින් බහින්න. ඔන්න හෝල්ට් දෙකක්. ආයි ගෙදර යන ගමන් මේකම ආයෙත් කරන්න. දැන් ඒ විදිහට බැලුවම නොදැණුවත්වම දවසට බස් හෝල්ට් 4ක් ඇවිදල තියෙනව.



    3. සුදුළූනු
    Garlic
    සුදු ළුනු කාල බලමුද?
    Source – thatsnotfood.com
    සුදු ළූණු කියන්නෙ බඩ බස්සන්න අනිවා මරැ බෙහෙතක්. හැම කෑම වේලකටම සුදුළූණු එකතු කරගන්න පුළුවන්නං හොඳයි. සමහරැ සුදු ළූණු උයල කන්න කැමති වුනාට සමහරැ එහෙම නැහැ. අනික වේල් තුනටම සුදු ළූණු උයන්නත් බැහැ. එනිසා තමයි මේ පිලියම. සුදු ළූණු බික් තුනක් බත් කන ගමන් කන්න උත්සාහ කරන්න. ඒක අමාරැයි වගේ නං සුදු ළූණු බික් තුන පිහියකින් පොඩියට කපලා ලුනු ටිකක් උඩින් දාගතතනං බත් එකත් එක්කම අනාගන්න පුළුවන්. ලේසියි පහසුයි.



    4. රෑට කෑම
    Dinner Clock
    පුළුවන් නම් පොඩ්ඩක් කලින් කාල බලන්න.
    Source: clipartbest.com, migrationology.com
    ගොඩක් වෙලාවට කාර්යබහුල මිනිසුන් ‍නිදහසේම ගන්නා ආහාර වේල විදියට රාත්‍රී කෑම වේල දැක්විය හැකියි. එනිසා සමහර විට එය රාත්‍රී 9-10 තෙක් දිග ඇදෙන්නට ඉඩ තිබෙනවා. එයින් පසු කෙලින්ම නින්දට වැටෙන නිසා එය ඔවුන්ගේ සිරැරට නම් එතරම් සුවදායක වන්නෙ නෑ. එනිසා රාත්‍රී 6.30ත් 7ත් අතර රාත්‍රී ආහාරය ගැනීම එය ජීර්ණයට සේම බර අඩු කරන්නත් උදවුවක් වෙනවා.



    5. අන්නාසි උගුරක්
    Pineapple Juice
    අන්නාසි උගුරක් බීල බලන්න වෙන දේ
    Source – ehow.com
    සරල අන්නාසි පානයක් සාදාගෙන පානයට හැකි නම එය සිරැරේ ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යයන් ක්‍රමවත් කිරීමට සේම පහසු කිරීමට මහඟු උපයෝගීතාවයක් දක්වනු ඇති. අන්නාසි තුළ ආහාර ජීරණය පහසු කරවන අම්ල අඩංගු අතර, ප්‍රෝටීන් පදාර්ථ කැඩීමේ හැකියාවට ඇති නිසා ආහාර ජීරණය ඉක්මන් කරවයි.



    Source -Facebook
     
    Last edited: