Toyota Land Cruiser Prado 120

aruna47

Well-known member
  • Toyota Land Cruiser Prado 120
    තුන්වැනි පරම්පරාව


    tuning-obves-original-toyota-land-cruiser-120-prado-r02-0283.jpg


    මුලින්ම ප්‍රාඩෝ එක හදුන්වලා දුන්නේ 2002දී පෙට්‍රල් 2700cc straight-4 3RZ-FE, 3400cc V-6 5VZ-FE සහ 3000cc straight-4 Turbo diesel 1KZ-TE යන එංජින් වලින් ටොයෝටා සමාගම නිකුත් කරා.

    2005 දී පෙට්‍රෝල් 2700cc 3RZ එංජිම වෙනුවට 2700cc dual vvti 2TR-FE කියන එන්ජිමත් 3400cc 5VZ-FE කියන එන්ජිම වෙනුවට 4000cc v6 1GR-FE කියන එංජින් එන ප්‍රාඩෝ එලි දැක්වුවා. තව උතුරු ඇමරිකාවට ලේක්සස් නමින් 4700cc පෙට්‍රෝල් V8 2UZ-FE එන්ජිමක් සහිත ප්‍රාඩෝ එකක්ද නිෂ්පාදනය කරා.



    මෙම ජීප් රථය වර්ග තුනකින් පැමිණියා

    TX
    TX-Limited
    TZ


    ලංකාවේ ටොයෝටා කම්පනිය හරහා ආවේ,

    GR (manual) සහ VX (auto) යන මාදිලි


    2002 සිට 2009 වෙනකම් මේ ප්‍රාඩෝ ලෑන්ඩ් කෘසර් එක නිෂ්පාදනය කරා. අද ලංකාවේ ඕන තරම් මේ ලෑන්ඩ් කෘසර් තියෙනවා. 2002 දී මේ ජීප් රථය ලංකාවට එන විට ලංකාවේ මිල රුපියල් ලක්ෂ 130ක් උනා ඒ එන්ජින් ධාරිතාව 2700cc මෙහි 3400cc එංජින් ධාරිතාවය ඇති ජීප් රථය ලක්ෂ 145ක් මිලටද ඩිසල් ජීප් රථය ලක්ෂ 168ක් මුදලට ලංකාවට ගෙන්නුවා.

    2005 පසුව නිෂ්පාදනය කරන ලද ජීප් රථවලත් මිල 2002 තිබුනට වඩා පොඩි වෙනසක් උනත් ප්‍රාඩෝ රථයේ 4000cc 1GR එන්ජිම සහිත පැමිණි TZ මාදිලියේ ජීප් රථය ලක්ෂ 220ක් පමණ උනා. මෙම ජීප් රථය සියලු අංගෝපාංග වලින් සමන්විත උනා.


    toyota-land-cruiser-prado-120-27-photo-820x340.jpg


    ලංකාවේ අද 2002 සිට 2004 දක්වා මාදිලි වල මිල,

    පෙට්‍රල් ලක්ෂ 55 අඩුයි.
    ඩිසල් ලක්ෂ 80 අඩුයි.


    2005 සිට 2009 මාදිලි වල මිල,

    පෙට්‍රල් ලක්ෂ 60-70 අතර
    ඩිසල් ලක්ෂ 90-110 අතර



    ලංකාවේ ටොයෝටා කම්පනිය හරහා ගෙන්වන ලද හුගක් ජීප් රථවල මේ ප්‍රශ්න තියෙනවා,

    dashboard පැලිලා
    ඇතුල දුර්වර්ණ වෙලා (සිට් සහ side panel)


    recondition වාහන වල ඒ කියන්නේ JDM වල මේ ප්‍රශ්නේ නැහැ. අපේ ටොයෝටා එක හරහා ගෙන හුගක් වාහන මේ දේ වෙනවා. දන්නා එකෙක් නම් කිව්වේ තත්වය බාල එව්වා import කරනවා කියලා.

    මේ ප්‍රාඩෝ රථයේ නඩත්තුව ගැන කතා කලොත් පෙට්‍රල් ජීප් රථය නම් නඩත්තුව සදහා යන වියදම හුගක් අඩුයි. 2700cc එන්ජිමක් එන ජීප් රථයක් පෙට්‍රල් කරනවා කොළඹ 6.5 කොළඹින් පිට 8.5 කරනවා,

    මේකේ 3400cc එන්ජින් එන එක ගන්න එපා මොකද 3400 සහ 4000 එන්ජින් ධාරිතාව එන ජීප් රථ දෙකම එකම ගාන කරන්න පෙට්‍රල් 5.5 කොළඹ , කොළඹින් පිට 6.5 කරන්නේ.

    ඩිසල් 5L එන්ජිම එන එක නම් ගොනා මොඩල් හැබැයි වියදම අඩුයි පට්ට ගහන්න පුළුවන්. ඩිසල් 1KZ 3000cc එන්ජිම එන ජීප් රථය නම් කොළඹ 7ක් කරනවා කොළඹින් පිට 10ක් කරනවා. හැබැයි නඩත්තුව සදහා යන වියදමින් ප්‍රාඩෝ පෙට්‍රල් එකක් පදින්න පුළුවන් :P..


    මේ වාහනේ ගන්න කලින් බලන්න,

    suspension (ඩිසල් අනිවාරයෙන්), ඇතුලත සහ පිටත condition එක මොකද හැපිච්චා ඕන තරම් තියෙනවා. ඩිසල් නම් පොඩ්ඩක් හොද බාස් කෙනෙක්ට පෙන්වන්න.

    50,000 වඩා අඩුවෙන් දුවලා තියෙනවා නම් ටයර් වල serial numbers හතරේම එකමද කියලා බලන්න. අපේ බයියලා මීටර් කරකවනවා. sunroof පොඩ්ඩක් හොදට බලවන්න. මේ මොඩල් වල මාර්කට් sunroof අපු මොඩල්.

    ටයර් එක පිටි පස්සේ ආපු මොඩල් එකට වඩා නැති එක මාර්කට්. ඒ උනාට accident එකකදි පිටි පස්සේ ටයර් එක ආපු මොඩල් එකෙන් ගොඩක් බේරෙනවා. නැති එක ඉතින් සොරිම තමයි. මම නම් කියන්නේ පිටි පස්සේ ටයර් එක ආපු එක හොදයි.

    හුගක් අය TX-L කියලා විකුනනවා. TXL නම් leather සිට සහ sunroof තියෙනවා තව multi function,බොඩි කිට් එක තියෙනවා ගන්න කලින් බලන්න. ඉස්සරහා යටින් ෆොග් ලයිට් දෙකක් එනවා. පිටිපස්සේ දොරේ නෙම ටයර් එක එන්නේ.

    UK හදපු එකක් නම් invisible කියලා එන්නේ,
    LC3 කියන්නේ බේසික්
    LC4 කියන්නේ සන්රුෆ් නැහැ air suspension නැහැ.
    LC5 කියන්නේ fully loaded හැම දේම තියෙනවා

    ප්‍රාඩෝ එක ගන්නවා නම් හම්බයෝ ජිල්මාර්ට් දානවා බලාගෙන ගන්න තව RMV පොත check කරවලා ගන්න.
    ඩිසල් නම් KDJ120
    පෙට්‍රල් නම් TRJ120
    බේසික් නම් GRJ120
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරහ නැතුව උදව්වක් විදියට දැනට ලරිසිංකාවෙ තියන තොයොතා අැක්වා කාර් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් ද?
     

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16574080 said:
    වැදගත් ලිපියක් :D... හැබැයි ඉතින් අපිට කොයින්ද කුකුලෝ ප්‍රාඩෝ :rofl::rofl:

    වලතරයා වගේ ඔඩෙස්ක් එකේ හරි ෆිවර් එකේ වැඩ කරපන් ගන්න පුළුවන්
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    2014-toyota-land-cruiser-featured.jpg


    2014-toyota-land-cruiser-prado-unveiled-2.jpg


    2014-toyota-land-cruiser-prado-3.jpg


    2014-toyota-land-cruiser-prado-reviewed-by-car-advice-71107-7.jpg


    machan uda thiyenne uae wala 2014 1Q eke (AL FUTTAIM MOTORS) release karapu TOYOTA LAND CRUISER PRADO

    Audio AM/FM/CD/USB/AUX/BT
    Steering Wheel Audio & Telephone Control
    6 Speakers
    Manual Air Conditioning with Rear Air Vents
    Urethane Steering Wheel
    Cool Box
    Fabric Seats
    Foldable 2nd Row Seats (60:40)
    Foldable 3rd Row Seats
    Floormats
    Dual Front Airbags
    Anti Lock Braking System (ABS)
    Power Steering
    Power Windows
    Door Handles Black
    Door Mirrors- Black/Powered
    Keyless Entry
    Floor Mounted Spare Wheel
    Roof Spoiler
    Halogen Headlamps
    17" Steel Wheels

    Cruise Control
    Rear View Mirror-Auto Dimming with Rear View Camera*
    Vehicle Stability Control (VSC)
    Traction Control (TRC)
    DUAL ZONE AUTO AIR CONDITIONING (FR&RR)
    Leather Steering Wheel
    Side Steps
    Chrome Exhaust Tip
    Front Fog Lamps
    Rear Parking Sensors*
    Door Handles Body Colored
    Door Mirrors- Body Colored/Powered/Retractable

    Front Seats Powered
    Navigation AM/FM/CD/USB/AUX/BT
    Steering Wheel Audio & Telephone Control Not Available
    Leather Seats*
    Dual Front Airbags/Side/Curtain/Knee
    Reverse Camera

    Thawa wistara methanin.. http://tinyurl.com/n7ldnzp
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔන්න අරු දැන් දුවගෙන ඇවිත් උබටත් කියයි ගැරේජ් කාරයෙක් කියල :lol:
    දන්නවනම් nissan petrol ගැන යමක් දාපන්කෝ
     

    aruna47

    Well-known member
  • ඔන්න අරු දැන් දුවගෙන ඇවිත් උබටත් කියයි ගැරේජ් කාරයෙක් කියල :lol:
    දන්නවනම් nissan petrol ගැන යමක් දාපන්කෝ

    බල්ලෝ බුරති සඳ පායති බන් ...
    එල මම දාන්නම් මචන් ;)