Toyota Premio 2019 vs Honda Insight 2019: උදව්වක් ඕනේ!

Mar 16, 2019
9
2
3
Toyota Premio 2019 vs Honda Insight 2019: උදව්වක් ඕනේ!

මචන්ලා පර්මිට් එකට කාර් එකක් ගන්න කියලා බැලුවේ. හැම එකක්ම බලලා දැන් වාහන දෙකක හිරවෙලා ඉන්නේ මොකද්ද ගන්න කියල. දැනට මම හොයාගත්ත ටික මෙහෙමයි.

Honda Insight EX 2019

d5499911324890588267d8390264ffa7x.jpg


මේ අවුරුද්දේ අලුතින් ආපු 3rd generation එක. පට්ටම ලුක් එකක් තියෙන්නේ.

Pros:
- Honda Sensing,
- Excellent fuel economy,
- Stunning look,
- AC vents for the back row and many more options that the Premio

Cons:
- පාර්ට්ස් හොයාගන්න අඩුයි අලුත් නිසා?
- පස්සේ විකුනන්න උනොත් මාර්කට් value එක නැති වෙයිද?
- මේකේ එන්නේ හොන්ඩ වල අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් එක. ට්‍රාන්ස්මිෂන් එකක් නෑ. එන්ජින් එක වැඩ කරන්නේ ජෙනරටර් එකක් විදිහට 90% වෙලාවට. එන්ජිනේ එකට හයිවේ ස්පීඩ් වලට විතරක් කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න තනි ගියර් ලෙවල් එකක් තියනවා. මේ වෙලාවේ ඇරෙන්න අනිත් වෙලාවල් වල එන්ජින් එක තව ඉලෙක්ට්‍රික් මෝටර් එකක් කරකවල තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. දන්නා තරමින් අලුත් CRV Hybrid එකෙත් මේකම තමයි තියෙන්නේ. අලුත් නිසා මෙහෙ හරියට සර්විස් කරන්න පුළුවන් වෙයිද?, අවුල් ඒවිද? (like the dual clutch issue with vezel) කියන ඒවා ප්‍රශ්නයක්?

Toyota Premio F EX 2019

2017-Toyota-Premio-Front.jpg


Pros:
- ඇතුල මාරම කම්ෆර්ටබල්.
- හයිබ්‍රිඩ් තරම්ම නැති උනත් තෙල් වැඩ හොඳට
- ලස්සනයි
- resale value අවුලක්ම නෑ
- සර්විස් ප්‍රශ්න නෑ, පාර්ට්ස් තියනවා ඕන තරම්
- Reliable car

Cons:
- අලුත් එකේ කියල කිසි වෙනසක් නෑ?
- ගෙවන ගානට දෙන options නැති තරම්. CHR එකෙත් මීට වඩා තියනවා?
- Driving pleasure එක කෝමද?

මේ වාහන දෙකෙන් එකක්වත් මම කලින් පැදල නෑ. කලින් තිබුනේ Avanza එකක්. වාහනේ තව ගොඩ කාලෙකට විකුනන්නේ නැති වෙයි. හැම සතියකම මාතර-කොළඹ යනවා වාහනෙන්.

මචන්ලා ගේ අදහස මොකද්ද? දෙකම එකම වගේ ගාන :(