train ticket බුක් කොරමු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    සිංහලුන්ට තියෙන පස්නයක් තමා ට්‍රේන් ටිකට් බුක් කරන්නෙ කොහොමද කියලා. බුක් කොරනව කිවුවෙ ඔය ට්‍රිප් එකක් යන්න, දුර පැත්තකට යම්න intercity train බුක් කොරන විදිය. මොනා කරන්නත් ට්‍රේන් ටිකට් බුක් කරනව නම් ඉතින් සතියකට විතර කලින්වත් කරන්න ඕනෙ(වීක් එන්ඩ්, නිවාඩු දවසක ට්‍රේන් එකක් නම් මාසෙකට කලින්වත් කරපල්ල). ඊලගට ට්‍රේන් ටයිම් ටේබල් එක බලලා අදාල දිනේට තියෙන ට්‍රේන් එකක් තෝරගත්ත නම් ටිකට් එක බුක් කරන්න ලේසී.

    මේක කරන්න විදි තුනක් තියේ

    1. ප්‍රධාන දුම්රිය ස්ථාන වල ආසන වෙන් කිරීමේ කවුලුව කියලා එකක් තියේ, එහෙමයි කියලා ගමේ ස්ටේසමෙන් අහන්න යන්න එපා මෙන්න මෙතනින් ඒ ස්ටේසන් ලිස්ට් එක ගම්න. ඒකට ගිහින් අහවල් දවසෙ අහවල් ට්‍රේන් එකේ ටිකට් එකක් ගන්න පුලුවන්ද කියලා ඇහුවම සීට් තියේ නම් ඉන්න ඩෑල් එක පොඩි කොලයක් පුරවල දෙන්න කියයි, ඒකට යන උන්ගෙ අයිඩී නම්බර් ටික දාල සල්ලි ගෙවුවම එවෙලම ටිකට් එකත් ප්‍රින්ට් කොරලා දෙයි.

    කොටුව ඉස්ටේසමේ කවුන්ටරේ නම් පැය 24ම ඇරලා කියලා කියන්නෙ. අනිත් ස්ටේසන් වල නම් කවුන්ටරේ ඇරලා තියෙන වෙලාවල් නම් වෙනස් වෙනව.



    2. mticketing වලින්

    මොබිටෙල් පෝන් එකකින් 365 ට කෝල් එකක් අරන් ඒකෙ ඉන්න නම්කි කෙනෙක්ට කියලා ටිකට් බුක් කරගන්න පුලුවන්. ටිකට් එකට අවශ්‍ය විස්තර දුන්නට පස්සෙ ටිකට් වලට අදාල ගාන + reservation charges කියලා දෙකක මුලු මුදල පෝන් එකේ balance එකෙන් අඩුවෙනව, එතකොට ඉතින් මේ මුලු මුදලට සමාන හෝ ඊට වැඩි ගානක්

    තමන්ගෙ පෝන් එකේ balance එක විදියට තියෙන්න ඕනෙ (පොස්ට් පෛඩ් අයට නම් බිලට එකතු වෙන්නෙ). අන්තිමට පෝන් එකට මැසේජ් එකක් එයි reference number එකක් ඊට පස්සෙ ඒ නම්බර් එක මොබිටෙල් බ්‍රාන්ච් එකක් හරි කොටුව ස්ටේසමේ මොබිටෙල් කවුටර් එකට දීලා ටිකට් ප්‍රින්ට් කොරගන්න තියෙන්නෙ.

    ආ තව විසේසම එක තමා ටිකට් බුක් කොරන්න කතා කරද්දි රු8+ටැක්ස් කැපෙනව ඒක නිසා කතා කරන මගුලක් ඉක්මනට කරගන්න එක හොදා

    අනිත් එක තමා ඩෑලොග් එකෙනුත් 444 කතා කරලා පුලුවන් කියලා දැක්ක හැබැයි මන් කොරලා නම් නෑ. ඒකත් මොබිටෙල් එක වගේම වෙම්න ඇති.


    3. ඔන්ලයින් සයිට් එකෙන්

    මේක තමා ලේසිම සහ ලාබම වැඩේ මෙතන ලින්ක් එකෙන් ටිකට් බුකින් සයිට් එකට යන්න. ගිහින් පලවෙනිපාර එකවුන්ට් එකක් හදාගෙන වෙරිෆයි කරගන්න. ඊට පස්සෙ ඉතින් සරලව ඕනෙ විදියට ටිකට් බුක් කරන්න පුලුවන්, මේකෙදි ටිකට් වල ගාන + service charge එකක් ගන්නව. පේමන්ට් කරන්න කාඩ් එකෙන් පුලුවන් ඊට පස්සෙ පෝන් එකටයි මේල් එකටයි එනව පහල තියෙනව වගේ reference number එකක්. (මගෙ ටිකට් එකේ reference number මැකුවා හොදේ)

    Capture.JPG


    ඊට පස්සෙ අර 1වෙනි එකේ කිවුව ස්ටේසන් සෙට් එකෙන් එකකට ගිහින් reference number එක කවුටරේ එකාට දීලා වටේ ටිකට් බුක් කරන්න ෆෝම් පුරෝන උන්ට පේන්නත් එක්ක ඩෑල් එක වගේ ටිකට් එක අරන් එන්න තියෙන්නෙ.

    අන්තිමටම බැරි වෙලාවත් ටිකට් බුක් කරලා ගමන යන්න උනේ නැත්නම් refund ගන්න පුලුවන් ස්ටේසමට ගිහින්, ටිකට් වැලියු එකෙන් 75% වෙනකම් පුලුවන්ලු මන් නම් අරන් නෑ. ඒකට අර උඩ සයිට් එකේ refund & cancellation policy එක කියවපල්ල.

    එහෙනම් කොල්ලො අපි ගියා :P :rofl:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඇයි බන් ඔන්ලයින් බුක් කලාම ස්ටේසන් එකටත් ගිහින් පිසිකල් ටිකට් එකක් ගන්න කියන්නේ
    හෙනම ගොන් වැඩක් නේ ඒක
    එහෙනම් ඔන්ලයින් නොකියා වෙන මොකක් හරි වචනයක් දා ගන්න ඕන
    එකත් හැම ස්ටේසන් එකකින්ම ගන්නත් බැහැ
    සුද්දෝ පුකෙන් හිනා වෙනවා ඇත්තේ සිංහලුන්ගේ සිස්ටම් වලට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    ඇයි බන් ඔන්ලයින් බුක් කලාම ස්ටේසන් එකටත් ගිහින් පිසිකල් ටිකට් එකක් ගන්න කියන්නේ
    හෙනම ගොන් වැඩක් නේ ඒක
    එහෙනම් ඔන්ලයින් නොකියා වෙන මොකක් හරි වචනයක් දා ගන්න ඕන
    ඕක මුලින් ඔන්ලයින් සයිට් එක දානවටත් රේල්වේ එකේ උන් කැමති උනේ නෑ :P
    ඉස්සරහට ඒ ගිහිල්ල ගන්න කෑල්ලත් හැලිලා ගියා නම් වටිනව
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    ඒ පිසිකල් ටිකට් එක ගන්න ඕනෙ යන දවස ඇතුලත නේද? කලින් දවසක ගිහින් ගන්න බෑ නේද?
    බුක් කරලා reference number එක තියේ නම් ටිකට් කවුන්ටරේ ඇරලා තියෙන ඕනෙම වෙලාවක යන්න කලින් ගන්න පුලුවන් ;)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ CGR එකේ හණමිටිකාර මීහරක් ටික අයින් කෙරුවනම් මෙතියන සමපත් වලින්ම සුපිරිම සේවයක් මිනිස්සුන්ටයි රටටයි දෙන්න පුළුවන්..... :yes:
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    refund එකක් ගන්න නම් පැය 48කට කලින් කැන්සල් කරන්න ඕනෙද කොහේ :rolleyes:
    Ticket එකේ පිටපත්තේ ගහල තියෙනවා.. මම කලින්පාරක් refund ගත්ත.. දැන් එහෙනම් වෙනස් කරලා ඇති මචන්...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    Ticket එකේ පිටපත්තේ ගහල තියෙනවා.. මම කලින්පාරක් refund ගත්ත.. දැන් එහෙනම් වෙනස් කරලා ඇති මචන්...
    දැන් වෙනස් කරලලු
    scan0002.jpg

    ටිකට් එකේ පිටිපස්සෙ තිබ්බට සයිට් එකේ එක බලන්නලු

    scan0001.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    Tfs මචෝ....
    මේ දවස් වල කෝච්චි බුක් වෙලා හෙනට. කස්ටිය කෝච්චියෙමයි ගමන..
    ඒක තමා වෙලා තියෙන්නෙ
    මට එන්න ට්‍රේන් එකක් බුක් කරගන්න විදියක් නෑ :dull: :baffled: