සිංහලුන්ට තියෙන පස්නයක් තමා ට්‍රේන් ටිකට් බුක් කරන්නෙ කොහොමද කියලා. බුක් කොරනව කිවුවෙ ඔය ට්‍රිප් එකක් යන්න, දුර පැත්තකට යම්න intercity train බුක් කොරන විදිය. මොනා කරන්නත් ට්‍රේන් ටිකට් බුක් කරනව නම් ඉතින් සතියකට විතර කලින්වත් කරන්න ඕනෙ(වීක් එන්ඩ්, නිවාඩු දවසක ට්‍රේන් එකක් නම් මාසෙකට කලින්වත් කරපල්ල). ඊලගට ට්‍රේන් ටයිම් ටේබල් එක බලලා අදාල දිනේට තියෙන ට්‍රේන් එකක් තෝරගත්ත නම් ටිකට් එක බුක් කරන්න ලේසී.
මේක කරන්න විදි තුනක් තියේ
1. ප්‍රධාන දුම්රිය ස්ථාන වල ආසන වෙන් කිරීමේ කවුලුව කියලා එකක් තියේ, එහෙමයි කියලා ගමේ ස්ටේසමෙන් අහන්න යන්න එපා මෙන්න මෙතනින් ඒ ස්ටේසන් ලිස්ට් එක ගම්න. ඒකට ගිහින් අහවල් දවසෙ අහවල් ට්‍රේන් එකේ ටිකට් එකක් ගන්න පුලුවන්ද කියලා ඇහුවම සීට් තියේ නම් ඉන්න ඩෑල් එක පොඩි කොලයක් පුරවල දෙන්න කියයි, ඒකට යන උන්ගෙ අයිඩී නම්බර් ටික දාල සල්ලි ගෙවුවම එවෙලම ටිකට් එකත් ප්‍රින්ට් කොරලා දෙයි.
කොටුව ඉස්ටේසමේ කවුන්ටරේ නම් පැය 24ම ඇරලා කියලා කියන්නෙ. අනිත් ස්ටේසන් වල නම් කවුන්ටරේ ඇරලා තියෙන වෙලාවල් නම් වෙනස් වෙනව.
2. mticketing වලින්
මොබිටෙල් පෝන් එකකින් 365 ට කෝල් එකක් අරන් ඒකෙ ඉන්න නම්කි කෙනෙක්ට කියලා ටිකට් බුක් කරගන්න පුලුවන්. ටිකට් එකට අවශ්‍ය විස්තර දුන්නට පස්සෙ ටිකට් වලට අදාල ගාන + reservation charges කියලා දෙකක මුලු මුදල පෝන් එකේ balance එකෙන් අඩුවෙනව, එතකොට ඉතින් මේ මුලු මුදලට සමාන හෝ ඊට වැඩි ගානක්
තමන්ගෙ පෝන් එකේ balance එක විදියට තියෙන්න ඕනෙ (පොස්ට් පෛඩ් අයට නම් බිලට එකතු වෙන්නෙ). අන්තිමට පෝන් එකට මැසේජ් එකක් එයි reference number එකක් ඊට පස්සෙ ඒ නම්බර් එක මොබිටෙල් බ්‍රාන්ච් එකක් හරි කොටුව ස්ටේසමේ මොබිටෙල් කවුටර් එකට දීලා ටිකට් ප්‍රින්ට් කොරගන්න තියෙන්නෙ.
ආ තව විසේසම එක තමා ටිකට් බුක් කොරන්න කතා කරද්දි රු8+ටැක්ස් කැපෙනව ඒක නිසා කතා කරන මගුලක් ඉක්මනට කරගන්න එක හොදා
අනිත් එක තමා ඩෑලොග් එකෙනුත් 444 කතා කරලා පුලුවන් කියලා දැක්ක හැබැයි මන් කොරලා නම් නෑ. ඒකත් මොබිටෙල් එක වගේම වෙම්න ඇති.
3. ඔන්ලයින් සයිට් එකෙන්
මේක තමා ලේසිම සහ ලාබම වැඩේ මෙතන ලින්ක් එකෙන් ටිකට් බුකින් සයිට් එකට යන්න. ගිහින් පලවෙනිපාර එකවුන්ට් එකක් හදාගෙන වෙරිෆයි කරගන්න. ඊට පස්සෙ ඉතින් සරලව ඕනෙ විදියට ටිකට් බුක් කරන්න පුලුවන්, මේකෙදි ටිකට් වල ගාන + service charge එකක් ගන්නව. පේමන්ට් කරන්න කාඩ් එකෙන් පුලුවන් ඊට පස්සෙ පෝන් එකටයි මේල් එකටයි එනව පහල තියෙනව වගේ reference number එකක්. (මගෙ ටිකට් එකේ reference number මැකුවා හොදේ)
ඊට පස්සෙ අර 1වෙනි එකේ කිවුව ස්ටේසන් සෙට් එකෙන් එකකට ගිහින් reference number එක කවුටරේ එකාට දීලා වටේ ටිකට් බුක් කරන්න ෆෝම් පුරෝන උන්ට පේන්නත් එක්ක ඩෑල් එක වගේ ටිකට් එක අරන් එන්න තියෙන්නෙ.
අන්තිමටම බැරි වෙලාවත් ටිකට් බුක් කරලා ගමන යන්න උනේ නැත්නම් refund ගන්න පුලුවන් ස්ටේසමට ගිහින්, ටිකට් වැලියු එකෙන් 75% වෙනකම් පුලුවන්ලු මන් නම් අරන් නෑ. ඒකට අර උඩ සයිට් එකේ refund & cancellation policy එක කියවපල්ල.
එහෙනම් කොල්ලො අපි ගියා