තර්කය
බුදු දහමේ එන ප්‍රධාන ඉගැන්වීම් 2කි චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍යයේ එන තෙවන කරුණ නම් දුකින් මිදෙන මඟ තණ්හාව දුරු කිරීම යන්නයි. සිව්වන සත්‍යය වන්නේ දුක දුරු කිරීමට මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නයි. නමුත් එය අනුගමනය කිරීමට නම් එම මාර්ගය පිළිබඳ ආශාවක්/තණ්හාවක් ඇතිකරගත යුතු වේ. එබැවින් එම තර්කය තුළ ම බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීම වන චතුරාර්ය සත්‍යයේ වලංගු භාවය බිඳවැටේ. මන්ද මෙම කරුණු දෙක ස්ව-ප්‍රතිවිරුද්ධ (Self-Contradictory) වන නිසා ය.
මෙම තර්කය නගා තිබුණේ Dr. Zakir Naik නැමැත්තෙකු විසින් වෙනත් වෙබ් අඩවියක ය.
පිළිතුර
මුලින්ම කිව යුතු කරුණක් තිබේ. එනම් අන්‍යාගමිකයෙකු වුවද මේවා හැදෑරීම(කුහක අදහසකින් හෝ)පිළිබද ස්‍තූතිය පළකල යුතු ය.
බැලූ බැල්මට ඉතා බලවත් ස්වභාවයක් ගත්ත ද මෙය හුදෙක් කරුණු වටහාගැනීමේ දුර්වලතාවය මත නැගුණු ගැටලුවක් පමණි.
මුලින්ම ආර්ය චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මොනවාදැයි සලකා බැලීම වටී.
චතුරාර්ය සත්‍යය යනු,
1. දුක්ඛ ආර්ය සත්‍යය: සියලූ සවිඤ්ඤාණක ජීවීන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී දුක් රාශියකට නිතර ලක්වේ. නමුත් ඇතැමුන් සිතා සිටින්නේ "ජීවිතය එක් වෙලාවකට සැපයි; තව වෙලාවකට දුකයි" කියාය. අති බහුතරයක් වූ බෞද්ධ අබෞද්ධ ජනයා සිතා සිටින්නේ මෙලෙස ය. මෙයත් මිථ්‍යාවකි. සැපයි කියා සිතන හැම දේම ද ගැඹුරින් විමසා බලන කල දුක් ම බව පෙනේ. යමෙක් මෙම උතුම් වූ සත්‍යය නියමාකාරයෙන් හඳුනා නොගන්නා තාක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්මය නිසියාකාරව හදුනා නොගනී.
2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය: දුකට හේතුව තණ්හාවයි. බෞද්ධයන්ට මෙය සරල කරුණක් ලෙස පෙනුණ ද අන් අයට එසේ නැත. බුදු දහම හැර වෙනත් කිසිදු දහමක දුකට හේතුව තණ්හාව බව ඉගැන්වෙන්නේ නැති අතර ඔවුන් සෑම දුකකටම හේතුව ලෙස කියන්නේ 'දෙවියන්ගේ කැමැත්ත', නැතහොත් 'තමා කළ පවුකම්' කියා ය. නමුත් සත්‍ය වශයෙන් ම දුක යනු කරුණු 12කින් සමන්විත චක්‍රයක ප්‍රතිඵලයකි. එම චක්‍රය හැඳින්වෙන්නේ පටිච්චසමුප්පාදය කියා ය. දුක ඇතිකරවන ගාමක බලවේගය නම් තෘෂ්ණාවයි.
3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය: දුකට හේතුව වන තණ්හාව නැතිකිරීම තුලින් දුකින් නිරුද්ධ වීම සිදුවේ.
4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය: දුක නැතිකිරීමට මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව මින් පැහැදිලි කර දේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්,

- සම්මා දිට්ථි (නිවැරදි දෘෂ්ටිය)
- සම්මා සංකප්ප (නිවැරදි කල්පනාව)
- සම්මා වාචා (නිවැරදි වචනය)
- සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියාව)
- සම්මා ආජීව (නිවැරදිව ජීවත් වීම)
- සම්මා වායාම (නිවැරදි උත්සාහය)
- සම්මා සති (නිවැරදි සිහිය)
- සම්මා සමාධි (නිවැරදි සමාධිය - නිවැරදි ලෙස ප්‍රතිපදාව පිරීම)
==========================
මෙය කියවූ විට ඔබට එක් කරුණක් වැටහිය යුතු ය. එනම් මෙම ප්‍රතිපත්තිය ආශාවෙන් පුරණවා ය යන්න අර්ථ විරහිත බවයි. මෙම කරුණු සියල්ල අවශ්‍ය වන්නේ තෘෂ්ණාව දුරු කිරීමට ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු තෘෂ්ණාව දුරු කිරීමට ඇති එකම මාර්ගය වන අතර තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට පුරණ මාර්ගය තෘෂ්ණාවෙන් පිරිය යුතුය යැයි කියන්නා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තකතිරුවෙකි (Dumbass).
එය හරියට මත්පැනින් වැළකීම මහත් ආශාවෙන් කළ යුතු යැයි කීම වැනි ය.
මන්ද යත් මත්පැන් පානයට මිස ඉන්වැළකීමට කිසිවෙකුත් ආශාවක් ඇතිකර නොගන්නා බැවිනි.
මත්පැන් පානයෙන් වැළකීම යනු පුද්ගලයාගේ චිත්ත අභ්‍යන්තරය තුළ හටගන්නා ප්‍රතිපත්තියකි.
ප්‍රතිපත්තියක් පිරීම යනු ප්‍රතිපත්තියකට අනුව ජීවත් වීමයි. ඒ අනුව මත්පැනින් වැළකී සිටීම ප්‍රතිපත්තියක් වන අතර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව ජීවත් වීම ද ප්‍රතිපත්තියකි.
එය හරියට මත්පැනින් වැළකීම මහත් ආශාවෙන් කළ යුතු යැයි කීම වැනි ය.
මන්ද යත් මත්පැන් පානයට මිස ඉන්වැළකීමට කිසිවෙකුත් ආශාවක් ඇතිකර නොගන්නා බැවිනි.
මත්පැන් පානයෙන් වැළකීම යනු පුද්ගලයාගේ චිත්ත අභ්‍යන්තරය තුළ හටගන්නා ප්‍රතිපත්තියකි. ප්‍රතිපත්තියක් පිරීම යනු ප්‍රතිපත්තියකට අනුව ජීවත් වීමයි. ඒ අනුව මත්පැනින් වැළකී සිටීම ප්‍රතිපත්තියක් වන අතර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව ජීවත් වීම ද ප්‍රතිපත්තියකි.