මචන් මට නළ ළිං ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන. පුළුවන් විදියට උදව් කරන්න.
Geologist කෙනෙක්ගෙන් ඉඩම පරීක්ෂා කරලා report එකක් ගත්තා. එ්කට අනුව අඩි 24 න් ගල අහුවෙනවා. දවසට වතුර ලීටර් 2000ක් විතර ගන්න සම්පූර්ණ නළ ලිද අඩි 150ක් හාරන්න කිව්වා.
නල ළිඳ විදින්න අායතන දෙකකින් Quotation ගත්තා. එක අායතනයක පසේ මීටරයක් විදින්න(with PVC Casing) විශ්කම්භය 5''- 7000/=, විශ්කම්භය 6'' - 8300/=
ගලේ 115mm විශ්කම්භෙයන් මීටරයක් විදින්න 4100/=
අනෙක් අායතනය පලවෙනි අඩි 100 විදින්න 140,000/=, පසේ විදින විශ්කම්භය 6'', ගලේ විදින විශ්කම්භය 127mm. අඩි 100 පස්සේ ගලේ මීටරයක් විදින්න 4000/=.
මගේ ප්රශ්නය, පලෙවනි අායතනය ප්‍රසිද්ධ අායතනයක්. Agreement එකක් අනුව තමයි වැඩේ කරන්නේ. ලිද හරි ගියේ නැත්නම් වියදම් කල මුදලින් 50% ක් අාපහු දෙනවා සහ පසුකාලීන අවශ්‍යතාවයන් වෙනුෙවන් ඉන්නවා.
දෙවෙනි අායතනය සාමන්‍ය අායතනයක්. කට වචනෙන් තමයි වැඩ කරන්නේ. හැබයි එ්යාලා විදින විශ්කම්භයත් එක්ක වැඩේ ලාභයි වගෙයි පෙනෙන්නේ.
මේ වැඩේට මේ අායතන දෙකෙන් කවුද හරියන්නේ ඔයාලය හිතෙන විදියට.
අනික් කාරණය ලිඳට දාන submersible water pump එක විශ්කම්භය 100mm විතර වෙනවා. 115mm වලින් විද්දොත් මෝටරය දාන්න අමාරුයි කියලා කියනවා. තව දැම්මත් අාපහු ගන්න අමාරුයි කියලත් කියනවා. එ් කියන්නේ 127mm වලින් විදින එක හොඳයි නේද?