mmmm.... duka thamayi ranjani kiyawanna widihak naa ne...
මම මීට කලිනුත් එළකිරියේ ටන්ගුස්කා සිද්ධිය ගැන දාපු ලිපි දැකලා තියෙනවා. හුගක් අය මේ සිද්ධිය දන්නවා වෙන්න පුලුවන්, ඔක්කොටම දැනගන්න මම ආයෙත් මේක ගැන පොඩි විස්තරයක් දාන්නම්.
ටන්ගුස්කා කියන්නේ මධ් යම සයිබීරියාවේ ප් රදේශයකට. එතකොට ටන්ගුස්කා සිද්ධිය කියන්නේ 1908 ජූනි 30 හෝ ආසන්න දිනයකදි මෙම ප් රදේශයේ සැතපුම් දහස් ගණනක් පුරා සිදුවූ විශාල පිපිරීමකට. මේ පිපිරීම ගැන විවිධ අදහස් තිබුණත් අද වෙනතුරුත් ඒ පිලිබද නිශ්චිත කිසිම හේතුවක් දක්වන්න කවුරුත් සමත්වෙලා නෑ. නමුත් දැනට ප් රධාන වශයෙන් පිලිගන්නේ උල්කාපාතයක් කඩාවැටීමෙන් සිදුවූ විනාශයක් බවයි. මෙතරම් විශාල විනාශයකදීත් මිනිස් ජීවිත වලට කිසිම හානියක් සිදු නොවුනේ එය හුදකලා පෙදෙසක් වීම නිසයි. 1908 සිදුවූ මෙම සිදුවීම ගැන පරීක්ශා කරන්න එහි මුල්වරට ලගාවූ කණ්ඩායම එහි ලගාවන්නේ 1927 දීයි. එයින්ම එය කොතරම් හුදකලා ප් රදේශයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙම පිපිරීමේ විශාල වෙනස්කම් කිහිපයක් නිසා එය උල්කාවක් නිසා ඇතිවූ දෙයක් කියලා හිතන්න අමාරුයි. හේතුව මෙම පිපිරීම සිදුවූ මධ් යයේ පිහිටි කේතුධර ශාක වලට කිසිම අනතුරක් නොවීමත් ඒ වටා පිහිටි ගස් එක්තරා රටාවකට ඇද්වැටී තිබීමත්.
මෙම පිපිරීම කොතරම් දරුණුද කියනව නම් එය වර්ග කිලෝමීටර 2,600 ක් විතර විනාශ කරන්න සමත් වුනා. ඒ වගේම එය හිරෝශිමාවට හෙලූ පරමාණු බෝම්බය වගේ දහස්වාරයක් විශාල ප් රබලතාවකින් යුක්ත බව කියවෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිලිබද පසුගිය අවුරුදු 100 කට ආසන්න කාලය තුළ විවිධ මත ගැටුම් ඇතිවී තියෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම එක්තරා මත ගැටුමක් ගැනයි.
නිකලෝ ටෙස්ලා කියන්නේ ඉතාමත් දක්ෂ වගේම කීර්තිමත් විද් යාඟයෙක් ( මට ඒක ලියාගන්න බෑ
). ඔහු ඉපදුනේ 1856 ජූලි 10 යුගොස්ලෝවියාවේදීයි . ඉන්පසුව 1884 දී ඇමරිකාවට සංක් රමණය වෙලා තෝමස් අල්වා එඩ්සන් සමග වැඩකිරීමට පටන් ගත්තා . 1891 ජූලි 30 ඇමරිකාවේ පුරවැසි භාවයත් ලබාගත් බව සද්හන් වෙනවා . ටන්ගුස්කා සිද්ධියේ එක්තරා විවරනයක කතා නායකයා වෙන්නෙත් මොහුම තමයි .1900 වසන්ත කාලයේදී කොලරාඩෝවට පැමිණෙන ටෙස්ලා ඔහුගේ අතිවිශේෂ පරීක්ශනයක් සිදුකිරීම ආරම්භ කරනවා . වයර් රහිතව ලොව පුරා විද් යුතය හා සන්නිවේදනය සිදුකල හැකි සම්ප් රේශන කුලුණක් නිපදවීමයි . එම කුළුණ ස්ථාපිත කරන්නේ ලොන්ග් දූපතේ ( Long Island ) දීය් . එය නිව්යෝක් සිට දුම් රියෙන් පැය 1 ක ගමනකින් ලගාවිය හැකි තැනක් .
මෙම කුළුණේ සැලැස්ම “Sanford Whit”e කියන නිර්මාණ කරුවාගේ එකක් . නමුත් 1906 දී ඔහු අභිරහස් ලෙස ඝාතනය වීමෙන් පසුව ටෙස්ලා වෙතට කුළුන සදහා යන වියදම දැරීමට “J.P. Morgan” වෙතට යොමු වෙනවා .
ටෙස්ලා මෙම කුළුනෙන් අරමුණු 3 ක් බලා පොරොත්තු වෙනවා . ඒ ,
1. ලොව පුරා වයර් රහිතව සන්නිවෙදනය කිරීම .
2. ලොව පුරා වයර් රහිතව විදුලිය සම්ප් රේශනය .
3. ඇමරිකාව විදේශ ආක් රමණ වලින් වැලකීම .
“කියන කරුණුයි . මෙය හර්ට් z මය සම්ප් රේශණයක් නොවේ . එනම් දැන් භාවිතා කරන ආකාරයෙන් මේ සදහා යොදාගත්තේ වායුගෝලය තුලින් ගමන් ගන්නා විද් යුත් චුම්භක තරංගයක් නොවේ . ඒ සදහා මාධ් ය ලෙස භාවිතා වුනේ පොළව වීම මෙහි විශේෂත්වයයි . මෙම කුළුන සතුව වොට් බිලියන 100 ක් විශාල විද් යුතයක් ජනණය කිරීමේ හැකියාව්ක් තිබුණු බවද කියවේ .”
මෙම කුළුන පසුව Morgan ගේ බල්පෑම මත Wardenclyffe tower නමින් හැදින්වූ බවත් එය එහි මුල් අරමුණින් වෙනස් අරමුණකට යොමුවූ බවත් සදහන්වේ . කොහොම වුනත් ටෙස්ලා හුගක් සාමකාමී පුද්ගලයෙක් ලෙස හැදින්වෙන්න අතර නමින් හැදින්වූ මෙය ඔහු ජන්ශූන් ය උත්තර ධ් රැවයේදී පරීක්ශා කිරීමට තීර්ණය කලේය . එනම් long Island සිට යොමුකරන විද් යුතය ග් රහණය කිරීම සිදුවන්නේ උත්තර ධ් රැවයේදීය් . මෙහිදී මාධ් ය වන්නේ මහ පොළවයි . මේවනතුරුත් උත්තර ධ් රැවය ගවේශණය කර නොතිබුණත් විසින් එම වකවානුවේදී එය වෙත අද්මිරාල් Peary යන බවත් ඊට පෙර ටෙස්ලා ඔහුව හමුවී සිද්ධිය පැහැදිලි කර උත්තර ධැවයේ සිදුවන අසාමාන් ය සංසිද්ධීන් වෙතොත් එය දන්වන බව කියා සිටියේය .
1908 ජූලි 6 නිව්යෝක්වලින් පිටව ගොස් උත්තර ධැවයට ලගාවූ ඔහුට ටෙස්ලා කියු ආකාරයේ කිසිම වෙනසක් එහිදී දකින්නට නොලැබුනි . ටෙස්ලා කීර්තිමත් මෙන්ම අත්වැරදීම් ඉතා අඩු පුද්ගලයෙක් වුවත් ඔහුට මේ අවස්ථාවේ ගණනය කිරීම් ව්ල සුළු අත් වැරැද්දක් සිදු විය . ඒ හෙතුව නිසාම 1908 දී ඔහු විසින් long Island සිට උත්තර ධ් රැවයට නිද්හස් කල විද් යුත් කදම්භය නිසි ගමනාන්තය පසු කර එයිනුත් ඔබ්බට ගමන් කලේය . එහි ගමනාන්තය මධ් යම සයිබීරියාවේ ටන්ගුස්කා ප් රදේශය විය . උත්තර ධ් රැවයට එහි වෙනසක් නොදැනුනත් ටන්ගුස්කාවට විශාල හානිනක් සිදුවිය . නමුත් වාසනාවට ටෙස්ලා අපේක්ශා කල පරිදිම එහි ගමනාන්තය ජනශූන් ය පෙදෙසක්ම විය .
මේ සිදිධියෙන් පස්සේ ටෙස්ලාගේ නිපයුම පෙන්ටගනය අතට පත්වී එය අනිසිලෙස භාවිතාකරන බවත් ඇතැමුන් කියනවා . කොහොම වුනත් මේ ටන්ගුස්කා සිද්ධිය ගැන එක මතයක් විතරයි . නමුත් මේ මත එකක් වත් බැහැර කරන්න බෑ .
********************************************************************
"The Prestige" film එක බැලුවනම් ටෙස්ලා පොලොව සන්නායකයක් කරලා විද්‍යුතය යවන විදිහ වගේ දේවල් ඒකෙ තියෙනවා මතක්වෙයි. වෙලාව තිබුනොත් ටෙස්ලාගේ නිපයුමේ අනිසි භාවිතයන් ගැනත් ටිකක් හොයලා පෝස්ට් එකක් දාන්නම් . මම හුගකාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මේ , මට මේ විස්තර ටික හම්බ වුනේ පරන back up CD එකකින් . එළකිරියට දැම්මොත් හොදයි කියලා හිතුනා . මේක කෙටුවෙ මම නිසා repost වෙන්න බෑ . කියවලා bump එකක් වත් දාලා යන්න . නැතිනම් අපරාදේ මගෙ මහන්සිය .