creativity එකයි මාධ්‍ය සදාචාරයයි නොදන්න එවුන් page කරද්දි ඔහොම වෙනවා. පුද්ගලික නාලිකාවක නම් තව කමක් නෑ, රටේ රාජ්‍ය මාධ්‍යයෙන් තමන්ගේ ජාතික කණ්ඩායම උපහාසයට ගන්නවා නම්
ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් නැතිවෙන්න එක හේතුවක් තමයි social media වලින් වෙන බලපෑම
ජීවිතේට ලෙදර් බෝලයක් අල්ලලා නැති බැට් එකක් තනි අතින් උස්සගන්න බැරි එවුන් fb page, youtube channel අටවගෙන team එකට එන හැම එකාටම සමච්චල් කරන්නයි මඩ ගහන්නයි පටන් ගත්ත දවසේ ඉඳන් team එකේ එවුන්ගේ confidence නැතිවුණා. සමහර මන්දබුද්ධිකයෝ team එකේ එවුන්ගේ profile වලට ගිහින් wife ට ළමයි හදන හැටිත් කියදෙන්න යනවා
ඉස්සරත් match පැරදිලා තියෙනවා. ජයසූරියට ලකුනු 10ක් ගහන්න බැරිවුණ, මුරලිට පිට පිට 6 වැදුන match ඕනි තරම් තිබ්බා. හැබැයි match එක බලන්න ගියපු එවුන් හූ තිබ්බෙ නෑ, ඊළඟ දවසේ පත්තරේ සමච්චල් කරලා කාටූන් හැදුවේ නෑ.
අනිත් අතට අද match එකක් දිනන්න පුලුවන් team එකක් නැතිවෙන්න හේතුවක් වුණේ සංගක්කාරලා මහේලලා ඉන්න කාලේ ඊළඟ කට්ටිය හරියට හදපු නැති නිසා, මාලිංග වගේ තනි මතේට වැඩ කරපු අය team එකේ එකමුතුකම නැති කරපු හින්දා. හැබැයි කවුරුත් සංගට, මාලිංගට මුකුත් කියන්නෙ නෑ, දෙවිවරු වගේ අදහන්න යනවා. team එක select කරන එවුන්ගේ වැරැද්දට team එකට ඇවිත් fail වෙන එකාට ආයේ ක්‍රිකට් එපා වෙන්නම සමච්චල් කරනවා.
දැන් නම් ලංකාවේ ක්‍රිකට් රසිකයෝ වෙනුවට ඉන්නේ ඉන්දියාවේ වගේ මුඩුක්කු මානසිකත්වයක් තියෙන එවුන් ගොඩක්