Ubuntu ගැන හරියටම දැනගන්න එන්න

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    Ubuntu ගැන හරියටම දැනගන්න එන්න

    නම ඇහුව ගමන් හැම කෙනාම වගේ දන්න මේ වෙනකොට ඉතාම ජනප්‍රිය වෙලා තියන linux os එක කියල කිව්වොත් ගොඩක් දුරට හරි. ඒ කියන්නේ ඉතින් අනිත් linux ඒවා හරි නැහැ කියනවා නෙමේ, මේ OS එකෙන් හඳුන්වලා දුන්න දේවල් නිසා, මේ OS එක Linux Begginersලාටත් කරදරයක් නැතුව ලේසියෙන්ම use කරන්නත් පුළුවන් නිසා වගේ දේවල් වලින් අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ වෙන තැනටම ඇවිත් තියනවා. අපි හැමෝම Ubuntu කියල නිතරම කිව්වට ගොඩක් දෙනෙක් මේ Ubuntu වල ඇතුලත කතාන්දරය දන්නේ නැහැ.මොකද ඒක වැඩිය ප්‍රසිද්ද උනේ නැති නිසා. ඒ දේවල් ගැන විස්තර කියන්න තමයි මේ හදන්නේ.

    Ubuntu කියන්නේ ලෝක ප්‍රකට Canonical සමාගමෙන් නිර්මාණය කරන Linux OS එකක්. Debian OS එක මුලික කරගෙන තමයි Ubuntu නිර්මාණය කරලා තියෙන්නේ. Ubuntu කියන නම එක්කත් ලස්සන කතාවත් තියනවා. Ubuntu කියන්නේ අතීත අප්‍රිකන් නමක්, මේකේ තේරුම වෙන්නේ Humanity towards others, එහෙමත් නැත්තන් මනුස්සකම හැමෝටම කියන එක. මේ හේතුවත් එක්කම Ubuntu වල ඇමුණුම, ඔය Tag Line එක කියන එක විදියට Linux For HUman Beings කියලා නම් කෙරුනා. Ubuntu කියන නමට Linux Userලා විහිලුවට දාගත්ත නමකුත් තියනවා, ඒක තමයි Can't Configure Debian. :p Debian Linux කියන්නේ ටිකක් විතර පාවිච්චි කරන්න අමාරු OS එකක්, Linux ගැන හරි දැනුමක් නැතුව Debian use කරන්න ගියොත් නම් ඉතින් වැඩි දවසක් නොයාම Linux එපා වෙන එක නම් වෙයි. මේ Ubuntu මුලින්ම හඳුන්වලා දුන්නේ 2004 දි, ඒ Warty Warthog කියන නමින් 4.10 විදියට, එදා ඉඳන් හැම අවුරුද්දකටම දෙපාරක්, ඒ කියන්නේ මාස 6කට වතාවක් Ubuntu version එකක් release කරනවා. 4.10 වෙලා තියෙන්නේ 2004 (20th October 2004) අවුරුද්දේ 10 වෙනි මාසෙදි කරපු release එක. මේ විදියට හැම අවුරුද්දෙම 4 වෙනි මාසෙයි 10 වෙනි මාසෙයි අලුත් release එකක් නිකුත් වෙනවා. මේ හැම release එකකටම ආවේනික නමක් තියනවා, ඒක තමයි code name එක වෙන්නේ. මේ තියෙන්නේ මේ වෙනකන් නිකුත් උන Ubuntu release වල විස්තර ටිකක්.

    ubuntu-desktop-2-410-20080706.png


    මේ තියෙන්නේ Ubuntu 4.10 version එකේ desktop එක.

    Ubuntu 4.10 (Warty Warthog)
    Ubuntu 5.04 (Hoary Hedgehog)
    Ubuntu 5.10 (Breezy Badger)
    Ubuntu 6.06 LTS (Dapper Drake)
    Ubuntu 6.10 (Edgy Eft)
    Ubuntu 7.04 (Feisty Fawn)
    Ubuntu 7.10 (Gutsy Gibbon)
    Ubuntu 8.04 LTS (Hardy Heron)
    Ubuntu 8.10 (Intrepid Ibex)
    Ubuntu 9.04 (Jaunty Jackalope)
    Ubuntu 9.10 (Karmic Koala)
    Ubuntu 10.04 LTS (Lucid Lynx)
    Ubuntu 10.10 (Maverick Meerkat)
    Ubuntu 11.04 (Natty Narwhal)
    Ubuntu 11.10 (Oneiric Ocelot)
    Ubuntu 12.04 LTS (Precise Pangolin)
    Ubuntu 12.10 (Quantal Quetzal)
    Ubuntu 13.04 (Raring Ringtail)
    Ubuntu 13.10 (Saucy Salamander)
    Ubuntu 14.04 LTS (Trusty Tahr)
    Ubuntu 14.10 (Utopic Unicorn)
    Ubuntu 15.04 (Vivid Vervet)


    එක එක ජාතියේ නම් වලින් නිකුත් කරපු ඒකත් Ubuntu ජනප්‍රිය වෙන්න හේතුවක් උනා. එදා ඉඳන් අද වෙනකන් Ubuntu release 22ක් කරලා තියනවා. මේ පොස්ට් එක ලියන වෙලාවේ 15.04 - Vivid Vervet කියන version එක තමයි අලුත්ම එක. ඒ වගේම දැනටමත් 15.10 version එකේ නම විදියට Wily Werewolf තෝරගෙනත් තියනවා. මම Linux වලට එන්න හේතු උනෙත් Ubuntu ම තමයි. ඒ Intrepid Ibex කියන 8.10 version එක. මේ තියෙන්නේ ඒ version එකේ desktop එක.

    ubuntu_screenshot.png



    Ubuntu Live USB Creator, Guest Account වගේ ගොඩක් අලුත් දේවල් හඳුන්වලා දුන්න verison එකක් විදියට තමයි මේක හඳුන්වන්නේ. මේකට පස්සේ මේ වගේ ලොකු වෙනසක් ඇති කරපු version එකක් තමයි Ubuntu 12.04 LTS (Precise Pangolin) කියලා කියන්නේ. මේ ගැන පස්සේ විස්තර කරන්නම්.

    මේ release list එක බලද්දී සමහර release වල නමට අමතරව LST කියලා කොටසකුත් තියනවා දකින්න ඇතිනේ. දැන් බලමු Normal Release එකක් සහ LTS Release එකක් අතර වෙනස කොහොමද කියලා.

    Normal Release එකකදී මාස 18ක කාලයක් Canonical සමාගෙමෙන් සහය ලබාදෙනවා, ඒ කියන්නේ අලුත් Update එහෙම නොමිලේම ලැබෙනවා. මේ ලඟදි release කරපු 15.04 කියන්නේ ඒ වගේ normal release එකක්.

    LTS release එකක් කියන නමේ තේරුම වෙන්නේ Long Term Support කියන එක. නමේම කියවෙන විදියට normal release එකට වඩා වැඩි කාලයක්, එහෙමත් නැත්තන් අවුරුදු 3ක් Canonical සමාගමේ සහය ලැබෙනවා. නිතරම අලුත් දේවල් එකතු වෙන නිසා මේ LTS release ගොඩක් Stable වෙනවා. මේ නිසාම 12.04 කියන version ඒකත් ගොඩක් ජනප්‍රිය උනා. LTS වල Desktop version වලට අවුරුදු 3ක් වගේම Server version වලට අවුරුදු 5ක් සහය ලැබෙනවා. මේ වෙද්දී තියන LTS එක වෙන්නේ 14.04 එක. මීළඟට එන්න තියෙන්නේ 16.04 LTS එක.


    මේ තියෙන්නේ අලුතෙන්ම ආව 15.04 version එක.

    ubuntu_15-04_english.png


    හැම version එකකදීම ඒකටම වෙන්වුණු wallpaper set එකකුත් එක්ක තමයි release කරන්නේ. ඒවා වලින් එකක් තෝරාගන්නවා main wallpaper එක විදියට. මේ release එකට wallpapers එකතු කරා මුළු ලෝකෙන්ම contest එකක් විදියට. කැමති හැමෝටම සහයෝගය දෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් තමයි තිබුනේ. මේ contest එකේ ෆොටෝ මෙතනින් බලන්න. Vivid Vervet කියන නම තොරද්දීත් ඒ වගේම Society එකෙන් නම් යෝජනා බාරගෙන තමයි මේ නම තෝරාගෙන තියෙන්නේ.

    Package Manager එක විදියට dpkg තමයි Ubuntu වල use කරන්නේ. Desktop Environment එක විදියට 11.04 වෙනකන් Gnome use කරත් 11.10 වල ඉඳලා Unity තමයි use කරන්නේ. APT Update Method එක තමයි default update method එක වෙන්නේ. (පින්තුර ගත්තේ wikipedia එකෙන්.)

    කොහොම උනත් linux ගැන ඉගන ගන්න පුළුවන් වෙන්නේ නම් ඉතින් කරලා බලලම තමයි.


    Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer


    FOSS වලට ජයවේවා !!



    බ්ලොග් එකටත් එන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    don't recommend the Ubuntu family, the good thing is you get long time support release. the bad thing is the distro is bloated, even xubuntu, which is supposed to be fast, still slower than manjaro or crunchbang or any non ubuntu based distro on my machine at least. Sometimes it freezes, many bugs and so on. High possibility that many things will go wrong when upgrading.

    උබන්ටු සින් ඒක ram vga එන්න එන්නම ඉල්ලන එක වැඩි කරනවා බන් පරන මැශින් වලට අවුල් හොදම දෙවල් ටික තමයි Manjaro Debian xubuntu :yes:
     

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    සොහොන;18629294 said:
    උබන්ටු සින් ඒක ram vga එන්න එන්නම ඉල්ලන එක වැඩි කරනවා බන් පරන මැශින් වලට අවුල් හොදම දෙවල් ටික තමයි Manjaro Debian xubuntu :yes:

    ow dan graphics ehema godak thiyana nisa usage eka wadiyi, eka hari. but core eka use karanna puluwan xfce, lxde wage lightweight DE ekak ekka. mokada UNITY eke weight eka wadiyi. <3 manjaro.. patta eka.. antergos ekath hodai, arhc based.