Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Ubuntu වල Guest session ඉවත් කර ගන්නා ආකාරය

    disable-guest-ubuntu1310.jpg


    Ubuntu වල Password දාලා Pc එක ලොක් කරලා තිබුනට වැඩක් නැහැ ඕන කෙනක් ට පුලුවන් Guest session එකෙන් ලොග් වෙලා පරිගනකය බාවිතා කරන්න පුලුවන්. ලොක් කරනවනම් නිකන්වත් කිසි දෙයක් ඔබන්න බැරි වෙන්න ලොක් කරන්න ඕනේ. ඔන්න ඕක නිසා Google Search එකක් දාලා හෙව්වා Guest session නැති කරලා දාන හැටි කොහොම හරි ඉතින් හොයලා හොයලා හොයාගත්තා.

    Ubuntu වල Guest session එක ඉවත් කර ගන්නා ආකාරය ඔයාලට කියලා දෙන්නම්.

    1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

    2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න.

    HTML:
    sudo sh -c 'printf "[SeatDefaults]\nallow-guest=false\n" >/usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf'

    ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි.

    3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැති වෙලා තියේවි

    දැන් නැති කරලා දාපු Guest session අයෙත් ගන්න ඕනම් ගන්නේ මෙහෙමයි

    1. මුලින් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

    2. දැන් Terminal එකට පහත command එක Copy කරලා අරන් Paste කරලා Enter ඔබන්න.

    HTML:
    sudo rm /usr/share/lightdm/lightdm.conf.d/50-no-guest.conf

    ඉහත command එක Paste කරලා Enter කලාට පස්සේ. සමහර විට Password එක අහයි එකට ඔබේ පරිගනකයේ Password එක ගහන්න. ගහලා Enter කරන්න. එතකොට වැඩේ හරි.

    3. දැන් ඔබේ පරිගනකය Reboot කරන්න. අනිවර්යෙන් Guest session නැවත ඇවිල්ලා තියෙයි එතකොට.


    මම මේක කරලා බැලුවේ Lubuntu මෙහෙයුම් පද්ධතියෙන් එකෙත් හොදට වැඩ.
     
    • Like
    Reactions: ArjunA161