ලෝක කුසලානය සහ ශ්‍රී ලංකාව.....
අවසානයේ සංචිතය නම් විය..බොහෝ දෙනෙකු නොසිතූ පරිදි නවකයන් දෙතුන් දෙනෙකු කණ්ඩායමේ සිය ස්ථාන වෙන් කරගෙන තිබෙන අතර පළපුරුදු ක්‍රීඩකයන්ට ස්ථාන අහිමි වී තිබේ...
දැන් කලයුතු වන්නේ සංචිතයේ සිටින ක්‍රීඩකයන් කෙරෙහි පූරණ විස්වාසය තැබීම විනා තම ප්‍රියතම ක්‍රීඩකයා නැතැයි කියා කණ්ඩායම පරාජය වේවායි පැතීම නොවේ..
කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ඩිල්ශාන් ය..අවසාන තරග 2-3 අසාර්ථක වුවද කණ්ඩායමේ අත්දැකීම් බහුලතම වයසක යෞවනයාය...සිය සුපුරුදු රිද්මයට ඉක්මණින් පැමිනෙන්නේ නම් නැවත පන්දු යවන්නන්ගේ හිසරදයක් වනු ඇත...අති දක්ෂ පන්දු රකින්නෙක් නිසා තරගයක් කණපිට හැරවීමට හැකි ක්‍රීඩකයෙකි...අවශ්‍ය අවස්ථා වල පන්දු යැවීමෙන්ද විශාල මෙහෙයක් කරන ක්‍රීඩකයෙකි...
නිරෝෂන් දික්වැල්ල අන්තර්ජාතික 20-20 පිටියට කෝඩුකාරයෙකි...දක්ෂතා දක්වා කණ්ඩායමේ ස්ථානය දිනාගත්තෙකි...ඉන්දීය සංචාරය අසාර්ථක වුවද තේරීම් කමිටුව තවදිරටත් ඔහු කෙරෙහි තබා ඇති විස්වාසයට සාධාරණයක් කරනු ඇති බව ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ විස්වාසයයි... කුසල් ජනිත්ගේ අඩුව පිරවිය නොහැකි උවද යම් තරමක් හෝ ඒ අඩුව පිරවීමට දික්වැල්ලට සිදුවී ඇත..අතිරේක කඩුලු රකින්නාය...
ශෙහාන් ජයසූරිය ද කණ්ඩායමේ තවත් කෝඩුකාරයෙකි...තවමත් තරග 06කට පමනක් ක්‍රීඩා කර ඇත...ආරම්භක පිතිකරුවෙක් ලෙස මෙන්ම නො3 /නො7 ක්‍රීඩාකල හැකි ප්‍රහාරකයෙකි...අවසාන තරග 2හි අසාර්තක වුවද දේශීය තරගාවලියේ දක්ෂතා දැක්වීය..අවසාන තරගය අර්ධ ශතකයක් සමග ජයග්‍රහනයට මෙහෙයවීය.පිටදග පන්දු යවන්නෙකි...පන්දු රැකීමේ ගැටළු මගහරවා ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමටද සුභදායක වනු ඇත...
දිනේශ් චන්දිමාල් ඉන්දීය සංචාරයේ නායකයාය..කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින්නාවේ...තම රිද්මය නැවත ලබාගන්නා ආකාරයක් පෙන්වමින් සිටී..ප්‍රහාරක වේගය වැඩිකර ගැනීම අනිවාර්‍ය වේ...නායකත්වයේ බරින් නිදහස් වූ චන්දිමාල් නැවතත් ඉක්මනින්ම පිතිකරණ බලඇණිය සවිමත් කිරීමට උපරිම දායකත්වය ලබා දෙනු ඇත..
ඇන්ජලෝ මැතිව්ස් පිලිබදව කීමට අවශ්‍ය නැත කණ්ඩායමේ කොදු නාරටියයි..තනිවම තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයෙකි.උපනායකයාය... නියත ලෙසම තුරුම්පු ආසියෙකි...
චාමර කපුගෙදර කණ්ඩායමට පැමිණ අතිසාර්ථක වී නැවත අසාර්ථකවී ස්තානයද අහිමි වී නැවතත් ස්‍ථානය දිනාගෙන ඇත..පාකිස්‍ථාන තරගාවලිය සාර්ථකය..ඉන්දිය තරගාවලියේ යම් ස්ථාවරත්වයක් පෙන්වීය..ඉතා හොද ප්‍රහාරකයෙකි..මොහු නිසි පරිදි යොදා ගැනීම කලමණාකාරීත්වය සතුය...
මිලින්ද සිරිවර්දන 2015 වසරේ හොදම සොයාගැනීමය.දේශීය පිටියේ තෙම්පරාදු වී ඇති පදමට දක්ෂතා පෙන්වා ස්ථානය දිනාගත් මිලින්ද පැමිණි දා සිටම සිය උපරිමය කණ්ඩායමට ලබා දෙමින් සිටී..සබදතා බිදිය හැකි පන්දු යවන්නෙකි..එහෙත් පන්දු යැවීමේදි මොහුව යොදා නොගැනීම ගැටළුකාරීය...
නො3 ස්තානය ලබා දිය හැකි නම් මීට වඩා සේවයක් ලබාගත හැක..
දසුන් ශානක 20-20 ශතක දෙකක් රැස් කරමින් අහිමි වූ ස්ථානය නැවත දිනාගන්නා ලදී...දකුණත් මද වේග පන්දු යවන්නෙකු වීම කණ්ඩායමට් ලැබුණ අමතර වාසියකි..ලොව වේගවත්ම ප්‍රහාරක වේගය සහිත ක්‍රීඩක ලයිස්‍තුවේ දෙවන තැන සිටී(1,සීකුගේ ප්‍රසන්න)
නුවන් කුලසේකර වසර ගණනක පලපුරුද්ද සහිත අති දක්ෂ මද වේග පන්දු යවන්නෙකි..දෝලනය උපරිමෙන් උපයෝගී කරගනී..කලක් රිද්මය ගිලිහී සිටියද නවසීලන්ත සංචාරයේදී නැවතත් රිද්මය ලබා ගන්නා ලදී...පිතිකරුවෙකු ලෙස ඕනෑම මොහොතක පන්දුවක් 6 සීමාවෙන් එපිටට යැවීමට හැකියාව ඇත..
සචිත්‍ර සේනානායක ලොව හොදම 20-20 පන්දුයවන්නන් අතර රැදී සිටී ක්‍රීඩකයෙකි..ඕනෑම අවස්ථාවක පිතිකරුවාට පීඩනයක් එල්ල කල හැකි පන්දු යවන්නෙකි.අවසාන තරග 2 එතරම්ම සාර්ථක නැතත් ඉක්මනින්ම සුපුරුදු සචිත්‍රව දැකගත හැකි වන්නේ නම් ඕනෑම කණ්ඩායමකට ඔහු අභියෝගයකි..
රංගන හේරත් 2014 ලෝක කුසලානයට මොහුගෙන් ලද දායකත්වය අපමණය.නවසිලන්ත පිතිකරුවන් අසරණ කල ආකාරයටම මොහුගෙන් මෙවරද විශාල සේවයක් ලැබෙනු ඇත..මොහුගේ පන්දු සංකලණය ප්‍රතිවාදීනට බරපතල අභියෝගයක් බවට නිසැකවම පත්වනු ඇත..
ලසිත් මාලිංග කණ්ඩායමේ නායකයාය.ආබාධයකට ලක්වී සිටියද නැවත කණ්ඩායමට පැමින තිබේ...ලෝක කුසලාන වලදී(එක් තරගයකදී හැර) විශේෂයෙන් භයානකය..බොහෝ පිතිකරුවන් මුහුණ දීමට අකමැති පන්දු යවන්නෙකි..
තිසර පෙරේරා රිද්මයේ නැතත් කණ්ඩායමේ ස්තානය දිනාගෙන ඇත..ඉක්මනින්ම රිද්මයට නොපැමිනෙන්නේ නම් බංකු රත් කිරීමට සිදුවනු ඇත..දගපන්දු යවන්නන්න්ට සහ බවුන්සර් පන්දු වලට ඇති දුර්වල බව ප්‍රතිවාදීන් තිසර නැවත්වීමට යොදා ගනු ඇත..
දුෂ්මන්ත් චමීර කණ්ඩායමේ අදිවේගී පන්දු යවන්නාය 149km/h බවුන්සර් පන්දු මෙන්ම 112 km/h වේගය අඩාල කරන ලද පන්දු ඇතුළු පන්දු මිශ්‍රණයක් සහිතව පන්දු යවයි..ප්‍රතිවාදීන්ද මොහු පිළිබදව විශේෂ අවධානයක් යොමු කරනු ඇත..හොද පන්දු රකින්නෙකි..
ජෙෆ්‍රි වැන්ඩසේ බොහෝ දේනා මවිත කරමින් කණ්ඩායමට පැමිණොයේය..පාදග පන්දු යවන්නෙකි.. ඉන්දියාවේදී තරගයක්වත් ලබා දුන්නේ නැත..තේරීම් කමිටුවේ විස්වාසයට සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුවයි...
2007 වසරේ සිට 20-20 ලෝක කුසලාන වල වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතය සහ ලෝක කුසලානයක් දුටු පමණින් දක්වන අමුතු තරග සොබාවය නිසා වත්මන් ලෝක ශූර ශ්‍රී ලංකාව අවතක්සේරු කිරීම ප්‍රතිවාදීන්ට එතරම් සුභ නොවනු ඇත....