මම පොඩි කතාවක් කියන්නම්. . මට බිස්නස් කරලා හොද පලපුරුද්දක් තියෙනවා. . ලී බඩු සම්බන්දවනම් ගස් තියෙන වත්තක් ගන්න තැනේ ඉදන් ශෝරූම් දාලා විකුනන තැන වෙනකන් සියලුම දේවල් දන්නවා. .
මම එලකිරියේ කීපදෙනෙක්ටම කිව්වා මගේ දැනුම අරන් වැඩක් කරමු මන්ලග යොදවන්න නම් සල්ලි නෑ මම උපරිම කැපවෙලා වැඩ කරන්නම් මට ලාබෙන් කොටසක් හරි පඩියක් හරි දෙන්න කියලා. . කිරියේ ප්රකෝටිපතියෝ කීප දෙනෙක්ටම කිව්වත් කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .
අනිත්දේ වාහන සම්බන්දව මට පොඩි දැනුමක් තියෙනවා. . කිරියේ වාහන විකුනන කීපදෙනෙක්ගෙන්ම ඉල්ලුවා මට වාහනයක් දෙකක් විකුනන්න දෙන්න මට පොඩිගානක් තියන්න වාහනයකින් කියලා. . මගේ වාහන 7ක් දාන්න පුලුවන් ගොඩනැගිල්ලක් තිබ්බා ෆුල් සේෆ්. . කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .
මගේ බිල්ඩින්ග් එක තියෙන නිසා මන් එලකිරියෙයි, ෆ්බී පේජ්වලයි කිව්වා මගේ මෙහෙම බිල්ඩින් එකක් තියෙනවා මම දැනුමයි ශ්රමයයි යොදවනවා ලී බඩු දාන්න ආයෝජනය කරන්න කියලා. . ලාබෙන් 50% දෙන්නම් කියලත් කිව්වා. . ඒත් කවුරුවත් සෙට්වුනේ නෑ. .
මගේ ජීවිතේ මම ගත්ත තීරන දෙකකදි මට වැරදුනා. . මට මාසෙකට ලාබය ලක්ශ 1.5ක් තියෙද්දි මම බිල්ඩින් එක හදන්න තීරනය කලා. . ඒ වෙලේ මට ලීබඩු වලින් ලක්ශයකුත්, යුටියුබ් චැනල් එකකින් 50000කුත් ලැබුන වෙලාව. . ඉතින් මම වියාපාරේ දියුනුකරනවා කියලා හිතන් ලෝන් එකක් දාලා බිල්ඩින්ග් එක හැදුවා ඒකට ලක්ශ 40ක් ගියා. . කරුමේ කියන්නේ බිල්ඩින්ග් එක හදලා ඉවරවෙනවත් එක්කම බිස්නස් නැතිවුනා. . දැන් කොරොනා නිසා බිස්නස් නෑ වගේ තත්වයක් එදාත් තිබුනේ. . යන්තම් යුටියුබ් එකෙන් මාස 3ක් ඇදගත්තා. . බිල්ඩින් එක හදලා මාස 3න් යුටියුබ් එකටත් කෙලවුනා. . ඉතින් මන් බැලුවා දැන් මොකද කරන්නේ කියලා. . ලීස් කරලා ටැක්සි දුවන්න කාර් එකක් ගත්තා. . ඒ තීරනයෙන් කෙලමවෙලා ගියා මාසෙට ලක්ශයක් වත් හොයාගන්න බැරිවුනා අන්තිමට වාහනේ දෙද්දි ලක්ශ 18ක් පාඩුයි. . ඔක්කොම ලක්ශ 54ක් නයවුනා. . ඉතින් මගේ ගේත් වික්කා. . ඒ සල්ලිවලින් නය බේරුවා. . තව ලක්ශ 12.5ක් නය තියෙනවා. . දැන් මම දැනුමකුත් තියන් බිල්ඩින්ග් එකකුත් තියන් බලන් ඉන්නවා කවුරුහරි සෙට් වෙනකන්. . බිල්ඩින්ග් එකේ තියලා විකුනනවනම් ලීබඩු හෝ ලීබඩු සම්බන්ද දෙයක් විතරයි කරන්න පුලුවන්. . ඒ නිසා ඩීලර්ශිප් එකක් ගන්න ට්රයි කරනවා. . ඒකටත් මාසික ආදායම් පෙන්නලා බැන්ක් ගැරන්ටී එකක් ගන්න බැරි තත්වයක් මේවෙලේ තියෙන්නේ. .
ඒ අතර මගේ යුටියුබ් චැනල් එකයි, වෙබ් එකයි ගොඩදාගන්න ට්රයි කරනවා. . අපිට බිස්නස් කරන්න හරියන මනුස්සයෙක් සෙට් වෙන්නේ නෑ. . අවාසනාවද කොහෙද. . දැනුම විතරක් තිබිලා බෑ අන්ක එකට සල්ලි ඕනා. .
ප.ලි.
මේකටම තව පොඩි කොටසක් එකතුකරන්නම්. .
මගේ පරිගනක දැනුම ගමුකො. . ලොකු දැනුමක්නම් නෑ. .
මම ඉක්මන් වගේ සයිට් එකක් හැදුවා, එලකිරි වගේ සයිට් එකක් හැදුවා. . ඒ දෙකම අතැරියා මොකද ප්රමෝට් කරගන්න සල්ලි නෑ. .
දැන් යුටියුබ් චැනල් එකයි, සින්දු ඩව්න්ලෝඩ් කරන සයිට් එකයි තියෙනවා. . ඒවත් මමම හදපුවා. .
දැන් ඒවා ප්රමෝට් කරන්නත් සල්ලි නෑ. . හැමදේටම සල්ලි ප්රශ්නයක් වෙනවා දැන් ඉස්සර වගේ නෙවේ හැමදේම තරගේ. .