ඇත්තටම එහෙමද කියන්න මට බස් වල ගිහින් තියෙන වාර ගාන හරිම අඩුයි...
හැබැයි ඔය මම දැකපු දේවල් එක්ක බලද්දිනම්...පිරිමියෙක් එහෙම කරනවද කියන එකත් සැකයි
ඒත් ඇයි ඔයා මේක උපාසිකාවන් ගැන විතරක්ම Target කරලා ලිව්වේ ?
ඔයා ඔය කියන හේතුව නිසාමද??
ගැහනියක් ගැහැනියකගේ වේදනාව දන්නවා වගේම පිරිමියෙකුත් ඒ වේදනාව දැනගත යුතුයි නේද ??
ඔයාට මේ ගැන දැනගන්න බස් වල වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න මම කැමති නෑ. මොකද ලංකාවෙ බස් වල ගමන් කිරීමට වීම අපරාධකාරයෙකුට ලැබිය යුතු දඩුවමක්. විශේෂයෙන්ම කාර්යාල සහ පාසැල් ආරම්භ සහ අවසන් වන කාල පරිච්චේද වලදී.
මම දැනට පැයකට විතර උඩදි දැක්කා බස් එකකදි කාන්තාවක් තරුණයෙක්ව තල්ලු කරල සීට් එකක වාඩි වෙනවා. අර තරුණය තමන්ගෙ ශක්තියෙන් ½ ක් යෙදෙව්ව නම් අර කාන්තාව පැත්තකට තල්ලු කරල දාන්න තිබ්බා. ඒත් වාසනාවකට එයා එහෙම කලේ නෑ. බස් වල සිදුවන දේවල් ගැන කථා කලොත් කොයිතරම් වෙලා කථා කරන්න පුළුවන්ද?
මම උපාසිකාවක් කියන වචනය යොදා ගන්න හේතු දෙකක් තියෙනවා. එකක් මම කලින් සඳහන් කලා. අනික තමා ඇය බාහිරින් පෙන්වන ශ්‍රද්ධාව, ඒ අනුව ගත්තම ඇය සාමාන්‍ය කාන්තාවකටත් වඩා ගැබිණි මව ගැන සැලකිලිමත් විය යුතුයි. මීට අමතර හේතුවක් ඔයාගෙ හිතට එනවනම් මම අවංකවම කැමතියි ඒක දැන ගන්න.
ඔය අහල තිවෙනවද දන්නෙ නෑ ”වේදනාව දන්නෙ කටුව ඇනුන කෙනයි” කියල කථාවක්. තමන් නොවිදපු දෙයක නියමම හැගීම කාටවත් තේරුම් ගන්න පුළුවන්ද ? වේදනාව දන්න කෙනා දෙන ආදර්ශය මත ඒ වෙලාවට අනිත් අය තීරණ ගන්න බැරිද?
මම ගැන ගත්තොත් මම ඇය විදින වේදනාව ගැන තියෙන්නේ ඉස්කොලෙදි ඉගෙන ගත්ත පාඩමි කීපයක් මතින් ඇති කර ගත්ත උපකල්පනයක් විතරයි. ඒත් සමහර කාන්තාවන් හැසිරෙන ආකාරය දැක්කම මට මගේ උපකල්පනය ගැන සැකත් හිතෙනව