මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලාමචන්
"අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි ."
කිව්වේ ඔය $6000 ගෙවන්නේ ඉන්සුවරන්ස් එකෙන්ද? නැත්තම් උබලට ජීවත් වෙනඩ සල්ලි මදි නේ
සරල කිරීම 1
මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා .
Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි
ලෙඩ උනා නූනා, හැමෝගෙම පඩියෙන් ඉන්ෂුවරන්ස් එකට කැපෙන වා. theoretically Insurance Company එකේ වියදමට වැඩිය ආදායම වැඩි යි. නැතිනම් පවතින්න බැහැ නෙ.
සරල කිරීම 2
covid vaccine වගේ ගොඩක් දේවල් ඉන්ෂුවරන්ස් එකෙන් බලෙන්ම අපිට සපයනවා. මොකද covid හැදිල හොස්පිට්ල් ගියාම යන වියදම ගෙවනවාට වැඩිය , vaccine එක නොමිලේ දීලා , ඉන්ෂුවරන්ස් කම්පැනි එකට වියදම අවම කර ගන්න පුළුවන්
සරල කිරීම 3
ලෙඩා, දොස්තර සහ insurance company එක අතර සම්බන්ධය මෙහෙමයි .
ලෙඩා දොස්තර ළඟට යන්නේ දොස්තර ලෙඩාගෙ ඉන්ෂුවරන්ස් එක බාර ගන්නවා නම් විතරයි නෙ. ඒ නිසා දොස්තර ට, insurance company සමඟ ගිවිසුමකට යන්න වෙනවා . ඉන්ෂුවරන්ස් එක දොස්තර කියන ගණන් ගෙවන්නෙ නැහැ . එයාලා දන්නවා බෙහෙතක ඇත්ත වියදම .
මගේ වයිෆ්ගෙ බෙහෙත හයදහස් උනාට ඉන්ෂුවරන්ස් එක ගෙවන්නේ තුන් දහස් ගානක්.
තව විදියකට කියනවනම් , ඉන්ෂුවරන්ස් එක නැති කෙනෙකුගේ hospital බිල, තියන කෙනෙකුගේ බිල වගේ දෙගුණයක් වෙනවා.
සරල කිරීම 4
බෙහෙතක් ගන්න ඕන උනාම යන ස්තාන තුනක් තියෙනවා .
primary care , Urgent Care සහ emergency care කියලා . Emergency Care කියන්නේ hospital වලට . ඒවායේ තමා වියදම වැඩිම . ඒ වගේම hospital ගියොත් , ඉන්ෂුවරන්ස් කවරේජ් එකෙන් පස්සෙ අතින් ගෙවන ගානත් වැඩියි . ඒ නිසා හැමෝම urgent care වලට යනවා බරපතළ තත්ත්වයක් නැතිනම් .
PS
හොස්පිට්ල් ගියොත් ඉන්ෂුවරන්ස් නැහැ කියලා බෙහෙත් නොකර ඉන්නෙ නැහැ . එයාලට පස්සේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් .
අඩුම ආදායම් තියෙන අයට රජයෙන් නොමිලේ insurance එකක් දෙනවා . ආදායම ටිකක් වැඩි නම් රජයෙන් කොටසක් ගෙවනවා. illegall ඉන්න අයට සාධාරණ මිලට බෙහෙත් දෙන තැන් තියනවා . සමහර දොස්තරලා, නිවාඩු වෙලාවට ඇවිත් ඒවායේ නොමිලේ සේවය සපයනවා .
මම නම් කියන්නේ , නොමිලේ තියෙන ග්‍රීන් කාඩ් එකට හැම අවුරුද්දෙම ඇප්ලයි කරන්න කියලයි. ඉතිං මේ ජීවිතේ කරදරවලින් නිදහස් ව, අපේ ජීවිතයට නියම වටිනාකමක් දෙන රටක ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් .
(මං කියන්නේ මේ රටවල බස් වලට දොරවල් තියෙන්නත්, ලංකාවේ බස් වලට දොරවල් නොතිබෙන්නත් , හේතුව ඒ ඒ රටවල් අපේ ජීවිත වලට දෙන වටිනාකමේ වෙනස නෙවෙයිද )
Last edited:

