එහෙම හොඳ state එකක් කියලා කියන්න බැහැ. සමහර states වල cost of living අඩුයි. හැබැයි ඒවයෙ හොඳට ගෙවන රස්සා හොයාගන්න අමාරුයි.
ඔය වගේ හේතු නිසා තමයි cost of living ටිකක් විතර වැඩි වුණත් මිනිස්සු නිව් යෝර්ක්, නිව් ජර්සි, කැලිෆෝර්නියා වගේ පැති වලට යන්නෙ. මොකද ඒ වගේ ප්‍රාන්ත වල රස්සා ගොඩක් තියෙනවා.
ඔය දෙකම සාමාන්‍ය විදිහට බැලන්ස් වෙලා තියෙනවා Texas වල නම්. ඒ කොහොම වුණත් ප්‍රාන්තෙට වඩා city එකට ටිකක් අවධානය යොමු කරන්න. දිගටම ජීවත් වෙන්න හිතාගෙන ඉන්නවනම් සහ පොඩි බබාලා ඉන්නවනම් crime rate එක අඩු හොඳ school district එකකට අයිති පැත්තක් හොයාගන්න එක වැඩිය හොඳයි.