USA: the only superpower?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සෝවියට් රුසියාව බිඳ වැටුණට පස්සෙ ඇමරිකාව ලෝකයේ එකම සුපිරි බලවතා හැටියටයි පිළිගන්නෙ. චීනය වගේ රටවල කැපී පෙනෙන නැගිටීමක් තිබුණත් ඒක ආර්ථික ක්ෂේත්‍රයට සීමා වීමත්, අනික් අතට ඇමරිකාව දේශපාලනික, ආර්ථික, යුදමය, සංස්කෘතික, තාක්ෂණික යන ක්ෂේත්‍ර බොහොමයකින් ලෝකයට බලපෑම් කිරීමට සමත් වී තිබීමත් විශේෂ දෙයක්. නමුත් ඇමරිකාවේ බලපෑම, ක්‍රමයෙන් අවම වෙන තත්වයකට පත් වෙමින් තියෙන බවක් පේන්න තියෙනවා, brics වගේ රටවල නැගිටීම එක්ක.

    කොහොම නමුත් මම හිතන්නෙ විද්‍යාත්මක ඥානය සහ තාක්ෂණික නවෝත්පාදනය අතින් ඇමරිකාව අභිබවන්න පුළුවන් සිස්ටම් එකක් වෙන රටකට ගොඩනගන්න බැරි වෙයි කියල. ලෝකයේ හැම රටකින්ම වගේ දක්ෂයන් ගෙන්වාගැනීම, දියුණු විශ්ව විද්‍යාල පද්ධතිය, නවෝත්පාදනවලට ආයෝජනය කළ හැකි ධන කුවේර ව්‍යාපාරිකයන් (ගේට්ස්, මස්ක්, සකර්බර්ග්) සිටීම වගේ දේවල් නිසා ලෝකයේ නැගී එමින් පවතින අනික් රටවලට වඩා තවමත් නවෝත්පාදනය (innovation) අතින් ඇමරිකාව ඉදිරියෙන් ඉන්නවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    දැනටමත් quantum computing සහ battery technology අතින් චීනය ඉදිරියෙන්.

    ලඟදිම chip production වලිනුත් ඉදිරියට එයි.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,932
    4,497
    113
    දැනටමත් quantum computing සහ battery technology අතින් චීනය ඉදිරියෙන්.

    ලඟදිම chip production වලිනුත් ඉදිරියට එයි.
    they could not make the tip of a ball point pen till recently... :lol: :lol:
     
    • Wow
    Reactions: RedProMaxxa_2