මට ආයෙ කියන්න් දෙයක් නැ මුල ඉන්දලා අගටම හොදට කියලා තියෙන්නේරත්තරං;17001343 said:බ්‍රාසෝ තියෙන්නේ පිත්තල පොලිශ් කරන්න
මේ අය බ්‍රාසෝ කියල කට් ඇන්ඩ් පොලිශ් වලට කියන්නේ එදා ඉදලා තිබුනේ බ්‍රාසෝ නිසා. හරියට රබර් සෙරප්පු වලට බාටා කියනවා වගේ.මේ ගොල්ලොවත් බ්‍රාසෝ කිව්වට උබ ඔය කියන බ්‍රාසෝ එක මෙයාලා පාවිච්චි කරන්නේ නෑ. උබ දාපු link එක බලපන්. ඒ බෝතලේ බ්‍රාසෝ බෝතලයක් නෙමේ. කට් ඇන්ඩ් පොලිශ් එකක්. වාහන වලට බ්‍රාසෝ දාන්න එපා. බ්‍රාසෝ එකේ තියෙන අර මිදෙන කහපාට කුඩ විතරයි පේන්ට් එක පොලිශ් වෙන්න උපකාරී වෙන්නේ. ඒකේ තියෙන වතුර ටික සම්පූර්නෙන්ම තියෙන්නේ බ්‍රාස් (පිත්තල ) වල බැදෙන ඔක්සයිඩ දියකරල අරින්න. එකනේ ඒකට බ්‍රාසෝ කියන්නේ. බ්‍රාස් වලට තියෙන නිසා. හොද ක්ලියර් ලැකර් එකකින් ආරක්ශා නොවුනු පරන පේන්ට් වලට බ්‍රාසෝ දැම්මහම දෙයියන්ගෙම පිහිටයි
මට හම්බවෙච්ච හොදම කට් ඇන්ඩ් පොලිශ් එක CIC කට් ඇන්ඩ් පොලිශ් එක. සුදු පාට බෝතලේක එන කගපාට ක්‍රීම් එක. බ්‍රාසෝ වගේ මිදෙන්නේ නෑ. කරුමෙට දැන් ඒක එන්නේ නෑ බන්
මිනිස්සුන්ට වගේ වාහන වලට රෑට රෙදි පොරෝලා දොයි කරවන්න එපා. පේන්ට් එකට කිසිම දෙයක් ටච් වෙන්න තියන්න එපා. වාහනේ තෙමෙනවා ඊට සැපයි. පේන්ට් එකට ලොකුම හානියක් වෙන්නේ වැස්සෙන් නෙමේ, අව්වෙන්. අව්ව තමා පේන්ට් එකට තියෙන ලොකුම සතුරා. වාහනේ ගිනි අව්වේ තියන එක වැස්සේ තියනවටත් අන්තයි. අනික තමා රෙදි පෙරවිල්ල
මම දන්න තරමින් උබට ඔය පැච් ටික රිකවර් කරන්න බෑ. එක එක ඒවා දාලා පරන පේන්ට් කපන්න යන්න එපා තහඩුවම මතු වෙයි, IDGටකියලා කොලෙන් කපලා පොටි පොඩ්ඩක් ඇදලා door කටවලුත් එක්ක පේන්ට් කෝඩ් එකක් ගහගනින් වාහනේ ගලවන්නේ නැතුව මාස්කින් ටේප්ම ඇදලා. වලවල් තියෙනවනම් බස්සපන් කාඩ්බෝඩුයි කැල්ට්ලොවියි. ඕවා ටිංකරින් කරන්න යන්න එපා බැරිමනම් මිසක්. ලාම්පුව ඇල්ලුවහම පරන කාර් වලින් 4න් 3ක් බිම. ක්ලියර් ලැකර් ඕනේ නෑ. වැඩි ගානක් යන්නේ නෑ
brasso කියන්නේ අර දුබුරු පාට වීදුරු බෝතලේ එන අටමගුල
cut and polish
![]()
අද්දැකීමෙන් කියන්නම් බ්‍රාසෝ වලින් ගන්න පුලුවන් වැඩක්. බ්‍රාසෝ එක මිදෙන්න තියලා වතුර ටික වෙන් කරගනින්, ඒ වතුරෙන් පුලුවන් ක්ලියර් ලැකර් එක වෙන වාහන ඇතිල්ලුවහම ඒකේ පේන්ට් එක අපේ වාහනේ ගෑවිලා තියෙන ඒවා යවන්න. ඉස්සෙල්ලා භූමිතෙල් බ්‍රාසෝ වතුර දාලා ඒවා යවල තමා ඇදුනු ඉරි කපන්නේ කට් ඇන්ඩ් පොලිශ් දාලා. නැත්නම් ඒවත් කපලම යවන්න ගිහාම පේන්ට් එකෙන් භාගයක් රෙදි කෑල්ලේ. කොහොම උනත් හොද තත්වයේ ක්ලියර් ලැකර් එකක් නැති පරන පේන්ට් වලට බ්‍රාසෝ දාන්න එපා.අනික බ්‍රාසෝ වලින් කොහොම හරි පොලිශ් කලා කියමු, සුදු පාට දැල්ලක් බැදිලා ඒ දැල්ලත් එක්ක පොලිශ් වෙන්නේ. හොද වර්ගෙක කට් ඇන්ඩ් පොලිශ් එකකිනුයි බ්‍රාසෝ වලිනුයි දෙකෙන්ම තැන් දෙකක් කපල බලපන් වෙනස








