සබ් තමා

සබ් පෙනිලා ඉන්නේ. සව්න්ඩ් සිස්ටම් එකක් ගහන්න අතේ තියං හිටිය සල්ලි ටිකක්..ණයත් වෙලා ඉවර උනේ අන්තිමට ..

CV දැම්මා. රැක් එන්ඩ් සවුත්තුයි වගේ තේරුනා. ඒවා දැම්මා. බෝල් ජොයින්ට් දැම්මා. ඩිස්ට්රිබියුටර් කප් එකයි වයර් සෙට් එකයි දැම්මා. ප්ලැටිනම් සෙට් එක දැම්මා.
ඊට පස්සේ පාරේ යද්දි පොඩි බබල් එකක් එන්න ගත්තා. බැලින්නං එක ටයර් එකක කම්බි වගයක් කැඩිලා. ඉස්සරහා. දැං මෙච්චර කෑලි දාපු එකේ පරණ ටයර් තියං ඉදලා ලබ්බකටද කියලා දැම්මා අළුත් ටයර් දෙක්ක ඉස්සරහට දාන්න ගියා. පස්ස ටයරුත් ටිකක් විතර සවුත්තුයි තිබුනෙ. ටයර් කඩ කාරයාට ඉතුරු සල්ලි පස්සෙ දෙන්නං කියලා ටයර් 4ක් ම දැම්මා. අළුත් ටියුබ්ලස් රිම් 4ක් එක්ක.
B11 එකට එන ඔරිජිනල් රිම් කප් හතරක් තාත්තාගේ යාළුවෙක්ගෙං ඉල්ලං ආවා. දැං ඇලෝ වීල් ඕන නෑ වගේ..
කාර් එකේ ලෙඩ හොදයි.. හිතත් හොදයි.. සාක්කුව සුද්දයි..
සබ් වූපර්

සබ් වූපර් වගේද දැං දෙයියනේ කියලා පාරේ යනවා නොවෑ...
ජපං රී කන්ඩිශන් සෙට් එකක් 2000 කට අරං... පයිනියර් ස්පීකර් දෙකක් (රී කන්ඩිශන්) දොර දෙකට හයි කලා.. දැං පට්ට සවුන්ඩ්
