මමත් දැන් අවුරුදු 4ක 5ක ඉදල vegetarian.මස්,මාළු,බිත්තර මොකුත් කන් නෑ.![]()
ela machnමමත් දැන් අවුරුදු 4ක 5ක ඉදල vegetarian.මස්,මාළු,බිත්තර මොකුත් කන් නෑ.![]()
ela machnmamath mas malu kanne ne.
vege den godak kal indan. kiri withrai bonne. anagata mara sahalluwak thiyenne. ewagema manasatath

මේ විස්තරේ හොඳට කියවපන් මචෝ.. ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් තියෙනවා. මම දැනට අවුරුදු 22ක් වෙජි. මම මස් මාළු බිත්තර නැවැත්තුවේ මට අවුරුදු 10 දි. ගොඩක් අයගේ මතයක් තියෙනවා වෙජි වුනාම ශක්තිය අඩු වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. තමන් කරන දේ සාදාරනීකරණය කරගන්න කියන දෙයක් මචං ඒක. මස් වලට වඩා protein තියෙන එළවලු තියෙනවා (උදා : broccoli) ඒවා හොයලා බලලා කෑමට ගත්තම හරි. මම දන්න යාලුවෝ ඉන්නවා අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳන් වෙජි. ඒගොල්ලෝ හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. ඉතිං මුලින්ම මට ඕනේ වුනේ මේ දෙගිඩියාව කියන දේ නැති කරන්න. මම හිතනවා මේ කිව්ව දේවල් වැදගත් වෙන්න ඇති කියලා.
ඊලග දේවල් ගැන කතාකරනවානම්, උඹ වෙජි වුනාට පස්සේ සමහර විට ආසන්න කාලයේදී ඇඟට පොඩි වෙනසක් දැනෙන්න පුළුවන්. ඒක එහෙම වෙනවමයි කියල දෙයක් නැහැ. එක එක්කනාගේ ඇඟවල් අනුව එහෙම වෙන්න පුළුවන්. මම දන්න කෙනෙක් ලඟදි vegan වුනා. මාස දෙකක් විතර යනකොට එයාට පොඩි ඇඟට පණ නැති ගතියක් වගේ ආවා. පස්සේ ඒක හරිගියා. දැන් අවුරුද්දක් විතර වෙන්න එනවා, දැන් ඉන්නවා යකා වගේ..ඒවගේම තව අය ඉන්නවා එහෙම කිසිම වෙනසක් නොවිච්ච අය.
කන්න ඕනේ දේවල්, එපා දේවල් ගැනත් ටිකක් කියන්නම්. උඹ හරියටම පිළිපදිනවනම් හොයලා බලන්න ඕනේ දේවල් තියෙනවා. cake කන්න බැරි නැහැ. දැන් ඕනේ තරම් තැන් වල eggless cake තියෙනවා. මම ගන්නවා Fab, Goodies වලින්. අනිත් දේ තමා Gelatin. උඹට Jelly කනවනම් කන්න පුළුවන් Moss Jelly විතරයි. මොකද සාමාන්‍යයෙන් Gelatin හදන්නේ හරක්, කුකුල්ලු, අශ්වයෝ, මාළු සහ ඌරන් ගේ ඇටකටු වල තියෙන සාරයෙන්. Moss Jelly හදන්නේ Seaweed (මුහුදු ශාක සාර) වලින්. එතකොට උඹට Motha Jelly කන්න බැහැ. බොහොමයක් Yoghurt කන්නත් බැහැ. Moss Jelly වලින් හදන ඒවා ingredients වල (Gelatin - Seaweed) කියල ගහල තියෙනවා. මේ මම කිව්වේ මචං උඹ විමසිලිමත් වෙන්න ඕනේ, ගොඩක් අයට වැඩි වැටහීමක් නැති දේවල් කීපයක්. ආයෙත් කියනවා.. උඹට හරියටම පිළිපදින්න ඕනෙනම් විතරක් මේ දේවල් හොයලබලපන්.
එහෙනම් මේ දේවල් උඹට වැදගත් වේවි කියලා හිතනවා. මොනවහරි තව දැනගන්න තියෙනවනම් මට PM කරපං. ජයවේවා !!
හොද විස්තර ටිකක් කියල තියෙනවා.
නිර්මාන්ශ කණ්ඩායම් ප්‍රධාන වශයෙන් 2 ක් තියෙනවා.
1. Vegetarian
කිරි බිත්තර(ජීවයක් නැති) අහාරයට ගන්නා
2. Vegan
කිරි බිත්තර පවා ආහාරයට නොගන්නා
Vegan වෙනව නම් විටමින් B12 supplement(ෆාමසි වල තියෙනවා) කරන්න ඕන.
Vegetarian නම් එහෙම විශේෂයක් නැහැ. නමුත් මස් කන නොකන කියල බේදයක් නැහැ..අපි නිවැරදි විදිහට ආහාර නොගන්නවා නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට/ ශක්තියට වැරදි ලෙස බලපානව.
Vegetarian/Vegan අයගේ diet සමහර විට highly inflammatory වෙන්න පුලවන්. මොකද සමහර අහාර වල තියෙන omega 6 fatty acid ප්‍රමාණය omega 3 fatty acid ප්‍රමාණයට වඩා ඉතාමත් විශාල වීම. ඒ නිසා omega 6 අඩුවෙන් තියෙන omega 3 වැඩියෙන් තියෙන ආහාර ගැන පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න ඔන.
omega 3: omega 6 අනුපාතය 1:4 වගේ ප්‍රමාණයක තබා ගන්නවා නම් වඩා හොදයි.
උදාහරණයක් විදියට, ඉහල ප්‍රෝටීන් ප්‍රමානයක් තිබුනත් රටකජු වල ඉහල omega 6 ප්‍රමාණයක් සහ ඉතා අඩු omega 3 ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා රට කජු වගේ ආහාර ටිකක් අඩු කරන්න ඕන.
omega 3 ප්‍රමාණය වැඩි කරගන්න flax seed වැනි අහාරයක් දිනපතා ආහාරයට එක් කර ගන්න පුලුවන්. flax seed ලංකාවෙ නම් ගන්න තැනක් නෑ මම දන්න විදියට. නමුත් අසල් වැසි ඉන්දියාවෙ පවා flax seed වගා කරනවා..eBay එකෙන් flax seed ඉතා අඩු මුදලකට ගන්න පුලුවන්.
Vegetarian කියන්නෙ මේ මස් මාලු කන්නෙ නැතෙයි කියනවාට වඩා වෙනස් සංකල්පයක්. මේක lifestyle එකක්. ඒ කියන්නෙ සත්ව ඝාතනයට අනුබල දෙන ජීවන රටාවකින් බැහැර වීම. ඇත්තටම මේකෙ තියෙන්නෙත් Buddhism වල තියෙන concept එකමයි.
Vegetarian කෙනෙක් සත්ව හම්, ලොම් වලින් සකස් කරන භාණ්ඩ පරිහරණය කරන්නෙත් නෑ.
Vegetarian හෝ vegan වීමෙන් ශරීරයට කිසිම negative effect එකක් නෑ.
නමුත් සමහර නොවැලැකිවිය හැකි අවස්ථා වල මේ ප්‍රතිපත්තියෙන් පොඩ්ඩක් බැහැර වෙන්න වෙන අවස්ථා එන්න පුලුවන්. ඒ වගේ අවස්ථා පුලුවන් තරම් අවම කර ගැනීම තමයි ඉතින් කරන්න වෙන්නෙ. උදාහරණයක් විදිහට, අපි බොන ගොඩක් බෙහෙත් කරල් වල ආවරණය හදලා තියෙන්නෙ gelatine වලින්. ඉස්සරහට වෙනත් ක්‍රම වලින් බෙහෙත් කරල් නිර්මානය කරාවි. අපිට කරන්න පුලුවන් ඉතින් පුලුවන් තරම් ලෙඩ රෝග වලින් ආරක්ශා වෙල ඉන්න එක තමයි.
Vegetarian/Vegan ක්‍රීඩකයො ලෝකයේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා Vegetarian/Vegan උනාම ඇග දුර්වල වෙනවා කියන්නෙ බොරු කතාවක්.
මම දැනට අවුරුදු 10 ටත් වැඩි කාලෙක ඉදන් vegetarian.
අලුත් අවුරුදේ හොද දෙයක් කරන්න යන OP ට මගෙන් සුබ පැතුම්!

වෙජිටේරියන් චැලෙන්ජ් ත්‍රෙඩ් එකක් පටන්ගමුද කට්ටියපුලුවන්නම් එකෙක් ස්ටාටි එක දිපං.

සමහර කමෙන්ට් දැක්කම හිනත් යනවා බං!!
පට්ට වෙජිටේරියන්ලු !! නමුත් බොනවලු!! එළවලු කාලා බොනවලු!!
බොනවා කියන්නේ ගෙඩි පිටින්ම පස්පව් වලින් එකක් කරන එකනේ.
නමුත් මස්මාලු කනවා කියන්නේ පස්පව් වලින් එකක් වත්, බරපතල පවක් කියලාවත් බුදුදහමේ ඉගැන්වෙන්නේ නෑනේ!!
ප්‍රාණඝාතයකදී ඇතිවන ද්වේශ සහගත අකුසල් සිතක් ඇතිනොවන අයුරින් ලැබෙන්නාවූ මස්මාලු කෑවත්, මස්වගේ රහයි කියලා හිතාගෙන සෝයාමීට් කෑවත්, පොළොස් කෑවත් වැඩෙන්නේ එකම ආකාරයේ තෘෂ්ණාව විතරයි මම දන්නා විදියට.
කඩේකින් විකුනන්න තියෙන මසක් මාලුවක් කන ගමන් ඒකේ කුකුලෙක් හෝ මාලුවෙක් දැකීම එක්තරා විදියකින් මෝහය වඩාගැනීමක්. මොකද එය අනෙක් ආහාර වගේම සතර මහා භූතරූප වලින්යුත් ද්‍රව්‍යමය ආහාරයක් මිස කුකුලෙක් හෝ මාලුවෙක් නෑ.
ඕනෑවට වඩා අන්තවාදීව සිතීම නම් බුදුදහමට විරුද්ධයි!!
නමුත් යම් ආකාරයකින් ප්‍රාණඝාතයකට සම්බන්ධවී ද්වේශසහගත සිතක් ඇතිව ආහාරයට මසක් ලබාගන්නේනම් එය අකුසලයක් ලෙස ගැනීම බුදුදහමට එකගයි!!
නමුත් වෙනත් හේතුවක් අරඹයා නිර්මාංෂ වන්නේ නම් එහි කිසි දොසක් නෑ!!
මෙතන රාග දේවේශ මෝහ තෘෂ්ණා සිත් කතන්දර අවශ්‍ය නෑ. මම කුකුල්ලු මරනවා නම් උබලගේ ගෙදරටයි උබලගේ එහා ගෙදරටයි කුකුළා ගානේ කුකුල්ලු දෙන්නෙක් දාගෙන යනව නම්. උබලගේ ගෙදර වෙජිටේරියන් උනොත් මම දෙන්නෙක් මරන්නේ නෑ. දවසට එක කුකුලයි මරන්නේ. ඒ නිසා කුසල් සිත් අකුසල් සිත් පටලවාගන්නේ නැතුව ඉල්ලුමට සැපයුම කියන සරල සිද්ධාන්තය තේරුම් ගමු.




Machan veg walinma apita ona protein ganna amarui. Malu, biththra nan nawathwanna epa hugak agata danenawa ban a nisa control karapan hamadema.

ekata whey supplement ekak pavichchi karanna puluwan, nathnam soy protein supplement ekak wage![]()
මුල් සතියෙ දෙක වගේ ටිකක් අමාරුයි. වැඩ කරන වෙලාවට අවේලාවේ නිදිමතක් අප්‍රාණික බවක් දැනෙනවා. ඒ සති දෙකේ මල්ටිවිටමින් එකක් අරගෙන කොල ජාති වැඩියෙන් කාලා, පළතුරුත් හොඳට කාල ඉන්නකොට කිසි අව්ලක් නෑ බන්. අලි ඇත්තු බර උස්සන්නෙත් හරක් බර අදින්නෙත් අශ්වයා හයියෙන් දුවන්නෙත් මස් කාලා නෙවෙයිනේ.

ow eka aththa machan ... scientifically baluwoth human hormones hema ekakma proteins nisa thamai othana podi awulak awoth enne, eka ithin hamotama ehema wenne ne, samaharunta enawa, ethakota ekata protein supplement ekak giyama hari![]()

