මේකේ වාසි මොනවද බං? පොලිය එහෙම අඩු ද?
Loan එකෙකින් වෙන්නේ එතකොට අපට වාහනයක් ගන්න සල්ලි දෙන එක නේ.. loan එක ගන්නකොට bank එකෙන් වාහනය බලනවද? ( මොකද අපට සල්ලි වලින් වාහනයක් ගන්නේ නැතුව වෙන දෙයක් කරන්නත් පුළුවන් නේ.. වාහනය ඇප වෙන්නේ නැති නිසා)මුලින්ම කියන්න ඕනා මේ දෙකම බැංකුවකින් ගන්න එක මුල්‍ය සමාගමකින් ගන්න එකත් එක්ක සසදන්න බෑ.
දෙවිදිහම බැංකු වල තමා අඩුම.
ලීසිං
බැංකුවකින් ගත්තොත් අඩුම රේට් එක සාමාන්‍ය ලෝන් වලට වඩා. එක්ක බැංකුවක් එක සමාගමක් සමග සසදන්න.
පොලිය ස්ථීරයි ගෙවලා ඉවර වෙනකන් බොහොමයක් තැන් වල.
මුල්‍ය සමාගම කින් ගත්තොත් වැඩිම රේට් එක.
ඇප කරුවන් ඕනා නෑ
මහජන සම්පත ලැබුනොත් වැඩක් නැත. වාරික ඔක්කොම එක පාර ගෙවන එකේ. ඒ නිසා ඒ සල්ලි ටික බැංකුවේ දාලා වාරික ගෙවන එක තමා එකම විසදුම
කලින් විකුණන්න හිතුනොත් වාරික ඔක්කොම ගෙවලා පොත ගන්න වෙනවා. සමහර බැංකුවල රී ලීස් කියලා තියනවා. එකේදී නොගෙවන්න නියමිත පොලිය ඩිපොසිට් එකක් දීලා, පස්සේ ගන්න පුළුවන්. එත් කරදරේ.
ලෝන්
වාහනේ ලෝන් එක අතර සම්බන්දයක් නෑ. පොත තමන් ගාව.
කැමති වෙලාවක විකුනන්න පුළුවන්.
ඉන්ෂුවරන්ස් එක අඩුයි. ලීස් කවර් එක නෑ
තමන් කැමති තැනකින් තමන්ට ඕනා විදිහට දාගන්න පුළුවන්. ලීසිං කොම්පැණියේ කිසිම බාදාවක් නෑ
සමහර බැංකුවල ඇපකරුවන් ඕනා.
රේට් එක මේ දවස් වල ෆික්ස් දෙන්නේ නෑ. පොලිය වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව වාසි අවාසි දෙකම වෙන්න පුළුවන්
ගෙව්වේ නැති නම් නඩු දැම්මත් වාහනේ උස්සගෙන යන්නේ නෑ. ඒ කියන්නේ නොගෙවා ඉන්න පුළුවන් කාලේ වැඩියි. නමුත් මේක අනුමත කරන්නේ නැත.
අනතුරක් උනත් ඉකමනට හදාගන්න පුළුවන්. ලීසිං එකෙන් ලියුම් ගන්න ඕනා නෑ.
මහජන සම්පත ලැබුනොත් කලින් ගෙවලා ඉවර කරලා අඩු පොලිය වාසිය බුක්ති විදිහ හැක.
විශේෂ පුද්ගලයින්ට විශේෂ රේට් දෙනවා. උදා කොමර්ෂල් බැංකුවේ AWPLR මියිනස් 1 or 2 ලෝන් දෙන කට්ටියත් ඉන්නවා.
vehicle ලෝන් කියලා ගත්තොත් වෙන්නේ මොගේජ් එකක්. එක සාර්ථක නෑ. ලීස් කරන්න එහෙම නම්Loan එකෙකින් වෙන්නේ එතකොට අපට වාහනයක් ගන්න සල්ලි දෙන එක නේ.. loan එක ගන්නකොට bank එකෙන් වාහනය බලනවද? ( මොකද අපට සල්ලි වලින් වාහනයක් ගන්නේ නැතුව වෙන දෙයක් කරන්නත් පුළුවන් නේ.. වාහනය ඇප වෙන්නේ නැති නිසා)
නීතියක් තියනවා current owner and absoulte owner same නම් වාහනේ පොතේ කොපියක් අනිවාර්යයෙන්ම rmv එකට එවන්න කියලා.
දැන් අපි loan එකකින් ගත්තොත් වාහනේ current owner and absolute owner same name එක print වෙන නිසා එතනදි අපට income tax යන්න වෙනවා..( declaire කරලා තියන්නේ ලක්ෂ 18.. කෝටියක වාහනයක් ගත්තොත් සල්ලි ආවේ කොහෙන්ද කියලා හොයනවා අනිවර්‍යයෙන්ම.. වාහනේ regsiter කරන්න tin එකක් ඕන නිසා)
මේක අවුලක් වෙයි ද?
ලීසිං කිය්ලා ඔප්ෂන් එකක් තියනවා. ඉන්ෂුවරන්ස් කරද්දී අබ්සොලුට්ඔව්නර් වෙන කෙනෙක් නම් එක දාන්න ඕනා. එතකොට ප්‍රිමියම් එක වැඩි වෙනවා.... 10% වත් අඩු වෙනවා අවුරුදු 5ක ලීස් එකක් නම් 5 වතාවක් ඒ වැඩි වීම ගෙවන්න වෙනවා.....Insurence අඩු වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් ද?
කෝටියක වාහනයක් leasing කරලා ගන්නකොට සහ loan එකක් දාලා ගන්නකොට insurence කීයක් විතර අඩු වෙනවද?
මේක උනහම බේරා ගන්නේ කොහොමද?වාහනේ පොතක් ප්‍රින්ට් උනා නම් දැන් බොහෝ විට ටැක්ස් ෆයිල් එකට රිෆර් වෙනවා. NIC එක. එතකොට ලීස් ලෝන් කියල නෑ වහෙනේ පොතෙන් පික් වෙන්නේ
ලෝන් ගත්තමත් වර්ග දෙකක් තියනවානේ
Vehicle loan සහ Personal loan
Vehicle loan/Car loan
මේක එක එක බැංකු වල එක එක විදියට දෙන්නෙ. වාහනේ වැලුවේශන් එකක් ඕන, තව වාහනේ වටිනකමින් %ක් විතරයි දෙන්නෙ, සහ වාහනේ අවුරුදු 7ක් ඇතුලත හදපු එකක් වෙන්න ඕන වගේ කන්ඩිශන් තියනවා
වාහනේ අයිතිය තමන්ට හම්බුනාට සමහර බැංකු වලින් Simple hold එකක් කියලා වාහනේ පොත බැංකුවෙ තියා ගන්නවා. වාහනේ තමන්ගෙ නමට තියෙන්නෙ නමුත් පොත තියෙන්නෙ බැංකුවෙ. දුම් පරික්ශන කරන්න ලයිසන් රිනිවු කරන්න වගේ ඒවට සර්ටිෆයි කරපු කොපියක් දෙනවා
මේකෙදි සල්ලිත් අපේ අතට දෙන්නෙ නැද්ද කොහෙද. වාහනේ ගන්න සේල් එකට හරි කලින් අයිතිකාරයට හරි කෙලින්ම දෙන්නෙ
Personal loan
මේකට වාහනේ සම්භන්ධයක් නැහැ. loan එකක් අරගෙන කැමති වාහනයක් ගන්න තියෙන්නෙ.
දෙනවා නේද? Dfcc නම් දෙනවාNDB eken vehicle loan denavada ?