Vehicle Ownership Chage Help

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එලකිරි එකේ වාහන වැඩ්ඩොන්ග්‍නේ හෙල්ප් එකක් ඕන,,,

    මම ළඟදි 2nd Hand Pulsar 150ක් ගත්තා බං, BAA නම්බර්, ඒක හැබැයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ සබරගමු පළාතට(SG) මම ඉන්නේ මාතර, මට මේක මෙහාට හරවගන්න ඕන බං, වාහනේ පොතයි, Open Papers ඔක්කොම Sign කරල තියෙන්නේ බං, මේක ආදායම් බලපත්‍ර‍ ලබන අවුරුද්දේ පෙබරවාරි වලට ඉවර වෙනවා, ඊට කළින් මේක Transfer කරගන්න ඕන නේ බං, මට හරියටම දැන ගන්න ඕන මාතර RMV එකෙන් ඔය වැඩේ කරගන්න පුලුවන් වෙයිද? තව දෙයක් Number Plate වෙනස් වෙන නිසා ගාන කීයක් වගේ යයිද බං? හරියටම ඕන ලියකියවිපි මොනවද? දන්න කෙනෙක් හෙල්ප් කරපං, රෙප් 7 බැගින් සළකන්න පුලුවන්, එල
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    හිමිකම් පැවරීම ලියාපදිංචිය

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

    වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
    එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
    එක් දින සේවාව ලබාගැනීමේදී;

    වාහනයක අයිතිය එක් දිනකින් පවරා ගැනීම සඳහා පැවරුම්ලාභියා පැමිණ තම අනන්‍යතාවය සනාථ කර අදාල ලියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී එක් දින පැවරුම් කවුළුවට භාර දිය යුතුය. නමුත් ඉදිරිපත් කරනු ලබන් ලේඛන හා කරුණු පිළිබඳව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් පැවරුම්ලාභියාගේ නියෝජිතයෙකු වෙනුවෙන් වුවද එම සේවාව ලබා දිය හැක.
    එක් දින සේවාව මඟින් පැවරුමක් කර ඇති විට මාස 06 ක් යනතෙක් එම වාහනය සඳහා නැවත පැවරුමක් එක් දින සේවාව මඟින් සිදු කල නොහැක. නමුත් ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය පරිදි පෙර අයිතිකරුවන් ගෙන්වා හෝ වෙනත් පිලිගත හැකි ලියකියවිලි මඟින් හෝ පැවරුමට විරෝධතා නොමැති බවට තහවුරුවක් ලබාගෙන එක් දින පැවරුමක් කර මාස 06ක් ඇතුළත නැවත එක් දින පැවරුමක් කළ හැක.
    ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය. නමුත් පැවරුමක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි හා අනෙකුත් කරුණු අනුව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් අනුපිටපතක් මත වුවද එක් දින සේවා පහසුකම් මඟින් පැවරීම සිදු කළ හැක.
    ලේ ඥාතීන්ගේ සහ එකම ලිපිනයක් සහිත වාහන පැවරීමේදී අදාල පාර්ශවයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය මත එක් දින පැවරුම් සේවාව ලබා දිය හැක.
    විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.
    රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.
    නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.
    එක්දින පැවරුම් සේවා යටතේ පුද්ගල පැවරුම් එකකට පමණක් අදාලව සිදුකල හැකි අතර මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැවරුම් උපරිම වශයෙන් 03 කට සීමා විය යුතුය.
    අයිතිකරුම තමාගේ වාහනයේ ලියාපදිංචි සහතිකය නැතිවීම සම්බන්ධයෙන් අනුපිටපතක් ඉල්ලා ඇති විට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අදාල ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් එක් දින සේවා පහසුකම් මඟින් අනුපිටපතක් නිකුත් කළ හැක.
    එක් දින පැවරුමක් සිදු කල පසු ඒ බව පැවරුම්කරු වෙත එදිනම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.

    එක් දින සේවාව යටතේ ඉටු කරනු ලබන්නේ මෙම සේවාවන් පමණි

    වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
    ශාඛාවේ සහකාර කොමසාරිස් සෑහීමකට පත් වන්නේ නම් බර සහතිකයක් හෝ අනන්‍යතා සහතිකයක් මත කරන එංජින් අංකයක් සංශෝධනය, නීත්‍යානුකූල ආකාරයට සිදු කරනු ලබන නම හෝ ලිපිනය සංශෝධනය ආදී කටයුතු

    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

    එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරය්ක් නම් ඉහත පරිදි ව්‍යාපර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි,සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
    ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි "A" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාල නොවේ,)
    සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇතිවිට ලියාපදිංචි හිමිකම් පවරා ගැනීම

    වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්‍ය සේවා) පැවරීම් අංශය‍ට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.
    අවශ්‍ය ලියකියවිලි

    එම්.ටී.ඒ. 5
    එම්.ටී.ඒ. 7
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)

    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    වර්තමාන අයිති කරු විවාහක නම් ‍ඔහු‍ගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්‍රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්‍රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)
    බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්
    බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.
    සැ.යු එක්දින සේවා පහසුකම් යටතේ පැවරීම් කරනු නොලැබෙන අතර ගාස්තුව සාමාන්‍ය පැවරුම් ගාස්තුව අනුව අය කරනු ලැබේ.
     
    • Like
    Reactions: sithija.h

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    හිමිකම් පැවරීමේ ගාස්තු
    මෝටර් වාහන පැවරීමේදී අදාල වන අයකිරීම්

    ගාස්තු
    බදු
    ගාස්තු

    පැවරීම් ලියාපදිංචි කිරීමේ ගාස්තු

    vM7qTVe.png

    අංක තහඩුව ගාස්තු (පළාත් වෙනස් වන්නේ නම්)
    බර කිරිම හා සංශෝධන ගාස්තු (අදාල වන්නේ නම්)
    රජයේ වාහනයක් නම් තැපැල් ගාස්තු හා අංක තහඩුව ගාස්තු පමණක් අයකරනු ලැබේ.
    පහත සඳහන් ආයතන සඳහා පැවරුම් ගාස්තු අයකරනු නොලැබේ.

    රාජ්‍ය අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන
    පළාත් සභා
    පළාත් පාලන ආයතන
    රාජ්‍ය තාන්ත්‍රික ආයතන , දූත මණ්ඩල ආදිය
    අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු සාමාන්‍ය සේවය (රු)

    පැවරීම සිදුකිරීමේදි පළාත් වෙනස් වන්නේ නම් වාහන පන්තිය අනුව අංක තහඩු ගාස්තු අයකරනු ලැබේ.
    බදු

    විකුණුම් බද්ද (Sales Tax)

    පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000 ක බද්දක් අයකරනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)

    පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 05 ක් ඉක්මවා නොමැති මෝටර් කාරයක් හෝ ද්විත්ව කාරය වාහනයක් පැවරීමේදී රු 1000 ක රඳවා ගැනීමේ බද්දක් අය කෙ‍රේ.(මෝටර් බයිසිකල්, ත්‍රී රෝද රථ,ලොරි,බස්, සහ අත් ට්‍රැක්ටර් වල‍ට අදාල නොවේ)

    වාහනය පෙන්වා ලබා ගත් බර සහතිකය (වාහනය පෙන්වීම සඳහා කාර්මික ශාඛාවෙන් නිර්දේශ කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබාගත යුතුය.)

    ඉංශ්‍රීසි අංක සහිත වාහනයක් පෙ‍ට්ට්‍රල් එන්ජිම ඩීසල් බවට පත්කිරීමේදී පහත සදහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.(මුල් ලියාපදිංචි දිනයේ සිට වර්ෂ 3 ක් පසුවන තුරු ඉන්ධන පරවර්තනය කළ නොහැක.)

    ලියාපදිංචි සහතිකය
    වාහන හැඳුනුම්පත
    ලිසිං පහසුකම් ලබා තිබේ නම් එම ආයතනයේ විරුද්ධත්වය නැති බවට සඳහන් ලිපිය
    පවත්නා වර්ෂයේ ආදායම් බලපත්‍රයේ මුල් පිටපත ඉංශ්‍රිසි අංකය නොවන විට වාහන හැඳුනුම්පත හැර අනෙක් ලියවිලි ඉදිරිපත් කල යුතුය.අංක තහඩු සහ ස්ටිකර් සඳහා පමණක් අයකරනු නොලැබේ.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=113&Itemid=125&lang=si
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හිමිකම් පැවරීම ලියාපදිංචිය

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

    වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
    එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
    එක් දින සේවාව ලබාගැනීමේදී;

    වාහනයක අයිතිය එක් දිනකින් පවරා ගැනීම සඳහා පැවරුම්ලාභියා පැමිණ තම අනන්‍යතාවය සනාථ කර අදාල ලියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී එක් දින පැවරුම් කවුළුවට භාර දිය යුතුය. නමුත් ඉදිරිපත් කරනු ලබන් ලේඛන හා කරුණු පිළිබඳව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් පැවරුම්ලාභියාගේ නියෝජිතයෙකු වෙනුවෙන් වුවද එම සේවාව ලබා දිය හැක.
    එක් දින සේවාව මඟින් පැවරුමක් කර ඇති විට මාස 06 ක් යනතෙක් එම වාහනය සඳහා නැවත පැවරුමක් එක් දින සේවාව මඟින් සිදු කල නොහැක. නමුත් ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය පරිදි පෙර අයිතිකරුවන් ගෙන්වා හෝ වෙනත් පිලිගත හැකි ලියකියවිලි මඟින් හෝ පැවරුමට විරෝධතා නොමැති බවට තහවුරුවක් ලබාගෙන එක් දින පැවරුමක් කර මාස 06ක් ඇතුළත නැවත එක් දින පැවරුමක් කළ හැක.
    ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය. නමුත් පැවරුමක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි හා අනෙකුත් කරුණු අනුව ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් අනුපිටපතක් මත වුවද එක් දින සේවා පහසුකම් මඟින් පැවරීම සිදු කළ හැක.
    ලේ ඥාතීන්ගේ සහ එකම ලිපිනයක් සහිත වාහන පැවරීමේදී අදාල පාර්ශවයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයාගේ තීරණය මත එක් දින පැවරුම් සේවාව ලබා දිය හැක.
    විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.
    රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.
    නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.
    එක්දින පැවරුම් සේවා යටතේ පුද්ගල පැවරුම් එකකට පමණක් අදාලව සිදුකල හැකි අතර මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැවරුම් උපරිම වශයෙන් 03 කට සීමා විය යුතුය.
    අයිතිකරුම තමාගේ වාහනයේ ලියාපදිංචි සහතිකය නැතිවීම සම්බන්ධයෙන් අනුපිටපතක් ඉල්ලා ඇති විට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අදාල ශාඛාව භාර සහකාර කොමසාරිස්වරයා සෑහීමකට පත්වන්නේ නම් එක් දින සේවා පහසුකම් මඟින් අනුපිටපතක් නිකුත් කළ හැක.
    එක් දින පැවරුමක් සිදු කල පසු ඒ බව පැවරුම්කරු වෙත එදිනම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.

    එක් දින සේවාව යටතේ ඉටු කරනු ලබන්නේ මෙම සේවාවන් පමණි

    වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
    ශාඛාවේ සහකාර කොමසාරිස් සෑහීමකට පත් වන්නේ නම් බර සහතිකයක් හෝ අනන්‍යතා සහතිකයක් මත කරන එංජින් අංකයක් සංශෝධනය, නීත්‍යානුකූල ආකාරයට සිදු කරනු ලබන නම හෝ ලිපිනය සංශෝධනය ආදී කටයුතු

    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

    එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරය්ක් නම් ඉහත පරිදි ව්‍යාපර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි,සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
    ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි "A" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාල නොවේ,)
    සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇතිවිට ලියාපදිංචි හිමිකම් පවරා ගැනීම

    වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්‍ය සේවා) පැවරීම් අංශය‍ට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.
    අවශ්‍ය ලියකියවිලි

    එම්.ටී.ඒ. 5
    එම්.ටී.ඒ. 7
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    වර්තමාන අයිති කරු විවාහක නම් ‍ඔහු‍ගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්‍රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්‍රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)
    බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්
    බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.
    සැ.යු එක්දින සේවා පහසුකම් යටතේ පැවරීම් කරනු නොලැබෙන අතර ගාස්තුව සාමාන්‍ය පැවරුම් ගාස්තුව අනුව අය කරනු ලැබේ.

    Rep 7++

    Thanks mcn! :) :)