https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=siView attachment 160625
අයිතිය මාරු වෙනවා කියන්නේ වාහනේ පොත මාරු කරන්න ඕනි ඔයාගේ නමට,
මේ ලියකියවිලි ටික ඕනි.
1. එම් ටී6 ෆෝර්ම් එක (පරණ අයිතිකාරයා අත්සන් කරලා තියෙන්න ඕනි ).
2. ඔයාගේ ෆොටෝස් දෙකක් (ග්‍රාම සේවක සහතික කරපු ).
3. වාහනේ පොත (ඔරිජිනල් එක )
4. ආදායම් බලපත්‍රය (අලුත් එකක් වෙන්න ඕනි )
5. පරණ අයිතිකාරයගේ අයිඩී කොපි එක (ඔනි නෑත් කියනවා, හරියටම දන්නෑ ඒකනම්)
6. එක දවසෙන් ගන්නවනම් පරණ අයිතිකාරය අත්සන් කරපු ලියුමක් ඕනි, ඒක සාමවිනිසුරු කෙනෙක් සහතික කරලා තියෙන්න ඕනි (දිවයිනටම සාම විනිසුරු නෙමෙයි,වාහනේ පොත තියන කෙනාගේ අදාල ප්‍රදේශයේ සාම විනිසුරු කෙනෙක්)
ඔය ටික ගිහින් RMV එකට දෙන්න ඕනි, ලගම කච්චේරියට දෙන්නත් පුලුවන්, වැඩේ ටිකක් පරක්කුයි එතකොට. ගනන් වෙනස් වෙනව වාහනේ වර්ගය අනුව (කාර්, බයික්...වගේ). නම්බර් ප්ලේට් එක මාරු වෙනවනම් ඒකට වෙනම ගෙවන්න ඕනි ( WP -> NW වෙනවනම් වගේ), වැරදි තියෙනවනම් කියන්න.
------
Post added on Feb 15, 2022 at 9:20 PM