~Viceroy දුම්රිය සවාරිය~

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    genie33.gif
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හෆ්ෆටසිලි.... එළ.

    වයිස් Viceroy වාෂ්ප එන්ජිම තිබ්බා නේද මේ ලගක් වෙනකන්..
    මම දැක්කනේ එෆ්.බි එකේ මේ ලගදි fort ආපු වෙලාවක රේකෝර්ඩ් කරපු වීඩියෝ එකක්..:dull:


    ඒ එන්ජිම දැන් නෑලු බන්
    මාත් ඒක බලන්න මාර ආසාවෙන් හිටියේ :nerd: :sorry:

    මේකට දාන වාෂ්ප එන්ජින් 4 ක් තියෙනවා බන්... නොම්මර වලින් ම කියනවනම් 213, 240, 250, 340. දැනට වැඩ කරන්නේ නම් 340 විතරයි. අනෙක් තුනේ පොඩි පොඩි ලෙඩ වගයක්. වාෂ්පෙන් වැඩිය දුවන්න්නේ නෑ බන්.... ගල් අඟුරු ගණන්. එකයි වැඩිය පේන්න නැත්තේ. මම මේ ගිය සතියෙත් දැක්ක දුම් දදා යනව.....:):)

    මේ "Viceroy Special" දුම්රිය පටන්ගෙන තියෙන්නේ 1986 අවුරුද්දේ පෙබරවාරි මාසේ. ඒකට මූලික වෙලා තියෙන්නේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයයි ක්ලිෆ් ජෝන්ස් කියන බ්‍රිතාන්‍ය ජාතික මහත්මයෙකුයි එකතු වෙලා. මේකට "Viceroy Special" කියන නම තියන්නත් විශේෂ සිදුවීමක් හේතු වෙලා තියෙනවා. දෙවැනි ලෝක යුද්දේ කාලේ ලංකාවේ හිටපු මවුන්ට් බැටන් සාමිවරයා සහ ඉන්දියාවේ හිටපු අවසාන විසුරේ රාජයා (Viceroy) ඇතුළු අනෙකුත් ආසියානු කලාපය භාර බ්‍රිතාන්‍ය යුධ නිලධාරීන් ලංකාවේ ඉන්නකොට කොළඹ සහ මහනුවර අතර ගමන් කරන්න විශේෂ දුම්රියක් භාවිතා කරල තියෙනවා. අන්න ඒක පදනම කරගෙන තමා මේ දුම්රියට "Viceroy Special" කියන නම යොදාගෙන තියෙන්නේ.:):)

    මුලින්ම මේකට යොදාගත්තේ 1950 ගණන්වල ලංකාවේදී හදපු මැදිරි 3 ක්. පස්සේ කාලේ ඒ වෙනුවට 1960 ගණන්වල චීනෙන් ගෙන්නපු මැදිරි 3 ක් තමා යොදාගන්නේ. මේ මැදිරි 6 ම අපේ ලංකාවේ කාර්මික ශිල්පීන් විසින් අලුත්වැඩියා කර අද අපිට පෙනෙන විදියට ලස්සනට නිර්මාණය කරල තියෙනවා.:):)

    මොනවා වුනත් මේකේ යන්න නම් ඉතින් සෑහෙන ගානක් ගෙවන්න ඕන. ඒ වගේම විශාල පිරිසකුත් ඉන්න ඕන (90 ක් ක් විතර අඩුම තරමේ)....:sorry::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තවමත් පරණ දේවල් සුරක්ෂිතව ආරක්ෂා
    කරගෙන තවමත් සුඛෝපභෝගි මට්ටමෙන් ම තියෙන එක ගැන නම් සන්තොසයි... +10