ඇත්තටම උබලට මේ විඩියෝ එකට හිනා යනවද බන්?
හිනා යනවා කියන එක සාපෙක්ෂයි බන්.
බන්දු සමරසිංහලාගෙ ටෙනිසන් කුරෙලාගෙ ජොක්ස් වලට පොඩි කාලෙ හිනා වෙද්දි චූටි මල්ලි පොඩි මල්ලිගෙ ජොක්ස් බලද්දි එක පාරට ජොක් එකක් විදියට දැනුනෙ නැහැ.
එත් කාලයත් එක්ක උන්දෙන්නාගෙ ජොක්ස් වලට අපි හුරු උනා සහ හිනා ගියා.
තවත් කාලයක් යද්දි තමා බන්දු -ටෙනිසන් සහ චූටි මල්ලි පොඩි මල්ලි යුගලයන්හෙ ප්‍රහසණයෙ වෙනස තෙරුණෙ.
වස්තිලාගෙ කුණුහරප ජෝක්ස් වලට හුරු වෙච්ච අයට මෙව්වා දැක්කහම එකපාරට සෙට් වෙන්නෙ නැහැ.
එත් ටිකක් කල් යද්දි සෙට් වෙයි.
මන් මෙ මුන්ව උඩින් තියනව නෙමෙ.
එත් කුණුහරප නැතුව ඩබල් මීනින් නැතුව බ්‍රෙසියර් ජංගි පෙන්නලා පොන්න චරිත දාලා හිනස්සන්න ට්‍රයි කරන උන් අතර මුන් යමක් කරන්න හදනව.