we are so proud about Prime minister D.M Jayaratne

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,303
    3,629
    113
    Maligawatta
    10171236_744346232284643_6832009063789929798_n.jpg



    ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායක් ලෙස නම් කර ඇති රාජපක්ෂ රෙජීමයේ සහායෙන් පවත්වාගෙන යන බොදු බලසේනාවේ අන්තවාදීන්ට එරෙහිව අගමැති දිමු ජයරත්න ගම්පොලදී තනිවම පෙරට පැමිනීමේ ප්‍රශස්ත කටයුතු සිදුවීමක් වාර්තා විය. මෙම සිදුවීම අන්තවාදී ලෙස සමහර ජාතිවාදී විද්‍යුත් මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීමද හෙළා දැකිය යුතුය.

    සිද්ධියේ සත්‍ය මෙසේය.

    ගම්පොල සහිරා විදුහල මුස්ලිම් විදුහලකි. මුස්ලිම් සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලබන එහි බෞද්ධ සිසුන් ඉන්නේ 50 කටත් අඩු පිරිසකි. වෙසක් දිනයේ මුස්ලිම් විදුහලේ වෙසක් සැමරීමට බෞද්ධ සිසුන් ඉල්ලා ඇත. ඊට අවසරය දුන් විදුහල්පතිවරයා, විදුහලේ බණ දේශනයක් ද පවත්වා ඇත. ඒ සඳහා බෞද්ධ කොඩි වලින්ද පාසැල සරසා තිබේ. පසුව සිසුන් පිරිසක් පන්ති කාමරයක වෙසක් කූඩු හදද්දී විදුහල්පතිවරයා පැමිණ 'ඩෝන්ට් ප්‍රොඩියුස් හියර්' යනුවෙන් සිසුන්ට පවසා ඇත. ඉන් ඔහු අදහස් කර ඇත්තේ පන්ති කාමරය හැඩි කිරීමකින් තොරව වෙසක් කූඩු හැදිල්ල කරගෙන යන ලෙස සිසුන්ට පැවසීම ය.

    අසල පන්සලක වෙසෙන බොදු බලසේනාවේ තක්කඩි චීවරධාරියෙක් මෙකී සිදුවීම කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙක් මැරුණු බවට ප්‍රචාරය කළා සේ ආගම්වාදීව ප්‍රචාරය කරමින් මුස්ලිම් විදුහල්පති වෙසක් සැරසිලි ඉවත් කළා යැයි කියමින් ජාතිවාදී උද්ඝෝෂනයකට ජනතාව පොළඹවා ලී ය. මොවුන් ගම්පොල නගරයේදී උද්ඝෝෂන පෙළපාලියක් යද්දී ගම්පොල වෙසෙන අගමැති දිමු ජයරත්න ද එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට ඍජුවම විරෝධය පෑවේය. පසුව තක්කඩි චීවරධාරියෝ අගමැතිට ද එරෙහිව කෑ කෝ ගසමින් පෙළපාලි ගියහ. දිමු ජයරත්නද සිද්ධිය අත නොහැර තම පිරිස්ද කැටිව ජාති බේද අපට එපා, ආගම් බේද අපට එපා, කියමින් පෙළපාලි ගියහ. ඔහු ත්‍රීවීලරයක නැගී ශබ්ද විකාශන යන්ත්‍රයක්ද භාවිතා කරමින් ජනතාව අමතමින් ජාතිවාදයට විරුද්ධව උද්ඝෝෂනය කළේය.

    දිමු ජයරත්න ද ගම්පොල නගර සභාවේ විපක්ෂ නායක එජාපයේ හෙට්ටිආරච්චි ද සහිරා විදුහලේ ආදි සිසුන් වෙති.

    තක්කඩි චීවරධාරීන් උපවැදි කොට ශාසනයෙන් ඉවත් කිරීමට හැකිවන ලෙස නීති ගෙන ඒමට බුද්ධ ශාසන ඇමැති වන අගමැති දිමු ජයරත්න ක්‍රියා කිරීමට යන බව පසුගිය කාලයේ වාර්තා විය. ඊට පෙර බුද්ධ ශාසන අමාත්‍යාංශය තමාගේ යටතට පවරා ගන්නවා යැයි මැදමූලන මරා ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිතට පොරොන්දුවක් දී ඇතැයිද වාර්තා වී ඇත. මැදමූලන මරා අගමති ලෙස සිටියදී මහාමාර්ග අමාත්‍යාංශය පවා අගමැතිවරයා යටතේ තිබුනද, දිමු අගමැතිවරයා වූ පසු ඔහු යටතේ ඇත්තේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පමණි.


    මෙහි දැක්වෙන්නේ ගම්පොල විරෝධයේ වීඩියෝ පටයකි.
    https://www.facebook.com/photo.php?v=743326409053292

    can muslims or Christians celebrate their religious activity n Ananda or Nalanda College ???