ගෙදර ඉඩ තියෙනම් ලස්සනයි නම් ගෙදර ගනින් බං. මෙහෙමයි ඔය හෝම් කමින් එකට එන උන් එන්නේ බං කන්න බලාගෙන ගෑණු ටික තමයි ලස්සන බලන්න එන්නේ. උන්ට සුපිරිම ඒ කිව්වේ කෑම රසට දෙන හොඳ කේටරින් එකක් අල්ලලා කෑම සෙට් කලා නම්. බයිට් 5-6 ක් ඒ කිව්වේ දැන් ට්‍රෙන්ඩ් එක බං ඇපල්, එළවලු, කට්ලට්, චිකන්, සොසේජස්, ෆ්‍රෙන්ච් ක්‍රයිස්, මුරුක්කු බයිට්ස්, රුපියල් දෙකේ වඩේ, වලින් 5 ක් 6ක් එක්ක හොඳට බොන්න දුන්නනම් ගෑණුන්ටත් කන්න තියෙන නිසා ආයේ මොකුත් ඇදයක් කියන්නේ නෑ බං. බොරුඅ සෝබන නෙමෙයි මිනිස්සු අන්තිමට කියවන්නේ හෝටලේ ලස්සන නෙමෙයි බං හෝටෙලේ නම් හොඳයි කෑම නම් මෙලෝ රහක් නෑ කියලා බැන බැන යන්නේ. එහෙම නෙමෙයි ගෙදර තියලා සුපිරිම රසට කෑම ටික දුන්නොත් ගෙදර තිබ්බේ කැම කන්න නම් තිබ්බා නියමයි කියලා යන්නෙ බං.