ලංකාවේ ඉන්න හොඳම වෙඩින් ෆොටෝග්‍රැෆර්ලා 9 දෙනෙක් සහ ඒ අයගේ මිල ගණන්
වෙඩිමක් කරන්න ගන්නකොට හිතන්න කොයි තරම් නං ජාති තියෙනවද? මේ දේවලින් එකක් තමයි වෙඩින් එකට හරියටම හරියන සිරා ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයාගන්න එක. ගොඩක් වෙලාවට ලංකාවේ අපි වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොයාගන්නේ එක්කෝ අහල තියෙන නමක් අනුව හොයාගෙන ගිහින්. එක්කෝ යාලුවෙක්ගේ රෙකමන්ඩේෂන් එකක් මත. එක්කෝ සැලුන් එකේ අය්යා රෙකමන්ඩ් කරන කෙනා. එහෙමත් නැත්තං ඉතින් ඩී.එස්.එල්.ආර් කැමරාවක් තියෙන යාලුවෙක්ට කියනවා යාලුපිට් එකට ඇවිත් ෆොටෝ ටිකක් අරං දීපං කියලා. කොහොම වුනත් අපි මේ කරන්න හදන්නේ ඔය ලඟදී බඳින්න එහෙම ඉන්න අයට පොඩි උදවුවක්. ලංකාවේ ඉන්න හොඳ වෙඩින් ෆොටෝග්‍රැෆර්ලා නව දෙනෙක් සහ ඒ අයගේ අය කිරීම් ගැන තමයි මේ සඳහන් කරන්න හදන්නේ. හැබැයි මෙතන ඉන්න අය විතරක් නෙවෙයි, තව හොඳ ෆොටෝග්‍රැෆර්ලා ඉන්නවා. ඒත් ඉතින් එක ආටිකල් එකක ඔය ඔක්කොම දාන්න බෑනේ. ඒ නිසා ඔයාලා දන්න හොඳ වෙඩින් ෆොටෝග්රැෆර්ලාවත් කමෙන්ට් කරන්න. අපි අනිවා ඒ අය ගැනත් ආටිකල් එකක් කරනවා.
1. Studio 3000 DF
Source – facebook.com/dinukadulanifonseka
දිනුක සහ දුලනි දෙන්නත් එක්ක කරන ස්ටුඩියෝ 3000 ඩීඑෆ් කියන්නේ ඇත්තටම ලංකාවේ වෙඩින් ෆොටෝග්‍රැෆි වල ලක්ෂරි නමක් බවට පත්වෙලා තියෙන බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම මේ කට්ටියගේ වෙඩින් ෆොටෝ ඇල්බම් එකක දැනෙන්න තියෙන දෙයක් තමයි වෙඩින් එකේදී කපල් එක කොයි තරම් ෆන් එකේ ඉන්න ඇතිද කියලා. ඒ කියන්නේ සීරියස් නැති ෆොටෝ ගන්නවා කියන එක නෙවෙයි. හැබැයි කපල් එකේ සතුට ෆොටෝ හරහා බලන කෙනාට දැනෙන විදියට ග්‍රහණය කරගන්න මේ දෙන්නා දක්ෂයි.
Albums
දුරකථන අංක: 0114833000, 0777773000, 0717773000
මිල ගණන්: 200,000 සිට ඉහළට
2. Gihan De Silva Photography
Source – facebook.com/gihandesilvaphotography
ගිහාන් ඩි සිල්වාගේ මංගල ඡායාරූප ඇල්බමයන් බැලූ බැල්මට පේන දෙයක් තමයි පසුතලයන් සකස් කිරීමට ගිහාන් තැනක් දෙනවය කියන එක. ඒ කියන්නේ නිකම්ම මනමාලයා සහ මනමාලිය ඉන්න විදියෙන් ඡායාරූප ගන්නවට වඩා බෑක්ග්‍රවුන්ඩ් එක වුවමනාවෙන් සකස් කරන එක, විවිධ භාණ්ඩ, ඒ කියන්නේ ප්‍රොප්ස් පවා බෑක්ග්‍රවුන්ඩ් එකට එක් කරන එක ගිහාන්ගේ ඡායාරූප වල දකින්න පුලුවන් දෙයක්. ඒ වගේම සමහර වෙලාවට අමුතු කලර් ටෝන් එහෙමත් යොදාගන්න ගිහාන් කටයුතු කරනවා.
Albums
දුරකථන අංක: Sri Lanka 0770202200 | USA +1 386 848 1600 | AUSTRALIA +61 406 759 616 | ITALY +393337853972
මිල ගණන්: 200,000 සිට ඉහළට
3. Himanshu Gunarathna Photography
Source – facebook.com/himanshugunarathnaphotography
ලංකාවේ ඇතුළේ විතරක් නෙවෙයි, ඕන නං ප්‍රී වෙඩින් ෂූට් එකක් කරන්න වෙනිසියට වුනත් යන්න දෙපාරක් හිතන්නෙ නැති ෆොටෝග්‍රැෆර් කෙනෙක් තමයි හිමංෂු කියන්නේ. ඇත්තටම අපි එහෙම කිව්වේ වෙනිස් නගරයේ හිමංෂු කරපු බොහොම අනර්ඝ ප්‍රී ෂූට් ෆොටෝ ටිකක් දැකලා තමයි. හිමංෂුගේ ඡායාරූප වල අපිට දකින්න ලැබුණු විශේෂත්වය තමයි ස්වභාවිකවම තියෙන පසුතලයන් පොඩ්ඩක්වත් වෙනස් කරන්නෙ නැතුව තමන්ගේ පැත්තෙන් වැඩේ කරලා අති විශිෂ්ට ඡායාරූප බිහි කරන්න තියෙන හපන්කම. ඒක මුහුදු වෙරළේ ගල්තලාවක් වෙන්න පුලුවන්, එහෙම නැතිනම් හිම වැටෙන පසුතලයක් වෙන්න පුලුවන්, එහෙමත් නැතිනම් නිකම්ම ගේ ඇතුලේ වෙන්නත් පුලුවන්.
Albums
දුරකථන අංක: 0773666957
මිල ගණන්: 100,000 – 225,000 අතර
අනිවා Glorious History & Culture Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි
4. Rasanga Dissanayake Photography
Source – facebook.com/RasangaDissanayakePhotography
රසාංගගේ සමහර ෆොටෝස් තියෙනවා, බැලුවහම අපිට පේන්නේ අතිශයින්ම සංකීර්ණ පසුතලයක් තමයි. ඒ පසුතලයේ ඉන්න මනාලයා සහ මනාලිය හොයාගන්න පුලුවන් වෙන්නේ දෙවෙනි වතාවට පරිස්සමෙන් බැලුවහම තමයි. දැන් කෙනෙක් කියන්න පුලුවන් වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව හයර් කරන්නේ බැක්ග්‍රවුන්ඩ් ඉස්මතු කරන්න නෙවෙයි කියලා. ඒක මෙහෙමයි. රසාංගගේ වෙඩින් ඇල්බම් එකක් බලනකොට ඔය කපල් එක හයිලයිට් වෙන සාම්ප්‍රදායික ෆොටෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. හැබැයි එතනින් නවතින්නේ නැතුව ඉන් එහාට ගිහින් හිතුවක්කාර විදියට සංකීර්ණ පසුතලයන් එක්ක ආට් වැඩක් කරන්නත් රසාංග උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට ඒ වගේ පසුතලයන් ඇතුලේ ජ්‍යාමිතික පරිපූර්ණත්වයක් පවා හොයාගන්න රසාංග දක්ෂයි.
Albums
දුරකථන අංක: 077 377 5475
මිල ගණන්: 250,000 සිට ඉහළට
5. Ominroo Photography
Source – facebook.com/ominroophotography
ඔමින්රූ ෆොටෝග්‍රැෆි කරලා තියෙන ඡායාරූප දැක්ක ගමන් දැනෙන දේ තමයි හරියට හීනයක් ඇතුළේ ජීවත් වෙනවා වගේ ෆීලින්ග් එකක්. ඒකට හේතුව පසු ඡායාරූප සංස්කරණයන්ම නෙවෙයි. මේ කට්ටිය ෆොටෝ එකක් ගන්නේ සෑහෙන්න ටයිමින්ග් බලලා, ලකලැහැස්ති වෙලා කියලා හිතෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවික පසුතලයක් එක්ක ගන්න ෆොටෝ එකක වුනත් මේ කියන සිහිනමය, ෆැන්ටසිමය ගතිය හරියට දැනෙන්න තියෙනවා. පිටිපස්සෙන් කෝච්චියක් යනවා වගේ කොමන් තීම් එකක් පසුතලය විදියට ගත්තත් ඒ ෆොටෝ එකේ අර ඩ්‍රීමි ගතිය මවලා සම්පූර්ණයෙන්ම සුවිශේෂී බවක් ඒකට ලබාදෙන්න මෙයාලා සමත් වෙලා තියෙනවා.
Albums
දුරකථන අංක: 0773111898
6. Prasanna Iroshan Photography
Source – facebook.com
ප්‍රසන්න ඉරෝෂන්ව පහුගිය දවස්වල ෆේස්බුක් එක පුරාම ප්‍රසිද්ධ කරන්න එයාගේ එකම එක ඡායාරූපයක් සමත් වුනා. ඒ තමයි දැවැන්ත ලිඳක් වගේ තැනක පතුලේ ඉඳන් ගත්තු ෆොටෝ එකක්. ඒකට පහතට බහින පඩිපෙළේ මැදක තමයි කපල් එක ප්ලේස් වෙලා ඉන්නේ. මේක ගැන ගොඩක් දෙනා කිව්වේ මෑත කාලයේදී දකින්න ලැබුණු විශිෂ්ටතම වෙඩින් ෆොටෝ එක මේක වෙන්න ඕන කියලා. සුවිශේෂම දේ තමයි මේක එඩිට් කරපු නැති ෆොටෝ එකක් වීම. කොහොමත් ප්‍රසන්න ඉරෝෂන්ගේ ඡායාරූප වල දකින්න පුලුවන් දැවැන්ත හැඟීමක් ලබාදෙන පසුතලයන් භාවිතා කිරීම. ඒ කියන්නේ නිල් පාට අහස සම්පූර්ණ ඡායාරූපය පුරා පැතිරිලා තියෙන කොට කපල් එක ප්ලේස් වෙනවා ඡායාරූපයේ කොණක. ආන්න ඒ වගේ. මේ වගේ ඡායාරූප කීපයක් එක්ක හැදෙන ඇල්බම් එකක තියෙන සුවිශේෂී භාවය හිතාගන්න පුලුවන්නේ!
Albums
දුරකථන අංක: 0779777176 (වත්සල)
මිල ගණන්: 130,000 සිට ඉහළට
7. අර්ථ ක්‍රියේටිව්
Source – facebook.com/KushanWanniarachchiPhotography
කුෂාන් වන්නිආරච්චි කරන අර්ථ ක්‍රියේටිව් ගැන අපි සඳහන් කරන්නේ විශේෂ හේතුවක් ඇතුවයි. ඒ තමයි කුෂාන්ගේ ෆොටෝග්‍රැෆි වල තියෙන නිර්මාණශීලීත්වය. බොහෝම වෙලාවට සාමාන්‍යයෙන් අපි දකින වෙඩින් ෆොටෝග්‍රැෆි වලින් එහාට ගියපු වැඩක් කරන්න කුෂාන් උත්සාහ ගන්නවා. සමහර වෙලාවට බොහොම ඩල් කලර්ස් පාවිච්චි කරලා හිත් වශීකරගන්නා අනර්ඝ ඡායාරූප බිහිකරන්න කුෂාන් කටයුතු කරනවා දකින්න පුලුවන්.ඒ වෙනස් නිර්මාණශීලීත්වය නිසාම කුෂාන්ව තමන්ගේ වෙඩින් එකට ෆොටෝග්‍රැෆර් විදියට යොදවා ගන්න දන්න කියන අය දෙපාරක් හිතන්නෙ නෑ.
Albums
දුරකථන අංක: 0777655855
මිල ගණන්: 100,000 සිට ඉහළට
8. Dhanush De Costa Studio
Source – facebook.com/FJBstudios, linkedin.com/dhanush-de-costa
දනුෂ් ඩි කොස්තාගේ ද ෆොටෝ කියුබ් මංගල ඡායාරූප දිහා බලනකොට දැනෙන දෙයක් තමයි වැඩි හරියක් තීව්ර වර්ණ තෝරගන්නෙ නැතුව, ලා පාටවල් වලින් අමුතුම සුන්දරත්වයක් මවන්න දනුෂ් සමත් වෙලා තියෙනවා කියන එක. එහෙම වර්ණවත් ඡායාරූප නැතුවා නෙවෙයි, හැබැයි මේ ලා පාටවල් එක්ක අමුතුම ඩ්‍රීමි ගතියක් මැවෙන ඇල්බම් එකක් කරන්න දනුෂ් සමත් වෙනවා කියලා කියන්න පුලුවන්.
Albums
දුරකථන අංක: 0777880224
9. Weddings by fluke (Malaka and Ruvin)
Source – facebook.com
මංගල ඡායාරූප ශිල්පියෙක්ට යම් කිසි අවස්ථාවක්, දර්ශනයක් එක්කෝ ඒ විදියටම කැමරා කාචයට හසුකරගන්න පුලුවන් තමන්ගේ දක්ෂතාවය එක්ක ඒ ඡායාරූපයෙන් විශිෂ්ටත්වයක් ඉස්මතු වෙන ආකාරයට. එහෙම නැත්නම් ඒ අවස්ථාව හෝ දර්ශනය තමන්ට ඕන ඡායාරූපය නිර්මාණය වෙන විදියට හසුරුවන්න පුලුවන්. හැබැයි වෙඩින්ග්ස් බයි ෆ්ලූක් මේ සීමාවන්ගෙන් තව ඈතට යනවා. මේ අයගේ ඡායාරූප දිහා බලනකොට බැලූ බැල්මට පේන්නේ අර අපිට වෙඩින්ග් ඇල්බම් වල දැකලා පුරුදු ඩ්‍රීමි ගතිය නැත්නම් තීව්ර ගතිය නැහැයි කියලා. හැබැයි මේ ඡායාරූප කීපයක් බලාගෙන යනකොට මේ ඡායාරූප වල තියෙන මොකක්දෝ අමුතු ෆීලින්ග් එක මොකක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. ෆ්ලූක් අතිදක්ෂ විදියට කැමරා කාචයට ග්‍රහණය කරගන්නේ හැඟීම්! මේ ඡායාරූප වල රේන්ජ් එකත් හිතාගන්න බැරි තරම් පුළුල්. එකක දකින්න තියෙන්නේ කාන්තාවකගේ පිටුපස සහ ඇය වාඩි වෙලා ඉන්න පුටුව එක්ක, ඒ පුටුවේ ඇන්ද අල්ලා ගත්තු ෆුල් සූට් ඇඳගත්තු මහත්මයෙක්ගේ වයස්ගත අතක් වෙන්න පුලුවන්. තවත් ෆොටෝ එකක තියෙන්නේ මනමාලිය දිහා බල්බ් වගේ පත්තු වෙන ඇස් වලින් බලාගෙන ඉන්න ටී ෂර්ට් ඇඳගත්තු පොඩි එවුන් දෙන්නෙක්. තවත් ෆොටෝ එකක උරහිස් වලට උඩින් පේන හැඟීම්බර ඇස් දෙකක් විතරයි පේන්නේ. ඇත්තටම මේ විදියේ හිතට කතා කරන ඡායාරූප වලින් මංගල ඡායාරූප ඇල්බමයකට එකතු වෙන හැඟීම විස්තර කරන්න වචන වලින් බැහැ. ඒක වැඩියෙන්ම දැනෙන්නේත් කපල් එකට වෙන්න පුලුවන්. ඒ කියන්නේ කෙනෙක්ගේ මංගල උත්සවයේ ඇල්බම් එක ඒ ඇල්බම් එකේ ඉන්න අයට සුවිශේෂී යමක් බවට පත් කරන්න මාලකට සහ රුවින්ට දක්ෂතාවයක් තියෙනවා.
Albums
දුරකථන අංක: 0772 660 045 (Malaka) | 0777 218 757 (Ruvin)
මිල ගණන්: 140,000 සිට ඉහළට

අප මේ තෝරාගෙන තියෙන්නේ හොඳ වෙඩින් ෆොටෝග්‍රැෆර්ස්ලා සෑහෙන පිරිසකින් නව දෙනෙක් විතරක් කියලා අමතක කරන්න එපා. තව අය ඉන්නවා. ඒ නිසා ඔයාලට හොඳ ෆොටෝග්‍රැෆර්ස්ලා කවුද කියලත් POST කරන්න අමතක කරන්න එපා.
උපුටා ගන්නා ලද්දකි.සියලු හිමිකම් ඔහුන් සතුය.
http://www.aniwa.lk/2017/03/10/1703103-best-wedding-photographers/