අවංකවම කිව්වොත් දේශපාලනය ගැන යමක් කමක් තේරෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් මම කවදාවත් හිතුවේ නැහැ මගේ කටින් සජිත් ප්‍රේමදාස ගැන මෙහෙම කියවෙයි කියලා.
ඒත් දේශපාලනයේදී මිනිස්සු සහ මිනිස්සුන්ගේ හැඟීම් කොයිතරම් ලාභෙට අලෙවි වෙනවද කියන එක ඔප්පු වෙච්ච දවසක් නිසා මේක ලියන්නම ඕන හිතුණා.
සිදුවීම් පෙළ එකින් එක කෙටියෙන් ගත්තොත් තාමත් තනියම මේක තේරුම් ගන්න බැරි වුණ අයට පහසුවක් වෙයි.
1) අපේ රටේ ජන මනසේ හොඳම නිළයක් අල්ලලා රණවිරු විරෝධතාවයක් පටන් ගන්නවා.
2) පක්ෂ පාට නැතුව මිනිස්සු මේ ගැන දුක් වෙනවා. ආණ්ඩුවට බනිනවා.
3) මරාගෙන මැරෙන තරම් උද්යෝගයෙන් දවස් 20ක් මේක ඇදෙනවා.
4) ගෝඨාභය මහත්තයාගේ පණිවිඩ අරන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා වගේ පිරිස් ඇවිල්ලා නොවඳිනා වැඳුම් වඳිනවා මේක අතාරින්න කියලා.
5) සින්දු කියලා පිරිත් කියලා බණ කියලා සෑහෙන්න ලොකු සංවාදයක් ගොඩ නගනවා ආණ්ඩුවට කට උත්තර නැති වෙන්න.
6) අන්තිමේ එක්තරා හවසක ඉල්ලීම් දෙන්න කැබිනට් අනුමැතිය ලැබුනා කියලා Ada Derana SMS Alert එකකුත් එනවා.
7) අරගලයට ජයවේවා ඉල්ලීම් ලැබුණා කියලා Facebook එකේ Post දාලා මිනිස්සු සතුට සමරන්න ගන්නවා.
8) එදාම විනාඩි 20කින් ආයේ Ada Derana SMS Alert එකක් එනවා රණවිරුවෝ 3 දෙනෙක් මාරාන්තික උපවාසයක් පටන් ගන්නවා කියලා.
9) රණවිරුවන්ගේ කකුල් දෙක ලඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳනවා කියපු මිනිහා කෝ කියලා කට්ටිය අහන්න ගන්නවා.
10) අන්තිමේ කකුල් දෙක ගාවට එනවා කිව්ව මනුස්සයා කිව්වා වගේම කකුල් දෙක ගාවට ඇවිල්ල මේ ප්‍රශ්නේ 2015ට කලින් ඉඳන්ම තියෙන එකක්ද අහලා ඒ ආණ්ඩුවත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ කියලා විරෝධතාවයේ හිටපු රණවිරුවන්ගේම කටින් කියවගෙන, නීති අනුව තමන්ගේ අත් බැඳලා තියෙන බවත් කොහොම නමුත් කැබිනට් එකේ මේ ගැන කතා කරලා විසඳුමක් අරන් දවසකින් ආයේ එන්න පොරොන්දු වෙනවා.
7) පැය ගාණක් යන්න කලින් මහින්ද මහත්තය එනවා ගෝඨාභයගේ පොරොන්දුවක් අරගෙන.
8) මැරුණත් නැගිටින්නේ නැහැ කියපු රණවිරුවෝ මෙන්න හරි සර් එහෙනම් අපි යන්නම් Thank You කියලා ගෙදර යනවා.
රණවිරුවෝ ගෝඨාභයගේ වචනය සහ මහින්ද මහත්තයාගේ වචනේ පිළිඅරන් විරෝධතාව නැවැත්තුවා කියන සිඟිති නිර්වචනය නම් දෙන්න උත්සහා කරන්නවත් එපා.
සජිත් ඇවිල්ලා විසඳුමක් එක්ක හෙට එන්නම් කියලා පැය කිහිපයක් ඇතුළත දවස් 20කට වඩා ඇදුණු මාරාන්තික අරගලයක් නතර වෙනවා කියන එක දැක්කම බෙල්ලේ පාලුවට ඔලුව තියෙන අය නොවන ඕන කෙනෙකුට පේනවා හැමදාම වගේ ඒ අහිංසක විරෝධාර රණවිරුවෝ ආයෙත් පාවිච්චි වුණා කියලා.
මම ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් මේක බලාපොරොත්තු වුණේ නැහැ. උදේ හවස දුම්රියේ හිරවෙලා මිරිකිලා වැඩට යන මිනිසුන්ගේ ගමනාගමනය පහසු කරන එතුමාගේ වැඩපිළිවෙල කියලා ඡන්දේ දිනනවා ඇරෙන්න වෙනදා හිරවෙලා හරි පැයෙන් දුම්රියේ ගෙදර ගියපු මිනිස්සු පැය 3ක් 4ක් බස් වල රස්තියාදු කරවන ඡන්ද ව්‍යාපාරයක් මම නම් බලාපොරොත්තු වුණේ නැහැ.
දැන් මේ වැඩවර්ජන උද්ඝෝෂණ විරෝධතා රැල්ල නවත්තන්න ඉල්ලීම් දෙන්න ඕන නැහැ. සිම්පල් කේස් එකක් තියෙන්නේ.
සජිත්ට කරන්න තියෙන්නේ විරෝධතාකරුවෝ ටික හම්බෙලා දවස් දෙකකින් විසඳුමක් අරන් එන්නම් කියන්න විතරයි. පැය ගාණක් ඇතුළත මහින්ද මහත්තයා ගෝඨාභයගේ පණිවිඩයක් අරන් ඇවිල්ලා විරෝධතාවය නතර කරනවා.
Well Played සජිත්...!!!
Very Well Played..!!!
- ප්‍රමිත් ගනේආරච්චි

බලන් ඉන්න තියෙන්නේ කාගේ කාගේත් වැඩ