මචං ඔය විලේජ් එකේ ඉන්නේ ඔක්කොම රොබෝලා. (ඩොලරස් එයාගේ තත්තා එහෙම) එයාලා මිනිස්සු විදියට හිතන්න ස්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. හරියට මිනිස්සු ඉන්න zoo එකක් වගේ පෙනුනට ඇත්තටම රොබෝලා ඉන්නේ. ඒත් එයාලා මිනිස්සුන්ගේ control එකේ ඉන්නේ. මේ රොබෝලා එක එක්කෙනාට මේ විලේජ් එකේ අනන්‍ය වුණ චරිතයක් තියෙනවා. සැරින් සැරෙට මිනිස්සු මේ විලේජ් එකට ඇවිත් විනෝද වෙලා යනවා. මෙහෙම එන මිනිස්සු සාමාන්‍යය සමාජේ ඇත්ත මිනිස්සුන්ට කරන්න බැරි දරුණු දේවල් මේ රොබෝලාව භාවිතා කරලා බොහොම දරුණු විදියට ඉෂ්ට කර ගන්නවා. වැඩේ කියන්නේ බොහෝ දුරට ඩැමේජ් වෙන රොබෝලා ආයෙත් රීප්ලේස් කරන්නේ කලින් හිටපු චරිතෙටමයි. කලාතුරකින් චරිතේ වෙනස් කරලත් දාලා තියෙනවා. කොහොම හරි මේ ලූප් එකෙන් පිට පනින ඩොලරස් ඇත්ත දැන ගන්නවා, එයා ඇතුළු තමන්ගේ අවට ඉන්න අය රොබෝලා බව. එයාව වෙනත් විනාශකාරී චරිතයක් විදියටත් කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ වයට් කියන නමින්. ඉතින් මේ වයට් ගේ ගති මතුවෙලා තමන් දන්න ඇත්තත් එක්ක මිනිස්සුන්ගෙන් පළිගන්න ඒ වගේම තමන්ගේ වර්ගේ අයට සාදාරණයක් ඉෂ්ඨ කරගන්න කරන සටනක් තමයි මට නම් තේරුනේ.