What can you expect from President ට්‍රම්පච්චි?

Jun 2, 2016
154
119
0
Sri Lanka
What can you expect from President ට්‍රම්පච්චි?

ට්‍රම්පච්චි ලොව බලවත්ම මිනිසා වෙයි | What can you expect from President Donald Trump?

t.jpg


තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව බලවත්ම මිනිසා වී නැත. තව පැය කිහිපයකින් වොෂින්ටනයට හිරු උදාවන අතර අමෙරිකාවට සහ ලොවට අලුත් නායකයෙක් බිහිවෙයි. රොනල්ඩ්රීගන් ගෙන් පසු, අමරිකාවේ බිහිවූ වයස්ගතම මෙන්ම අත්දැකීම් අඩුම, එමෙන්ම මතබේධකාරී ලෙස අමෙරිකානු ජනයා පෙර නොවූ විරූ ආකාරයෙන් විරසක කල නායකයෙක් ඇතිනම් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් වේ.

විචාරකයින් පවසන ආකාරයට, අමෙරිකාවේ බහුතර දේශපාලන දේහය (body politic) මෙන්ම බලසපන්න ජනමාධ්‍ය හා ව්‍යාපාරික බලවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිලෙස පිලිකුල් කරයි.

මේ වනවිටත් ඔහු ඇමරිකාවේ බලසම්පන්න සමාගම්වලට විරුද්ධව යුධ ප්‍රකාශකොට ඇති අතර ඔහුගේ දැඩි බලපෑම හමුවේ දැවැන්ත ෆෝඩ් කාර් සමාගම මැක්සිකෝවේ අරඹන්නට සැළසුම්කල ඩොලර් බිලියන 1ක ආයෝජනයක් සහිත කාර් ෆැක්ටරියක සැළසුම් අවලංගුකොට ඒ වෙනුවට ඇමරිකාවේ එම ෆැක්ටරිය ආරම්භ කිරීමට තීරණය කොට ඇත.


ට්‍රම්ගේ දේශපාලන දැක්මට හොඳ උදාහරණයක් වන්නේ ඔහු බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන දක්වන ආකල්පයයි. ඔහු ප්‍රකාෂ කරන්නේ දූෂිත යුරෝපා හවුලෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යය තීරණය කිරීම ඉතාම බුද්ධිමත් පියවරක් බවයි. මෙය වෙනත් ලෝක නායකයින් ඒ පිලිබඳව දක්වන ආකල්පයට හාත්පසින්ම වෙනස් ආකල්පයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පරිදි යුරෝපා හවුල යනු ජර්මනියේ වහල් කල්ලියකි.

එමෙන්ම සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් කෙලපිඩක්සේ ඉවතලන ට්‍රම්ප් කෙලින්ම ජර්මනියේ චාන්සලර් ඇන්ජලා මර්කෙල්ට චෝදනා කරන්නේ යුරෝපයට මිලියන ගණනක් සරණාගතයින් එන්නට දොරටු විවර කිරීමට ගත් තීරණය යුරෝපයට මහත් ව්‍යසනයක් ඇතිකල මෝඩ තීරණයක් බවයි.

එපමණක් නොව ට්‍රම්ප් ප්‍රසිද්ධියේම ගෝලීය උණුසුම්කරණය මිත්‍යාවක් බවත්, එයින් ඇමරිකාවට අතිවිශාල ව්‍යාපාරික පාඩුවක් මෙන්ම තරඟකාරිත්වයට බාධාවක් බව පවසන අතර අමෙරිකානු නිෂ්පාදකයින් හට පරිසරදූෂණය සඳහා පනවා ඇති දැඩි සීමා ඉවත්කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

මෙන්ම අමෙරිකාවේ අක්කර මිලියන ගණනක් වන ජාතික වනෝද්‍යානවල හා වන රක්ෂිතවල අලුතින් තෙල් ගවේෂණයටද ඉඩදෙන්නට බලාපොරොත්තුවේ. මේ මගින් අමෙරිකාව මැදපෙරදිග තෙල් වලින් යැපීම අඩුකොට අමෙරිකාවේ ඉන්ධන සුරක්ෂිතතාවය තහවුරු කිරීමට පියවර ගනු ඇතැයි සැලකේ.

එමෙන්ම ට්‍රම්ප් අමරිකානු ව්‍යාපාරවලට අවාසිලෙස චීනය විසින් සිය සමාගම් වලට ලබාදෙන සහනවලට විරුද්ධව දැඩිලෙස ප්‍රතික්‍රියා දැක්වීමට පොරොන්දුවී ඇත. මෙවැනි චීන අපනයන සඳහා 45% බදු පනවන බවට ට්‍රම්ප් දැනටමත් චීනයට තර්ජනය කොට ඇත.

ව්‍යාපාර සඳහා ඇති 37%වන ආදායම් බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩුකොට, පරිසර සංරක්ෂණ නීති, තෙල් කැණීමේ හා ප්‍රවාහණ නීති ඉවත් කිරීමෙන් මෙන්ම අමෙරිකානු ව්‍යාපාරවලට දියුණුවට බාධා ඇතිකරන විවිධ අණපණත් අතිවිශාල ප්‍රමාණයක් ට්‍රම්ප්ගේ රජය යටතේ අවලංගුකොට අමරිකානු ව්‍යාපාරවලට අතීතයේදී මෙන් ලොව ජයගැනීමට අවස්ථා උදාකරදීමට ඔහු පොරොන්දු වී ඇත.

එමපමණක් නොව දැනට අබලන් වෙමින් අති අමෙරිකාවේ මහාමාර්ග, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොලවල් හා වෙනත් යටිතල පහසුකම් දියුණුකිරීම වෙනුවෙන් ඩොලර් ට්‍රිලියනයක් (බිලියනයxබිලියනය) වියදම් කිරීමටද ඔහු බලාපොරොත්තුවේ.


Source: http://vidya-gaweshana.blogspot.com/2017/01/what-can-you-expect-from-president.html
 

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    corrupt government (chater rajaya) wisin meyaawa assassinate karanna (maranna) ida thiyenawa kiyala thamai kiyanne. J F kenady maruwa wage
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ithin apita moko ban?40 years politics gana experience thiyena ekek rate president wela apita me kelawela inne..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    විචාරකයින් පවසන ආකාරයට, අමෙරිකාවේ බහුතර දේශපාලන දේහය (body politic) මෙන්ම බලසපන්න ජනමාධ්‍ය හා ව්‍යාපාරික බලවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිලෙස පිලිකුල් කරයි.

    ජනමාධ්‍ය කියන්නෙ තව දුරටත් ජනතාවගේ නියෝජනයක් නෙවෙයි. ජනතාවගේ පෙනීහිටින්නෙත් නෑ. ධනය බලය ඇති පිරිසකගේ බළල් අතක් විතරයි. ජනමාධ්‍යයෙන් හිලරිව පුම්බපු පිම්බිල්ලට හිලරි ඉන්න තිබ්බේ හඳේ. ඒ වගේ අපේ රටේත් මහින්දව පුම්බපු හැටි කාටත් මතක ඇතිනේ. ඒත් ප්‍රතිඵලය දැක්කම තේරෙනවා අතුලෙ තිබිලා තියෙන්නේ හුලං විතරයි.
     
    ට්‍රම්පච්චි ලොව බලවත්ම මිනිසා වෙයි
    කෙබර ගහන්න එපා - ලොව බලවත්ම මිනිහා පුටින්. පුටින් තමා ට්‍රම්පච්චීවත් ඔතෙන්ට ගෙනාවේ.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඉදිරියේ රාළ;21155538 said:
    පුටින් තමා ට්‍රම්පච්චීවත් ඔතෙන්ට ගෙනාවේ.

    i don't...believe so....

    "පුටින් තමා ට්‍රම්පච්චීවත් ඔතෙන්ට ගෙනාවේ" kiyala kiyanne CNN wage aya thamai, (maricawe mahajanayaa trump gana kupitha karanna etc...)
    godak welaawata CNN un kiyanne boru, mokada un thamai current goverment eke media eka (un kamathi naa Trump enawata, unta one Hillary).

    so, un kiyana ewa mama kohomath wiswaasa karanne naa.

    rusiyaawata one widiye ekek president walata genna one unaanam trump wage ochchara controversial (mathabeda kaaari) ekek genne naa. mokada trump kiyapu godak ewata minissu trumpta akamathi unaa. open kata nisa. so, trump would not be the 1st choice of russia for sure.

    " :love: trump + putin :love: " seen eka thanikarama media brainwash ekak as far as i believe.

    hillary ta wadaa trump enawata russiawa kamathi bawa penawa, but russiawen trump wa damma kiyalanam hithanna amaarui mata.
     
    Last edited: