මෙහෙමයි බං. ගොඩක් මිනිස්සු අපි එක්ක ඉන්නේ ලංවෙලා ඉන්නේ උන්ට අපෙන් යම් වාසියක් ලැබෙනකන් විතරයි. ඒ දේ අවබෝධ කරගෙන ඒ මිනිස්සුන්ටත් පුලුවන් හැමවෙලාවෙම උදව්වක් කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. කාලයක් තිබ්බා ඔක්කොම අඳුරන උන් යාලුවේ වෙච්ච. නමුත් පසු කාලීනව වැටහුනා ඔය උඩ කිව්ව හේතුව. මට ඉන්නේ ලඟම හොඳම යාලුවෝ දෙන්නෙක් විතරයි. අනික් උන් හායි මචං කිව්වොත් හායි කියනවා එච්චරයි. නමුත් කොහේ හරි යන්න , වැඩක් කරන්න ඕනේ උනොත් ඉන්නේ අරුන් දෙන්නා විතරයි. මම මොකක් හරි වැඩකට එකෙක්ට අඬ ගැහුවොත් මොන වෙලාවක උනත් උන් දෙන්නා එනවා. සහ ඒ නිසාම මම මගේ වැඩ උනත් පාඩු කරගෙන උන් කතා කලොත් යනවා. මම ඔය උඩ කිව්වේ same class කියලා උන් දෙන්නා මගේ එක ඉගෙනගන්න පන්තියේ හිටි නිසා නෙමෙයි. තුන් දෙනාම එකම රස්සා කරන උනුත් නෙමෙයි. තත්වයෙන්, හැදියාවෙන්, ගති ගුණ අලින් එකම පන්තියේ කියන එක. මොකද අපි තුන් දෙනාම උඩ කිව්වා වගේ අරක්කු සිගරට් ගංජා අරන් පිස්සු කෙලින්නේ නෑ. තුන් දෙනාම කවදාවත් කටේ තියලවත් නෑ. ඒ වගේම බඩු ගහලත් නෑ. මේකේ උන් කියනවා වගේ නොහැකියාව වත් සෙට් වෙන්නේ නැති කමවත් නිසා නෙමෙයි බං. ඒ දේ අපේ තත්වයට නුසුදුසුයි කියලා අවබෝධය මත. අපි තුන් දෙනා අනිවා මාසෙකට සැරයක් සෙට් වෙනවා. හොඳ තැනකට ගිහින් බඩ පැලෙන්න කනවා ෆුල් මීල් එකක්. පස්සේ මහ රෑ 10 ට විතර බීච් එකට ගීන් පැය දෙකක් විතර මොනවා හරි කතා කර කර ඉන්නවා. මොකද අන්ධ කාරය, නිශ්ශබ්ධ පරිසරය එක්ක මුහුදේ හෝ ගාන හඬ ඇහෙද්දි අමුතුම කික් එකක් එනවා. තව සෙට් වෙලා ට්‍රිප් යනවා. මස් ගුලියක් අස්සට කලිසම අස්සේ තියෙන එක ඔබලා බඩු ටික ගියාම පුකට පයින් ගහලා ගන්න ගොන් ආතල් එක හෝ අරක්කු වීදුරුවක් ගිලලා ගන්න ගොන් ආතල් එකට වඩා මම අරුන් දෙන්නා එක්ක ගන්න ආතල් එක ඇඩ්වාන්ස් සහ කිසිම කෙනෙක්ට හානියක් නැහැ. කිසිම අම්මෙක්ගේ තාත්තෙක්ගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරලා නැහැ. ඉතින් කොහෙද බං එහෙම කරන උන් පොන්නයෝ වෙන්නේ. ඔය වගේ නරක පුරුදු වලට ඇබ්බැහිවෙලා පවට හිත යොමුවෙනකොට ඒ දේ දරාගෙන නොසැලී ඉන්න එකයි නියම පිරිමියා නැතුව වේ දකින දකින හිලට ඔබන්න යන පිම්පියා නෙමෙයි.
අනික මේකේ එකෙක්ම දාලා තිබ්බනේ බං අර උගේ බඩු කාපර් යාලුවෙක් උගේ දුවගේ ෆොටෝ එකක් දාලා My whole world කියලා ස්ටේටස් එකක් ෆේස් බුකියේ දාලා තිබ්බා කියලා. එහෙම තමයි බං බහුතරයක් අම්මලා තාත්තලට (ස්ථාවර වටේ නොයා වැදගත් විදිහට සමාජේ ජීවත් වෙන පවුල් වල ) තමුන්ගේ දූවරු. මලක් වගේ පොඩි කාලේ ඉඳන්ම පස්සෙන් ඉඳන් ආදරයෙන් පාරක් නොගහා හදන්නේ. එහෙම හදපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඌට මොනයම් හේතුවකට (මෝඩ කම නිසා හෝ කොල්ලට පණ වගේ ආදරේ කරන නිසා හෝ) රෙද්ද ඉස්සුවට පස්සේ තමුන්ගේ විනාඩි කීපයක තෘප්තියකට ඒ කෙල්ලගේ මුලු ජීවිතේම විනාස කරන්න පුලුවන් තරම් තත්වයකට තමුන්ගේ මානසික මට්ටම් හදා ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න අමාරුයි. අර කියමනක් තියෙනවනේ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ අපිට ඕනේ නම් උන්ව ලඟට ගන්න පුලුවන්, ඕනේ දෙයක් කරන්න පුලුවන්, ඕනේ නැති උනාම විසික් කරන්න පුලුවන් නමුත් නියම පිරිමියා ඔවුන් සමග සෙල්ලම් කරන්නේ නෑ කියලා.
අනික ඔය බඩු ගහන ගොඩක් උන් පොර වෙන්න හිතන් කරන්නේ. හරියට අර අරක්කු බොන එකා වීරයා අනිකා පොන්නයා වගේ හිතන්. නමුත් මේ ත්‍රෙඩ් එකේ රත්තරන් සහ කිහිප දෙනෙක් කියලා තියෙනවනේ ඇත්තටම උන් මොනවගේද අනික් උන්ට පේන්නේ කියලා සහ අවසානයේ උන්ට අත්වෙන ඉරණම.
තව දැකලා තියෙනවා කට්ටිය කියනවා virgin කෙල්ලෝ කොහෙද කියලා. මම කෙල්ල එක්ක යාලු වෙලා මේ වෙද්දි අවුරුදු 6 ක්. බොහොම සතුටින් සහ ආඩම්බරයෙන් කියනවා ඒකි අදටත් virgin. මට චාන්ස් නොලැබුනා සහ ඒකි ඉඩ න් නොදුන්නා නෙමෙයි. කෙල්ල සමහර දාට ගෙදර එද්දි රෑ වෙන කොට මමයි යන්නේ එක්ක යන්න. එමින් ගමන් ඔය මේකේ උන් දාලා තිබ්බා වගේ අහිකුණ්ඨක මූඩ් එක ඇක්ටිවේට් කරගෙන කාර් එක පදුරක් අස්සේ නවත්තලා කෙල්ලගේ රෙද්ද උස්ස ගන්න එක ගේමක් නෑ. නමුත් මම ඒකිව සුදු ඔසරියක් අන්දවලා මගේ ලඟට ගන්න බලා පොරොත්තු වෙන විදිහ දැන් ඉන්න පරපුරට වඩා ගොඩක් වෙනස්. ජීවිතේ විඳින්න ඕනේ දේවල් ඒ අදාල කාලෙට ඒ විදිහට වින්දම හොඳටම ඇති කියන මතේ මම ජීවත් වෙන කෙනෙක්. බැරි වෙලාවත් මම බඳින්න කලින් මලොත් ඒකිට හිත හදාගෙන වෙන එකෙක් හරි බඳින්න පුලුවන් නේ කියලා මට අදටත් සතුටක් සහ මං ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා. ඒ මම ගොඩක් පිරිමි වගේ නැතිව පොඩි කාලේ ඉඳන් ගෙදරින් අම්මගෙන තාත්තගෙන් ලැබුනු, ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුනු අවවාද වලට අනුව ජීවිතේ හදාගෙන හැඟීම් වලට වහල් නොවි හිත හයිය කරගෙන තියා ගන්න පුලුවන් වෙච්ච නිසා.