හැබැයි වයිෆ් ඕකට හිත ඇතුලේ තරහක් තියං ඉන්න ඉඩ තියෙනවා. කවද හරි මුදල් ප්‍රශ්නයක් එහෙම ආවම මෙව්වා එලියට එන්නේ, වයිෆ් කැමැත්තෙන් ගෙදර ඉන්නං කීවත් හිතෙන අකමැති ඇති. කරන්න දෙයක් නැති නිසා ඉන්නවා වෙන්නත් පුළුවන්. කනතාවන්ගේ හිත් කියවන්න පිරිමි අපිට බැහැ.
අනික් කාන්තාවෝ ලස්සනට ඇඳලා ඔෆිස් යන එනවා, ඒ අය ස්වාධීනව තමුන්ගේ වියදමට මුදලක් හම්බ කරගන්න ඒවා දකිනවා. වයිෆ් එකේ ඔෆිස් එකේ යාලුවෝ ගැන දකිනවා., ගෙදර හිටියම අර සමාජශීලි ජිවිතේ නැහැ. මොකද කාන්තාවක් කියන්නෙත් මනුස්සයෙක්. ළමයි බලාගන්න මැෂිමක් නෙමෙයි. එයාගේ උවමනාවට විතරක් නෙමෙයි ළමයි හැදුවේ.
සමහර කාන්තාවෝ කැමති නැහැ හස්බන්ඩ් ට උනත් දෙවැනි වේලා එයාගෙන් යැපෙන්න. අනික කාන්තාවක් උනාම ලස්සනට ඉන්න, සැලෝන් යන්න, ඇවිදින්න කරන්න, කොන්ඩේ හදාගන්න, අලුත් අලුත් ක්‍රීම් ජාති අරවා මේවා ගන්න ආසයි. ගෙවල් වල ඉන්නකොට එහෙම කරන්න වෙන්නේ නැහැ. තමන්ටම කියලා අදායමක් නැත්තං කොහොමත් කරන්න වෙන්නේ නැහැ.
ඉතිං ඔකේ තරහා උබේ පිටින් යන්නේ. උබට පුළුවන් නං වයිෆ්ගේ අතට යම්කිසි සෑහෙන මුදලක් එයාගේ පෞද්ගලික වියදමට කියලා ව්තරක් දෙන්න ඕක කරන්න. එහෙම සල්ලි දීලා කවදාවත් අහන්නත් එපා මොනාද කරේ කියලා. ඒ දුන්නු සල්ලි වෙනින් වැඩ වලට ළමයින්ට, ගෙදරට වියදම් කරන්න වෙන විදියට උබ අනික් වියදම් කපා හරින්නත් එපා.