wife help

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    මචන් මට උබලගෙන් උපදෙසක් ඔන බන්. මගේ වයිෆ් ජොබ් එකක් කරනව ගවර්මන්ට්. කොලඹ යන්න ඔන හැමදාම උදේ 4-5 ට මෙහෙන් පැය 3-4 ක් යනව ට්‍රේන් එකේ ගියත්. ආපහු එද්දි හවස 6-7 වෙනව ඒ කියන්නේ දවසකට පැය 7-8 ක් විනාස වෙනව. ජොබ් එක හම්බ උන කාලේ හිටියේ මගේ පොඩි දුව විතරයි දැන් තව පුතෙක් ඉන්නව බන්. දැන් ප්‍රෙග්නන්ට් හොලිඩේ එකෙන් පස්සේ ආපහු ජොබ් එකට යන්න වෙලා. දැන් තියෙන අවුල පොඩ් දෙන්න දාල යන්න අමාරුයි මචන්. මමත් රට ඉන්නේ වයිෆ් ගේ අම්මත් ජොබ් එකක් කරනව. අපේ අම්මල ඉන්නේ ටිකක් දුර ඒ උනාට මෙක හැමදාම එයාලට උනත් කරන්නත් බෑ කියන්නත් බෑ. පොඩි එකාට තාම මාස 9 ක් වගේ. අනික හරියට බැලෙන්නෙත් නෑ බන්. ගොඩක් අඩුපාඩු.
    උබලට මොකද හිතෙන්නෙ මම වයිෆ්ට ජොබෙන් අයින් වෙන්න කියන්න ඉන්නේ මචන්. ඒත් ගවර්මන්ට් ජොබක් නිසා ආපහු එකක් ගන්න නම් බෑ කියල හිතෙනව තියෙන තත්වෙත් එක්ක. මගේ නම් සැලරි එක හොදයි ඒත් කවදාහරි ඉන්කම් අවුල් උනොත් හිර වෙයි කියලත් හිතෙනව. අනික එයා ජොබට ගියොත් පොඩි දෙන්නගේ වැඩ, ඉගෙනගන්න ඒව උනත් එහෙමෙහෙ වෙනව කියලත් හිතෙනව බන්. එයාගේ පඩියනම් 32 වගේ බස් වියදම් ගියාම 25ක් වගේ ඉතුරු වෙයි. උබලත් මේ වගේ ප්‍රස්න වලට මූන පෑව නම් අයිඩියා ටිකක් දීහල්ල්කෝ බලන්න. වයිෆ්ට ඉන්න කියනවද නැද්ද කියල මම මේ කල්පනා කර කර ඉන්නේ.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    උඹට මොනව හරි උනොත් වයිෆ්ටයි ළමයින්ටයි කිසි අවුලක් නැතුව ජිවත්වෙන්න පුලුවන් වටපිටාව හදලා නම් තියෙන්නේ අයින් වෙන්න. නැත්නම් තව හිතන්න.
     
    • Like
    Reactions: niyomax and netnet

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබේ වරදක් නෑ.ඒත් ලංකාවේ ඔය මානසිකත්වයේ තමා. රජයේ රස්සාවක් කියන්නේ හරිම පිලිගැනීමක් තියෙන, කාටවත් ලේසියෙන් ගන්න බැ කියල හිතන තත්ත්වයක් ගොඩ අයගේ තියෙනවා. ඇයි බං එහෙම මිනිස්සු හිතන්නේ. අපි එක දවසක්වත් රජයේ රස්සාවක් කරල නෑ. අපිට(Software Engineers) තාම එහෙම රැකියා අවස්ථා කොහොමත් නෑ ලංකාෙව් ICTA වගේ එකක ඇරුනම. ඒත් අපි ඔය ගන්නවගේ 5ගුනයක්ටත් වඩා මාසෙට ගන්නවනේ. මුලින්ම ඔය මයින්ඩ්සෙට් එක අයින්කරගන්න මචෝ. රජයේ රස්සාවක්.

    උබම කල්පනා කරල බලන්න වයිෆ් එකක්ත් කතා කරල. සමහර අය ඉන්නව ජොබ් එකක් කරන්න කැමති. එහෙම නම් ඒ වගේ එකකට යොමුකරන්න ලගපාත
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Machan dawase paya 14-15 winasa wenawa ne gihin enna (ude 4 indan raa 7 wenakan. Athata hambenne 25,000 yi. E madiwata gaman mahansiya paya 6-7 bus walata, gedara lamainwa balaganna ekai, okkoma prashna. Kisima wiwekayak naha. Mokakda jeewithe? Ithin therumak thiyenawada ban?

    Langa thanakata transfer ekak ganna barida? Dept wenas karaganna barida langa town ekakata? Kal yawi, habai mokak hari karanna puluwan ne?

    Okkoma bari nan 25,000 ta oya katta kana eke therumak thiyenawada. Oyita wadiya lesiyen minissu oyita wada salli hoyanawa ne. Handcraft wage ekakin self-income ekak hadagaththath sahalluwen samanya ganak hoyaganna puluwan. Gewal kittuwa kadeka wada karath oya wage kittu gaanak hoyaganna thibba adu mahansiyakin, adu kaalekin. servant kenekutath Rs 1000 wage denawane dawasata ada kaale! Unuth oya wage kattak kanne na.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oken wife ta ain wenna kiyanna epa bari welawath umbata kela unoth oken ena gana hari backup ekata thiyanawa podak balapan ammala ekka katha karala depathem lami bala ganna karamyak wife ta yanna enna amru nissa umbata salli aulak natham whanayak set karala depan oya office wala aya geniyana ewa thiyanawa one thram tika dawasak indala umbala inna langata maruwak ganna balapan natham lami and wife eya inna office eka langa kuliyata geyak aran denna balanna ehtha kota lamaigana hoyala balanna lesi ne.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    jivithe maga araganna epa macnnn. echcarai matanm kiyanan thiyenne

    Sirawata ban. Ude 4 ta aharila raa 7 ta gedara awilla, athata 25,000k hambela, lamai balaganna widiyak nathuwa stress wela..... ane manda. jeewithema apayak wenawa ne mehema unama.
     
    • Love
    Reactions: netnet

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1) පුළුවන් නම් නිවස ලග කාර්යාලයකට මාරුවක් හදා ගන්න කියන්න බිරිඳට.
    2) එහෙම නැතිනම් කවුරුහරි පවුලේ කෙනෙක්ට පඩියක් දීලා හරි ළමයි බලාගන්න කියලා බිරිඳට කොළඹ රස්සාව කරන්න වෙන්නේ.
    3) නැත්තම් කොළඹ පදිංචියට ඒම.
    4) නැතිනම් බිරිඳ රස්සාවෙන් ඉවත්වීම

    දැන් කාලේ ළමයිට උගන්වන්න නම් විශේෂයෙන්ම ළමයගේ අම්මා හැම වෙලේම ළමයා එක්ක ඉන්න ඕනි. නැතිනම් කලාතුරකින් තමයි ළමයි ඉගෙන ගන්නේ. කට්ටි පනිනවා වැඩියි.
    හැබැයි ඉතිං ඔයා බිරිඳට රස්සාවෙන් අයින් වෙන්න කියලා එයා එහෙම රස්සාවෙන් අයින් උනොත් ඕක ජිවිත කාලෙම බිරිඳ හිතේ තියං ඉන්නවා. එයාට පසු කාලෙක මොනාහරි අඩුපාඩුවක් උන ගමන් ඕකෙන් දමලා ගහනවා. එයාම හිතලා රස්සාවෙන් අයින් වෙනවා නං කමක් නෑ. ඒ උනත් එයා ඒක ඔයාගේ පිට දාන්න ඉඩ තියෙනවා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama kiyanneth goverment job eka athaharinna epa kiyalaa. (kalin gov. service hitapu kenek widihata)
    aye yanna bahaaa....
    e niwadu, e nidahasa wena koheth labenne nahaa.
    pension thibboth ekath patta watinawa...
    gaanu kenekta gov. job eka godak watinawa...

    deka corona aye awoth, ewage wena ekak awoth padiya sure na... ape private ewwage padi sure wath naa....
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    නෑ මචන් එයා කැමති අයින් වෙන්න බන්. මචන් රජයේ රැකියා වලින් තාවකාලිකව අයින් වෙන්න බැරිද? අවුරුදු 2-3 කට වගේ. අනුයුකතයක් නම් හදා ගන්න පුලුවන් ඒත් ආපහු මාස 3-4 කින් කොලඹම යන්න වෙනව.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මගේ අදහස නම් ටිකක් වෙනස්.

    NJ6 දීල තියෙන උපදෙස් හරි.ඒත් ඒවාත් ප්‍රයෝගිකව කරගන්න බැරි උනොත් රස්සාවෙන් අයින් වෙන්න කියපන්.
    මම එහෙම කරන්න කිව්වේ මාත් එහෙමම කරපු නිසා.මචං ළමයි නොමඟ යනවනම් , wife තනියම ලංකාවේ ඉඳලා නොමඟ යන්නත් හැකියාවක්/අවධානමක් තියෙනවනම්, අපි සල්ලි හම්බකරලා මොකටද? ඔහොම කට්ට කාල ටිකක් කල් යද්දීම ඕනෑම ගෑනියෙක් වරදට යොමුවෙන්න තියෙන අවස්ථාව වැඩියි.දුක් විඳිනවා කියල දැනගත්තම වෙන එක එකාලත් දුක නිවන මුවාවෙන් ගෑණිට ලංවෙන එක තමා වෙන්නේ.දන්නවනේ අපේ ඇම්ඩලා.

    පොඩි අවධානමක් ගනින්.කෙළ වුනොත් උඹත් ලංකාවට ඇවිල්ලා පොඩි බිස්නස් එකක් පටන් ගනින් .පවුල්කාරයෙකුට මචං කරන්න බැරි දෙයක් නෑ.ළමයි දෙන්න මතක් වෙද්දී නැති හයියක් හිතට එනවා.බිස්නස් කරන්න බෑ කියල නොකර හිටිය නම් මේ රටේ බිස්නස් කාරයෝ බිහිවෙන්නෙත් නෑ.හිතේ හයිය තමා ඕනේ.ලොකුම පොරක් නොවුණට පවුලටජීවත් වෙන්න පුළුවන් බිස්නස් කරගන්න පුළුවන්. ඒකට මාස්ටර් ප්ලෑන් එකක් හරියට හිතල ගහපන්. නැත්නම් ලංකාවෙන් රස්සාවක් හොයාගනින්ප වුලේ ඔක්කොම එකට ඉන්න එක තරම් සතුටක් තවත් නෑ බන්.සල්ලි අඩුපාඩු තිබ්බත් සතුටෙන් ඒක යම්තාක් දුරට වැහෙනවා.Wifeට වැඩට යන එක අඩුවුනාම එයාගේ මහන්සිය අඩුයි ළමයි ගැන උනන්දුවෙන් බලයි.මම කරපු දේ ගැන මම කිව්වේ.මමවත් හාමිනේවත් Wifege රස්සාව නැති වෙච්ච දේ ගැන කලකිරෙන්නේ නෑ දැන්.හාමිනේට ළමයින්ගේ වැඩ(ඉස්කෝලේ වැඩ,කෑම බීම ඇතුළුව) සම්පුර්ණයෙන් බාර දීල පවුලේ ආර්ථිකය, දියුණුව සම්පුර්ණයෙන්ම මම මගේ වගකීමක් විදිහට අරන් තමා අපේ ගෙදර run වෙන්නේ.
     
    Last edited:
    • Love
    Reactions: netnet