world cup මතක ඇහුලුම.....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වර්ල්ඩ් කප් ගැන කතා කරපු ට්‍රෙඩ් ගොඩක් EK එකේ ගියා.මම හිතුවා ඒ අතරට මගෙ මතකයනුත් එකතු කරන්න.

    ක්‍රිකට් ලෝක කුසලානය ආරම්ඹ වුනේ 1975 වුනත් මම මුලින්ම ඒ ගැන දැන ගත්තේ 96දි.මම මුලින්ම වර්ල්ඩ් කප් එකක් බැලුවෙ 1996.
    එහෙම බලපු පලමු ලෝක කුසලානයම අපි ජයග්‍රහණය කරපු හින්දා ඒක හරිම සුවිශේශී මතකයක්.

    96 ලෝක කුසලානයට සහභාගී කණ්ඩායම් ගනන 10ක්.ටෙස්ට් තත්වය හිමි වෙලා තිබුණු රටවල් 9ට අමතරව කෙන්යාව,නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තමයි අනෙක් කන්ඩායම් වුනේ.නෙදර්ලන්ත් සහ එමිරේට්ස් කණ්ඩායම් දෙකෙත් විශේෂත්වයක් තිබුණා.ඒ කණ්ඩායම් දෙකේම ශ්‍රීලාංකික ක්‍රීඩකයින් දෙන්නෙක් ක්‍රීඩා කරා.

    ඒ කාලෙ වැඩකට තිබුනෙ ස්කෝලෙ යන එක විතරමයි.ඒ හින්දා ඒ වර්ල්ඩ් කප් එකේ තිබුණු මැචස් ඔක්කොම වගේ බැලුවා.
    තරඟාවලිය පටන් ගැන්මෙදිම ඕස්ට්‍රේලියාව සහ කොදෙව් කන්ඩායම් ලංකාවෙ ක්‍රීඩා කරන්න අකමැත්ත ප්‍රකාශ කරා.ඒ ලංකාවෙ ආරක්ෂක තත්වය මත.ඒ වෙලාවෙ අපිට උදව්වට ආවෙ අසල්වැසි ඉන්දියා සහ පකිස්තාන කන්ඩායම්.
    ලෝක කුසලානයට කලින්දවසෙ ඉන්දු පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායම ලංකාවෙදි ලංකාවත් එක්ක තරඟයක් පැවැත්වුවා.
    ඒ තරගය නම් ලංකාව පරාදයි.
    කන්ඩායම් දෙකක් ලංකාවෙ ක්‍රීඩා කිරීමට අකමැත්ත ප්‍රකාශ කරපු හින්දා ඒ තරග වල ප්‍රසාද ලකුණු ලංකාවට හිමිවුනා.ඒ අනුව තරඟාවලිය ආරම්භ කරන කොටම ලංකාව හිටියෙ දෙවෙනි වටයට සුදුසු කම් ලබන තත්වයක.

    තරඟාවලියෙ මුල් වටයෙදි ඉන්දියාව සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම් තමයි මුල් වටයෙදි අපිට හමුවුනෙ.
    ඉන්දියාවත් එක්ක මැච් එකෙදි ජයසුරිය ගැහුවා ප්‍රභාකර්ට ක්‍රිකට් එපා වෙන්නම.කෙන්යාවත් එක්ක මැච් එක ලෝක වාර්තාවක්.සිම්බාබ්වේ මැච් එකේදි ගුරා හයේ ඒව හයක් ගැහුවා.
    ඊලඟට අර්ධ අවසන් පූර්ව තරගය.ඒකෙදිත් සනත් අයියගෙ පිත්ත වැඩ කරා.
    අවසන් පූර්ව තරගයෙදි අරවින්ද කණ්ඩායම බේර ගත්තා.ඒ මැච් එක ඉවර කරන්න වුනෙත් නෑ.ප්‍රේක්ෂක බාධා කිරීම මත තරගය නවත්වන්න වුනා.
    ෆයිනල් එක ගැන නම් කියන්න දෙයක් නෑනේ.ඒක හැමෝටම මතකයිනේ.

    ඊට අවුරුදු තුනකට පස්සෙ 99 දි ඊලඟ ලෝක කුසලානය තිබුනා.ලංකාව ඒකට සහභාගි වුනෙත් අර්ජුනගෙ නායකත්වයෙන්. ඒත් ඒකෙදි නම් අපි මුල් වටයෙන්ම එලියට ගියා.තරඟාවලිය පැවැත්වුනෙ එංගලන්තයෙදි.
    ඒ තරඟාවලියෙ මතක හිටිනම මැච් එක තිබුනෙ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර.මතක විදිහට අවසන් පූර්ව තරඟය.
    මුලින් බැට් කරේ ඕස්ට්‍රේලියාව ඊට පස්සෙ දකුණු අප්‍රිකාව ඉලක්කය හඹා ගෙන ගියත් මුල් කඩුලු ටික ඉක්මනින්ම වැටුනා.ඒත් ක්ලූස්නර් මැච් එක අරන් ගියා.
    මතකද ඒ මැච් එක අන්තිම ලකුණ ගහලා ක්ලූස්නර් දුවගෙන ආව ඒත් අනිත් පැත්තෙ හිටියෙ න්ට්නි.[මෙතන න්ට්නි නෙමෙයි ඇලන්ඩ් ඩොනලඩ් තමයි ඉදල තියෙන්නෙ.මේක මතක් කරල දුන්නෙ අපේ RLR bro.]
    න්ට්නි ඒක දැක්කෙ නෑ.ඒක දුවද්දි දැවී යාමක්.තරඟය නිම වුනේ ලකුණු සමවෙල.ඒත් ඉදිරියට යන්න අවස්තාව හම්බ වුනේ ඕස්ට්‍රේලියාවට.
    ෆයිනල් ආවෙ ඕස්ට්‍රේලියා පාකිස්ථාන්.කවුරුවත් නොහිතපු විදිහට පාකිස්තාන් කන්ඩායම අඩු ලකුණු ගානට දැවී ගියා.ඕස්ට්‍රේලියාව ලේසියෙන්ම මැච් එක දින්නා.
    ඒත් තරඟාවලියෙ වීරයා වුනේ ක්ලූස්නර්.

    2003 දි අපි වර්ල්ඩ් කප් ගියෙ ජයසූරියගෙ නායකත්වයෙන්. ඒකෙ මුල් වටයෙදි අපි නොහිතපු විදිහට කෙන්යාවටත් පරාද වුනා.ඒත් ලංකාව 2003 දි සෙමි ෆයිනල් වෙනකම ආව.
    වර්ල්ඩ් කප් ඉතිහාසයෙ මම දැකපු අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව.2003 වර්ල්ඩ් කප් තිබුනෙ දකුණු අප්‍රිකාවෙ හින්දා ඔවුන්ට වැඩි වාසියක් තිබුනා.
    ඒත් ලංකාවත් එක්ක තිබුනු දෙවෙනි වටයෙ තරගයෙන් ඔවුන්ට නොසිතූ ලෙස ඉවත් වෙන්න වුනා.
    දකුණු අප්‍රිකාව දෙවෙනියට බැට් කරල මැච් එක දිනන තත්වයක හිටියෙ.එක පාරට වහින්න හැදුවා.
    වැස්සට කලින් ඕවරයෙදි බවුචර් මුරලිට හයේ එකකුත් ගැහුවා.ඒ ඕවර් එකේ අන්තිම බෝල් දෙක බවුචර් උත්සාහ කරේ නොදැවී ඉන්න.ඒ දෙකට එක ලකුණක්වත් ඔහු ගත්තෙ නෑ.
    ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් තේරුම් අරන් තිබුනෙ වැරදියට.අන්තිමට ලංකාව 1ලකුනකින් මැච් එක දිනුම්.
    2003 ෆයිනල් ආවෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි.ඕස්ට්‍රේලියාව විශාල ලකුණූ ගානකට ගිහින් තරඟය දිනුවා.තරඟාවලියේ වීරයා වුනේ පොන්ටින්.

    ඊලගට ගිය පාර එක 2007 කොදෙව් වල.ඒක මතකනෙ ෆයිනල් එකේදි අපි ඕස්ට්‍රේලියාවට පරාද වුනා.96 වගේ වෙයි කියල බලන් හිටියත් එදා හැමදෙයක්ම කැරකුනු ඕස්ට්‍රේලියාවට වාසි විදිහට.

    ඒ තරඟාවලියෙ මුල් වටයෙ සුවිශේශී සිදුවීම වුනේ මාලිංගගෙ ලෝක වාර්තාව.

    ගිය පාර තරඟාවලියට සහභාගි වුනු ක්‍රීඩකයො 8 දෙනෙක්ම මෙවර සංචිතයෙ ඉන්නවා.96 වගේම මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නෙ අපේ කලාපයේ.

    අපේ කණ්ඩායමට සුභ පැතුම් එක් කරමින් අපි බලන් ඉමු තව ටික දවසයි :D:D:D:D

    මේ ඔක්කොම මතකයෙන් ලිව්වෙ මොනව හරි වැරදි නම් කියන්න.;)
     
    Last edited:

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Ela machan mama cricket balanna gathe 96 edan 96,03,07 tharagawalidi api sarthakathaki kiwwoth waradi na eth e hama parama ape sarthakathwa pitupasa eka prabala charitha dekak hitiya e thama Sanath and Vass.me para e denna nathuwa unath ape team ekata loka kusalane genenna labewa kiyala parthana karanwa.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Ela machan mama cricket balanna gathe 96 edan 96,03,07 tharagawalidi api sarthakathaki kiwwoth waradi na eth e hama parama ape sarthakathwa pitupasa eka prabala charitha dekak hitiya e thama Sanath and Vass.me para e denna nathuwa unath ape team ekata loka kusalane genenna labewa kiyala parthana karanwa.

    මම හිතන් හිටියෙ උබ 75 ඉඳන් වර්ල්ඩ් කප් බලන් පොරක් කියලා :rofl::rofl::P:P
    දැක්කෙම නෑ පහුගිය ටිකේ කොහෙද හිටියේ.

    එල මචන් 96 ටීම් එකෙන් මේ පාර ඉන්නෙ මුරලි විතරයි.
    අපි ඔක්කොම එකතු වෙලා ටීම් එකට සුභ පතමු.:yes::yes::yes::yes:;)
     
    :shocked: uba hithuwada mama echara wayasai kiyala:rofl::lol:
    Pahu giya tike poddak busy una ban eth kochara busy unath match ekak nam waradilawath mis wenne na:rofl:

    ow ban me parath giya para bari una de me para karanna puluwan wewi kiyala api wish karamu:)

    eka neme anna sana aye gahala dan yana Inter provincial eke wedima score sanage
    http://stats.espncricinfo.com/ci/en...most_runs_career.html?id=6462;type=tournament
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Ela machan mama cricket balanna gathe 96 edan 96,03,07 tharagawalidi api sarthakathaki kiwwoth waradi na eth e hama parama ape sarthakathwa pitupasa eka prabala charitha dekak hitiya e thama Sanath and Vass.me para e denna nathuwa unath ape team ekata loka kusalane genenna labewa kiyala parthana karanwa.

    :shocked: uba hithuwada mama echara wayasai kiyala:rofl::lol:
    Pahu giya tike poddak busy una ban eth kochara busy unath match ekak nam waradilawath mis wenne na:rofl:

    ow ban me parath giya para bari una de me para karanna puluwan wewi kiyala api wish karamu:)

    eka neme anna sana aye gahala dan yana Inter provincial eke wedima score sanage
    http://stats.espncricinfo.com/ci/en...most_runs_career.html?id=6462;type=tournament

    ඔව් බන් මම දැක්කා.අන්තිම මැචස් දෙකේම සනත් අයියා හොදටම කරලා තිබුනා. බැට්,බෝල් දෙකෙන්ම.
    දැන් වැඩක් නෑ බන් ටීම් එක තෝරල ඉවරනේ.නැත්නම් කවුරුහරි ඉන්ජර්ඩ් වෙන්න ඕනෙ.
    ඒත් ටීම් එක තව ටික දවසක් ඉඳල තේරුව නම් හොදයි වගේ.
    වාසුත් මේ ටිකේ හොදටම කරනව.:yes::yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    2003 WC was memorable because of Aravinda's retirement

    :yes::yes::yes:

    Semi ekedi Lee ta duwanna gahapu hati thama mathakai:D

    Semi nemai ne :no:
    ae S6 match 1ka kadi
    Semi di run out una adu ganakata :(

    ඒ රනවුට් එක නැතිවුනනම් මැච් එක වෙනස් වෙන්න තිබුනා.
    සංගත් එක්ක බැට් කරන කොට තමයි අරා රනවුට් වුනේ.
    සුපර් 6 මැච් එකේ බ්‍රෙට් ලීට ගහපු පාරවල් නම් තාම මතකයි.:yes::yes::yes: