kangediya

Member
Nov 8, 2012
53
3
0
14 හැවිරිදි ශිෂ්‍යාව දුම්රියට පැන දිවි නසාගෙන
සොහොයුරියන් දෙදෙනාත් මීට පෙර දිවි නසාගෙන

අර්වින් රෝයි සිල්වා - වැල්ලව

වැල්ලව දාහතර හැවිරිදි සිසුවියක්‌ දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇත. ඇයගේ වැඩිමල් සොයුරියන් දෙදෙනකු ද කලකට පෙර සියදිවි නසාගෙන තිබුණි.

මෙලෙස මරණයට පත්වූයේ වැල්ලව, තඹගල්ලේ හංසි සඳමිණි සේනානායක නමැති සිසු දැරියකි. ඇය කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

මරණයට පත් දැරියගේ මව හා පියා දරුවන් අත්හැර වෙන වෙනම පවුල් ජීවිත ගත කරන බව හෙළි වේ.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා විසින් මරණ පරීක්‍ෂණය සිදුකළ අතර වැල්ලව පොලිසියේ (64428) සැරයන් සෙනෙවිරත්න මහතා සාක්‍ෂි සටහන් කර ගන්නා ලදී