WW11 - යුදෙව්වන් ගලවාගත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    යුදෙව්වන් ගලවාගත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව


    දෙවැනි ලෝක සංග්‍රාම සමය අන් කිසිවෙකුටත් වඩා භයංකර වුණේ යුදෙව්වන්ට යි. ජර්මානු ජාතිකයන් ආර්යයන් ලෙස සැලකූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු නාසි හමුදාවන්, යුදෙව් ජාතිකයන් ගෑස් කාමරවලට ඇදගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කළේ ඔවුන් ව පොළෝ තලයෙන් සහමුලින් ම තුරන් කර දැමීමේ අරමුණෙන්. නමුත් හිට්ලර් ප්‍රමුඛ නාසි හමුදාවන් රවටමින් පෝලන්තයේ සහ චෙකොස්ලොවෙකියාවේ වාසය කළ යුදෙව්වන් සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමට ජර්මානු ජාතික ව්‍යාපාරිකයෙක් සමත් වුණා. ඒ ඔවුන් ව ඔහුගේ කම්හලේ සේවකයන් ලෙස බඳවා ගනිමින්.

    ou9JeDT.jpg

    ඖෂ්විට්ස් (Auschwitz) වදකාගාරයේ රඳවා සිටි ළමයින් කිහිපයක් වර්ෂ 1945 ජනවාරියේ සොවියෙට් හමුදා විසින් මුදවා ගත් අවස්ථාව.


    1908 අප්‍රේල් 28 වැනි දින ඔක්සා ෂින්ඩ්ලර් උපත ලබන්නේ එවකට ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයට අයත් වූ මොරේවියා නම් ජර්මානු ප්‍රාන්තයේ ස්විටාව් නම් කාර්මික නගරයේ දී යි. වර්තමානයේ දී එය අයත් වන්නේ චෙක් රාජ්‍යයට වන අතර ඔස්කා හැදී වැඩුණු ප්‍රදේශය සුඩේටන්ලන්තය ලෙස ද හඳුන්වා තිබෙනවා.


    qPkQmbT.jpg

    සැබෑ ඔස්කාර් ෂින්ඩ්ලර්


    තම දිවියේ දෙවැනි දශකය එළැඹෙන විට ම අධ්‍යාපන දිවියට සමු දුන් තරුණ ඔස්කා, ඔහුගේ පියා සමග එක් ව කෘෂි උපකරණ අලෙවි කිරීම ආරම්භ කළා. නමුත් වැඩි කලක් ඔහුට ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටීමට හැකි වුණේ නැහැ. 1928 වසරේ දී එමිලි පෙල්සල් නම් තරුණියක් සමග විවාහ වූ ඔහු, මොරේවියානු විදුලි සමාගමේ අලෙවි කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා පියාගේ ව්‍යාපාර කටයුතු හැරගොස් තිබෙනවා.


    mrw6i5V.jpg



    1930 දශකය ඇරඹෙන විට ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු නාසි පක්ෂයේ බලය ක්‍රමයෙන් ජර්මනිය තුළ ස්ථාපනය වීම ආරම්භ වී තිබුණා. 1933 ජනවාරි 30 වැනි දා ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් බවට පත් වුණා. හිට්ලර්ගේ අවධානය සුඩේටන්ලන්තය දෙසට යොමු වුණේ මේ අතරතුර දී යි. සුඩේටන්ලන්ත වැසියන් සැබවින් ම ජර්මානුවන් බවත්, ඔවුන් අයත් වන්නේ චෙකොස්ලෙවෙකියාවට නොව ජර්මනියට බවත් පැවසූ හිට්ලර්, නාසිවාදීන් සමග එක් වන ලෙස ඔවුන්ට ඇරයුම් කර තිබෙනවා.



    jCMeAQB.jpg


    ඒ අනුව 1935 වන විට බොහෝමයක් සුඩේටන් ජර්මානුවන් නාසි හමුදාවට හිතවාදී ව කටයුතු කළ සුඩේටන් ජර්මානු පක්ෂය සමග එක් වූ අතර රැල්ලට අනුව ඔස්කා ද ඔවුන් සමග එක් වුණා. වර්ෂ 1939 සුඩේටන් ජර්මානු පක්ෂය නිල ලෙස ම නාසීන් සමග එක් වූ වර්ෂය යි.



    ugS7BO4.jpg



    1939 සැප්තැම්බර් 1 වැනි දින හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළේ මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට ජර්මනියට එරෙහි ව යුද්ධය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින්. එම සිදුවීමෙන් සතියක් ඇතුළත ඔස්කා පෝලන්තයේ ක්‍රැකොව් නුවර කරා ළඟා වූ අතර ඔහුගේ අරමුණ වුණේ රටවල් අතර පවතින යුද්ධයෙන් ලාභ ඉපැයීම යි.



    5TcYbvQ.jpg

    ඔස්කා ෂින්ඩ්ලර් (මැද) නාසි හමුදා නිලධාරීන් සමග (jewishvirtuallibrary.org)


    ඔස්කාට ඉට්සාක් ස්ටර්න් නම් යුදෙව් ගණකාධිකාරීවරයා හමු වන්නේ ද මේ කාලයේ දී ම යි. ඉට්සාක්ගේ සහය ඇති ව බුන්වත් වූ මුළුතැන්ගෙයි උපකරණ නිපදවන කම්හලක් මිලට ගත් ඔස්කා 1940 ජනවාරි මාසයේ දී එය යළි විවෘත කර තිබෙනවා. එහි පොත් තබන්නා ලෙස ඔහු රැකියාවට බඳවා ගන්නේ ඔහුට උපකාර කළ ඉට්සාක් ම යි. ඔක්සා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගත් ඉට්සාක්, පසු ව ඔස්කාගේ යුදෙව්වන් බේරා ගැනීමේ මෙහෙයුමට ද උපකාර කර තිබෙනවා.


    03PiOeQ.jpg



    තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමේ නොනිමි ආශාවකින් යුතු වූ ඔස්කා, ඔහුගේ කම්හලේ නිෂ්පාදනය කරන භාජන ජර්මානු හමුදාවට අලෙවි කිරීමේ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා ඉහළ හමුදා නිලධාරීන්ට අල්ලස් පවා ලබා දීමට කටයුතු කළ අයෙක්. හැකිතාක් ලාභ ඉපැයීමට කටයුතු කළ ඔහුගේ ඉට්සාක්ගේ උපදෙස් මත ඔහුගේ කම්හලේ වැඩ කිරීම සඳහා ක්‍රැකොව් නුවර වාසය කළ යුදෙව්වන් බඳවා ගත්තේ අඩු පිරිවැයකට ශ්‍රමය ලබා ගත හැකි නිසා යි.



    MU9j6hM.jpg

    ඔස්කා ෂින්ඩ්ලර් තම ලෝහ කර්මාන්තශාලාව තුළ සිය සේවකයින් සමග සිටින දුර්ලභ ඡායාරූපයක්.

    1940 වසන්ත ඍතුව එළැඹෙන විට නාසිවාදීන් යුදෙව්වන් ව සමූල ඝාතනය කිරීමේ වැඩ පිළිවෙළ අරඹා තිබුණා. ඒ අනුව එස්. එස්. සංවිධානය විසින් ඔස්කාට නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහුගේ කම්හලේ සේවය කරන යුදෙව්වන්ට ගෙවන වැටුප, ඔවුන්ට නොගෙවා එස්. එස්. හි බැංකු ගිණුමට බැර කරන ලෙස යි. අගෝස්තු මාසයේ දී නාසිවාදීන් නව රෙගුලාසි පැන වූ අතර එයින් ‘අත්‍යවශ්‍ය’ සේවකයන් හැරුණු විට අනෙකුත් සියලු ම යුදෙව්වන්ට නගරයෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබුණා. එහි දී පැන නැගුණු ගැටලුව වුණේ ‘අත්‍යවශ්‍ය’ සේවකයන් කවුරුන් ද යන්න යි.



    ඔස්කාගේ මෙහෙයුම් කටයුතු


    KRThU0s.jpg



    1942 ජූනි මාසයේ දී නාසි හමුදාවන් හි ක්‍රැකොව් නුවර රැඳී සිටි යුදෙව්වන් ව ශ්‍රම කඳවුරුවලට රැගෙන යාම ආරම්භ කර තිබෙනවා. එසේ ශ්‍රම කඳවුරුවලට රැගෙන යාම සඳහා දුම්රියපොළට පැමිණෙන ලෙස අණ ලද ප්‍රථම කණ්ඩායමට ඔස්කාගේ කම්හලේ සේවය කළ අය කිහිප දෙනෙක් ද ඔහුගේ කාර්යාල කළමනාකරු ද ඇතුළත් වුණා. මේ බව ආරංචි වූ ඔස්කා හැකි ඉක්මනින් දුම්රියපොළ කරා ගමන් ගත් අතර තම කාර්යාලයේ කටයුතු සඳහා එම යුදෙව්වන් කොතරම් අත්‍යවශ්‍ය දැයි පෙන්වා දීම සඳහා ඔහු නාසී විශේෂ බලකා නිලධාරියා සමග විවාදයකට ද එළැඹී තිබෙනවා. කෙසේ හෝ ඉහළ නාසි නිලධාරීන් සමග පැවති සම්බන්ධතා කිහිපයක තොරතුරු හෙළි කිරීමෙන් පසු ව තම සේවකයන් ව මුදවා ගැනීමට සමත් වූ ඔස්කා, නැවත වරක් ඔවුන් ව ආරක්ෂාකාරී ව කම්හල වෙත රැගෙන ආවා.


    i5mJRdI.jpg

    ප්ලාසොව් ශ්‍රම කඳවුර පිහිටි ස්ථානය 2007 දී (Raduz)

    ක්‍රැකොව් නුවර මුඩුක්කුවල වාසය කළ යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා නියෝග නිකුත් වුණේ 1943 වර්ෂයේ මුල් කාලයේ දී යි. එම මෙහෙයුම ක්‍රැකොව් නුවරට මදක් එපිටින් පිහිටි ප්ලාසොව් නම් ශ්‍රම කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ආමොන් ගූට් නම් තරුණ එස්. එස්. නිලධාරියාට භාර වී තිබුණා.




    0OCE7OT.jpg


    ඒ අනුව වැඩ කළ හැකි නිරෝගී යුදෙව්වන් ව ප්ලාසොව් ශ්‍රම කඳවුර වෙත යවන ලද අතර අනෙක් කොටස මරණයට පත් කිරීම සඳහා මරණ කඳවුරු කරා යවා තිබෙනවා. මේ අතරේ දී තමන්ගේ කම්හල තුළ කුඩා ශ්‍රම කඳවුරක් පිහිටු වීම සඳහා ඔස්කා, ආමොන් ගූට් වෙත යෝජනා කර ඇති අතර ඔහු එයට එකඟ වී ඇත්තේ අල්ලසක් ලබා දීමෙන් පසු ව යි.


    ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව

    rLHNhsF.jpg

    ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ මුල් පිටපතේ මුල් පිටුව


    1944 වර්ෂය ආරම්භ වන විට ප්ලාසොව් ශ්‍රම කඳවුර, යොමු කිරීමේ කඳවුරක් බවට පත් කිරීමට නාසි හමුදා කටයුතු කළා. ඒ අනුව මරණය සඳහා යොමු කරන යුදෙව්වන් ව රඳවා තබන ලද්දේ එහි යි. 1944 ගිම්හාන කාලයේ දී ඔස්කාගේ කම්හලේ පවත්වාගෙන ගිය ශ්‍රම කඳවුර වසා දැමිය යුතු බවට නියෝගයක් පැමිණි අතර ආමොන් ගූට් ව මුණ ගැසීමට ගිය ඔස්කා ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ කම්හල සහ එහි සේවය කරන ශ්‍රමිකයන් චෙකොස්ලොවෙකියාවට රැගෙන යාමට අවසර දෙන ලෙස යි. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම මගින් හිට්ලර්ගේ හමුදාවට අවැසි අත්‍යවශ්‍ය යුද උපකරණ සැපයීමට හැකි බව ඔස්කා පෙන්වා දුන්නා.


    QMWF48w.jpg


    නැවත වරක් ආමොන් ගූට් වෙත අල්ලසක් ලබා දීමෙන් පසු ව ඔහු එම යෝජනාවට එකඟ වූ අතර ඔහු ඔස්කාට පැවසුවේ චෙකොස්ලොවෙකියාවට රැගෙන යන යුදෙව්වන්ගේ ලැයිස්තුවක් සකසන ලෙස යි. ඒ අනුව ඔහු කම්හල් සේවකයන් පමණක් නොව තවත් යුදෙව්වන් රැසකගේ නම් ඇතුළත් කර ගණනින් 1,100 ඉක්ම වූ ලැයිස්තුවක් ලබා දී තිබෙනවා.



    RL1s6zZ.jpg


    ඒ අනුව අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීමෙන් පසු ව සහ අවැසි තරම් අල්ලස් ලබා දීමෙන් පසු ව ඔහුගේ කම්හල චෙකොස්ලොවෙකියාවේ බ්‍රන්ලිට්ස් නුවරට රැගෙන යාමට ඔස්කාට හැකි වුණා. කෙටි කලකට පසු ව ප්ලාසොව් හි රඳවා සිටි මිනිසුන් 800 ක්, කාන්තාවන් සහ ළමුන් 300 ක් බ්‍රන්ලිට්ස් කරා යොමු කර තිබෙනවා


    7m9urYc.jpg


    . ඉන් පසු ව ගත වූ මාස හතක කාලය තුළ ඔස්කාගේ කම්හල තුළ යුද්ධය සඳහා අවැසි කිසිදු දෙයක් නිෂ්පාදනය නොවූ අතර ඒ පිළිබඳ ව සිදු කරන ලද විමසීම්වල දී ඔහු ප්‍රකාශ කර සිටියේ අලුත් ස්ථානයක කටයුතු ඇරඹීම අතිශය දුෂ්කර කටයුත්තක් නිසා ඒ සඳහා ඔහුට කාලය අවශ්‍ය වන බව යි. නමුත් සත්‍ය වශයෙන් ම ඔහු සිදු කර තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කිරීම මගින් ඔහුගේ කම්හලේ නිපදවන උණ්ඩ තත්ත්ව පාලන පරීක්ෂණය අසමත් වන බව තහවුරු කිරීම යි.


     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka

    දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය

    1945 මැයි 7 වැනි දා ජර්මානුවන් පරාජය භාර ගැනීමත් සමග දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වුණා. එදින සියලු ම යුදෙව් සේවකයන් කම්හලට රැස් කළ ඔස්කා, යුද්ධයේ අවසනය ගැන ශුභ ආරංචිය ඔවුන්ට දැනුම් දුන් අතර සිදු වූ දේ වෙනුවෙන් පළි නොගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එසේ ම මිය ගිය යුදෙව්වන් වෙනුවෙන් ඔවුන් සියලු දෙනා එක් ව මිනින්තු කිහිපයක නිහඬතාවක් පවත්වා ඇති බව ද සඳහන් වෙනවා. එසේ ම යුදෙව්වන් ගලවා ගැනීම සඳහා ඔහුට සහය දුන් එස්. එස්. නිලධාරීන්ට ඔහු ස්තූති කර තිබෙනවා.


    AP3TKpY.jpg


    දින කිහිපයකට පසු ව ඔස්කා, ඔහුගේ බිරිඳ සමග රුසියානු හමුදා මග හැරීම සඳහා බටහිර දෙසට පැන ගොස් ඇති අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ රුසියානු හමුදාවට හසු වනවාට වඩා ඇමෙරිකාවට පැන යාම යහපත් බව යි. දින කිහිපයකට පසු ව බ්‍රන්ලිට්ස් නුවරට ළඟා වූ රුසියානු හමුදා නිලධාරියෙක්, තව දුරටත් ඔස්කාගේ කම්හලේ රැඳී සිටි යුදෙව්වන් 1,200 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර යවා තිබෙනවා. ඔවුන් එම යුදෙව්වන් හඳුන්වා ඇත්තේ ‘Schindlerjuden’ හෙවත් ‘ෂින්ඩ්ලර්ගේ යුදෙව්වන්’ ලෙස යි.



    N7nqA0v.jpg

    තෝමස් කෙනලිගේ පොත


    පසු කාලීන ව ඕස්ට්‍රේලියානු ජාතික තෝමස් කෙනේලි මෙම විස්තර ඇතුළත් කර ‘Schindler’s Ark’නමින් පොතක් එළි දැක් වූ අතර එය 1993 වර්ෂයේ දී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ‘Schindler’s List’ ලෙස චිත්‍රපටයකට නැගුවා. එම චිත්‍රපටය ඇකඩමි සම්මාන හතක් දිනා ගැනීමට සමත් වුණා.


    ouCN8GJ.jpg

    ෂින්ඩ්ලර්ස් ලිස්ට් චිත්‍රපටයේ ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ චරිතයට පණ පොවන ලියාම් නීසන්. (emanuellevy.com)



    dkYZQnv.jpg

    ස්විටාව් හි ඔස්කා ෂින්ඩ්ලර් වෙනුවෙන් තනා ඇති ස්මාරක (පින්තූරය – Ben Skála)


    ඔස්කාර් ෂින්ඩ්ලර්ට ඔහු යන එන සෑමතැනකින්ම ඔහුගේ යුදෙව් මිතුරන්ගෙන් ගරු බුහුමන් ලැබිණි. වයස 66ක් ව තිබියදී ෆ්රැන්ක්ෆර්ට් නුවරදී 1974 ඔක්තෝබර් 9 දින ඔස්කාර් ෂින්ඩ්ලර් සදහටම දෙනෙත් පියාගත්තේ අක්මාව අක්‍රියවීමෙන් හටගත් රෝගී තත්වයක් හේතුවෙනි. 1939 සිට මියයන තෙක්ම ඔහු යුදෙව්වන්ට ආදරය කළ නිසා තමා මිහිදන් කළ යුත්තේ ජෙරුසලමේ බව ඔහු කල් තියා ප්‍රකාශ කොට තිබුණි.


    kFm5EcS.jpg

    ජෙරුසලමේ පිහිටි ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ සොහොන්කොත

    ඔහුගේ ඉල්ලීමට අනුව ඔහුගේ භෂ්මාවශේෂ ඊශ්‍රායලයට රැගෙන යන ලදී. එයට පෙර ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා ජෙරුසලමේ වීදි පුරා රැගෙන ගොස් තිබේ.



    4weCb1U.jpg

    1974 ඔක්. 09 - ෂින්ඩ්ලර්ගේ දේහය දිවිගලවාගත් යුදෙව් ජාතීන් (ෂින්ඩ්ලර් යුදෙව්වන්) විසින් ජෙරුසලමේ වීදි පුරා ඔසවාගෙන ගිය අයුරු





    K2MaxpY.jpg

    චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට (1993) ජීවමානව සිටි ඔස්කාර් ෂින්ඩ්ලර් ගේ භාර්යාව, එමිලී ෂින්ඩ්ලර්





    මුලාශ්‍ර:
    israelimages.com
    emanuellevy.com
    goodreads.com
    .imdb.com
    බ්ලොගර් - ධරණී වීරසිංහ
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    ayoma-jayasinghe.blogspot.com
    jewishvirtuallibrary.org
    WIkipedia/Miaow Miaow
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මෙහෙම හිතපන් පොඩ්ඩක්..

    උබලට මේ කියලා තියෙන,, පෙන්නලා තියෙන ඔක්කම දේවල් බොරු උනොත් කොහොමද ආතල් එක??

    හැම යුද්දෙන්ම දිනුවේ හොද උන්ද??
    නරක උන් දිනලම නැද්ද එතකොට??

    හොලොකොස්ට් එක කියන්නේ කැරීම බොරුවක්..

    බොරු නං වින්ස්ටන් චර්චිල් කොහේ හරි හොලොකොස්ට් එක ගැන කියලවත් තියෙනවා ද කියල හොයල බලපන්..