Yamaha Club -- යමහා ක්ලබ්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඊයේ එක පාරටම එන්ජින් චෙක් ලයිට් එක වැඩ නැතුව ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් වයරින් එකයි TPS Line ඔක්කොම චෙක් කරා. වැඩේ හරිගියෙ නෑ. ගියා යමහා සර්විස් එකට මුන් කියපි මීටරේ බල්බ් එක ගිහින් ඇති ඒකයි ඔහොම වෙන්නේ කියලා. අවුලක් නෑ ඔහොම පදින්න කිවුවා... උන්ට අවුලක් නෑ මටනේ අවුල.. මාත් ඉතින් ගෙදර ඇවිත් ඔන මගුලක් කියලා ගැලෙව්වා මීටරේ.

    QW48EdMm.jpg

    fU93nadm.jpg

    uBS2FUpm.jpg

    mIMK3c1m.jpg

    xDEeKAfm.jpg

    දන්න ශිල්ප ඔක්කොම දාලා බැලුවා කේස් එක මොකක්ද කියලා... LED එකට එන RESISTER එක පිච්චිලා. වෙලාවේ හැටියට RESISTER එකක් හොයාගන්න බැරි වුනා. දැනට ජම්පර් එකක් දාලා වැඩේ කරගත්තා. දැන් සුපිරියට වැඩ.

    U0oqCjXm.jpg
     
    nuwanruksha

    Member
    Jun 17, 2013
    22
    1
    0
    මගෙ බයික් එකේ FZ-S එක දැන් දවස් දෙකක ඉදලා මිස් කරනවා,වෙලාවකට ස්ටාට් වෙලා රේස් වෙන්නෙ නැතිව නවතිනවා,20,30 යනකොට ම්ස් කරනවා.නැවතින වෙලාවට චෝක් එක අල්ලාවත් ස්ටාට් වෙන්නේ.කාබ්ලේටරයේ අවුලක්ද මේක දන්න කෙනෙක් උදව් කරහල්ලා...
     
    බයික් එ‍ක දැන් කීයක් පැදලද? මට හිතෙන්නෙ නම් කාබ් එකේ වැකුම් පිස්‍ටන් එක ගිහිල්ලා..

    හරියටම කියන්නනම් දැන් දුවලා තියන ගාන කියපන්
     
    nuwanruksha

    Member
    Jun 17, 2013
    22
    1
    0
    බයික් එ‍ක දැන් කීයක් පැදලද? මට හිතෙන්නෙ නම් කාබ් එකේ වැකුම් පිස්‍ටන් එක ගිහිල්ලා..

    හරියටම කියන්නනම් දැන් දුවලා තියන ගාන කියපන්

    දැන් 33000ක් දුවලා තියෙනවා මචං
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඊයේ එක පාරටම එන්ජින් චෙක් ලයිට් එක වැඩ නැතුව ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් වයරින් එකයි TPS Line ඔක්කොම චෙක් කරා. වැඩේ හරිගියෙ නෑ. ගියා යමහා සර්විස් එකට මුන් කියපි මීටරේ බල්බ් එක ගිහින් ඇති ඒකයි ඔහොම වෙන්නේ කියලා. අවුලක් නෑ ඔහොම පදින්න කිවුවා... උන්ට අවුලක් නෑ මටනේ අවුල.. මාත් ඉතින් ගෙදර ඇවිත් ඔන මගුලක් කියලා ගැලෙව්වා මීටරේ.

    QW48EdMm.jpg

    fU93nadm.jpg

    uBS2FUpm.jpg

    mIMK3c1m.jpg

    xDEeKAfm.jpg

    දන්න ශිල්ප ඔක්කොම දාලා බැලුවා කේස් එක මොකක්ද කියලා... LED එකට එන RESISTER එක පිච්චිලා. වෙලාවේ හැටියට RESISTER එකක් හොයාගන්න බැරි වුනා. දැනට ජම්පර් එකක් දාලා වැඩේ කරගත්තා. දැන් සුපිරියට වැඩ.

    U0oqCjXm.jpg

    උබට ඉලෙක්ට්‍රොනික් සහ මෙකනිකල් පැත්ත පුලුවන්. පට්ට බන්. ඔහොම උනාම ගින්නක් නෑ වාහන තියෙන කොට. මොකද සල්ලි තිබ්බත් වෙන උන්ට හදන්න දුන්නම ගම කනව. කිසි කේස් එකක් නැති ඒව පවා ගලව ගලව ටෙස් කරනව අන්තිමේ ලෙඩ ගොඩක් වෙනව. පුංචි කෑල්ලක් පිච්චුනත් මුලු සෙට් එකම දාන්න කියනව. එළ එළ. ඔහොම දැනුමක් තියෙන එක ලොකු දෙයක්. මට ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් නෑ ඒත් මගේ බයික් දෙකේ සර්විස් වැඩ මමයි ගෙදර කරන්නේ.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    දැන් 33000ක් දුවලා තියෙනවා මචං

    කාබ් එක කී පාරක් ක්ලීන් කරාද ගත්තට පස්සේ? එයාර් ෆිල්ටර් එක ක්ලීන් කරලද තියෙන්නේ. මේවා කරලනම් ගොඩාක් දුරට වැකුම් පිස්ටන් ‍එකේ රබර් කෑල්ල ඩැමේජ් වෙලා ඇති. හැබැයි ටැංකියේ වතුර තිබ්බාමත් ඔය මිස් එක එනවා. කවුරැ හරි කබ් එක ටියුන් කරාද මීට කලින් ?
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උබට ඉලෙක්ට්‍රොනික් සහ මෙකනිකල් පැත්ත පුලුවන්. පට්ට බන්. ඔහොම උනාම ගින්නක් නෑ වාහන තියෙන කොට. මොකද සල්ලි තිබ්බත් වෙන උන්ට හදන්න දුන්නම ගම කනව. කිසි කේස් එකක් නැති ඒව පවා ගලව ගලව ටෙස් කරනව අන්තිමේ ලෙඩ ගොඩක් වෙනව. පුංචි කෑල්ලක් පිච්චුනත් මුලු සෙට් එකම දාන්න කියනව. එළ එළ. ඔහොම දැනුමක් තියෙන එක ලොකු දෙයක්. මට ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් නෑ ඒත් මගේ බයික් දෙකේ සර්විස් වැඩ මමයි ගෙදර කරන්නේ.

    මම ඕවා කෝස් කරලා දැනගත්ත ඒවා නෙමෙයි මචන්. අර රත්තරන් කියනවා වගේ කෑලි ගලවලමයි ඉගෙන ගත්තේ. එල සර්විස් එක අපිම කරගන්න එකෙන් සල්ලිත් ඉතුරැ වෙනවා. ලොකුම දේ තමයි අපි දෙයක් ඉගෙන ගන්නවා. ඒක සල්ලිවලට ගන්න බෑ
     
    nuwanruksha

    Member
    Jun 17, 2013
    22
    1
    0
    ලගදි කවුරුත් ගැලෙව්වෙ නෑ කලින් එක පාරක් ගලවලා තියෙනවා.කබ් එක ගලවන්න වෙයි නේද.ඒත් මෙහෙ යමහා එකට දමන්න බැ උන් කෑලි මාරු කරනවා ඉය වඩා ගෙනියනකොට නැති ලෙඩ ගෙනාවම තියෙනවා.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ලගදි කවුරුත් ගැලෙව්වෙ නෑ කලින් එක පාරක් ගලවලා තියෙනවා.කබ් එක ගලවන්න වෙයි නේද.ඒත් මෙහෙ යමහා එකට දමන්න බැ උන් කෑලි මාරු කරනවා ඉය වඩා ගෙනියනකොට නැති ලෙඩ ගෙනාවම තියෙනවා.

    උඹ කොහේද ඉන්නේ ? ඕකෙ මහලොකු දෙයක් නෑ බං. ඇලන්කි සෙට් එකයි, මල් ස්කුරුප්පු නියනයි විතරයි ඕන.

    හැබැයි කාබ් එක ගලවන්න කලින් ටැංකියේ වතුර තියනවද කියලා චෙක් කරලා බලන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මගේ යාලුවෙක්ගේ fz ඒකක පිටිපස්සේ අලුතෙන් දාපු පිටිපස්සේ ටයර් ඒකේ ඇණයක් ඇනිලා බන් ඒකට අර හිල් කරලා දාන පැච් ඒකක් දාලා ඒ මගුලෙන් හුලන් බහිනවා
    දැන් අර තම්බලා දානවා කියන්නේ අන්න ඒකක් දාන්න යන්නේ ඒක සාර්ථක වෙයිද ?
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන්ලා මගේ යාලුවෙක්ගේ fz ඒකක පිටිපස්සේ අලුතෙන් දාපු පිටිපස්සේ ටයර් ඒකේ ඇණයක් ඇනිලා බන් ඒකට අර හිල් කරලා දාන පැච් ඒකක් දාලා ඒ මගුලෙන් හුලන් බහිනවා
    දැන් අර තම්බලා දානවා කියන්නේ අන්න ඒකක් දාන්න යන්නේ ඒක සාර්ථක වෙයිද ?

    ඒක හොදටම සාර්ථකයි. හැබැයි ගාන නම් වැඩියි.
     
    • Like
    Reactions: IDG

    nuwanruksha

    Member
    Jun 17, 2013
    22
    1
    0
    උඹ කොහේද ඉන්නේ ? ඕකෙ මහලොකු දෙයක් නෑ බං. ඇලන්කි සෙට් එකයි, මල් ස්කුරුප්පු නියනයි විතරයි ඕන.

    හැබැයි කාබ් එක ගලවන්න කලින් ටැංකියේ වතුර තියනවද කියලා චෙක් කරලා බලන්න.

    මම අනුරාධපුර මචං,පුලුවන්නම් හදාගන්න විචිහ ටිකක් විස්තර කරලා කියහන්කෝ,වතුර තියෙන්න විදිහන් නම් නෑ මචං ,ඒත් මුලින් ඒක චෙක් කරගෙන ඉන්නම්.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම අනුරාධපුර මචං,පුලුවන්නම් හදාගන්න විචිහ ටිකක් විස්තර කරලා කියහන්කෝ,වතුර තියෙන්න විදිහන් නම් නෑ මචං ,ඒත් මුලින් ඒක චෙක් කරගෙන ඉන්නම්.

    අම්මෝ ලග පාතක හිටියනම් හදලා දෙන්න තිබ්බා බං... හරි හරි එකට කමක් නෑ...
    මුලින්ම ඇලන්කි සෙට් එකක් හෙයා ගනින් තව මිට දිග මල් ස්කුරුප්පු නියනකුත් ඕන. කලින් එක පාරක් කාබ් එක ගලවල නිසා අනිවා නාබ් එකේ ඇණ හොදටම තද කරලා ඇති.. ආ තව 8-10 නට් ගලවන්න යතුරකුත් ඕන

    ඕක ගොඩක් සර්විස් කාරයන්ට ජාන වලින් එනදෙයක්. උන් ඇණ එක්ක මාර තරහක් බං තියෙන්නේ. ෆුල් තද කරලා තවත් ටිකක් තද කරනවා. උන් හිතන්නේ ආයිත් ඒවා ගලවන්න ඕන නෑ කියලා..

    ඔක්කෝටම කලින් හොදට ඉඩ තියෙන එළිය තියෙන තැනක් තොර ගනින් මචෝ. ඇණ එන විදිහ මතක තියාගන්න බැරි නම් කොලේක තියන විදිහ ලියා ගන්න, නැත්තම් ෆොටෝ එකක් හරි ගන්න. බැරිම උනොත් කෝල් එකක් දියන්. මම නම්බර් එක අන්තිමට දාන්නම්..

    මුලින්ම සීට් එක ගලවල දෙපැත්තේ කප් දෙක ගලවලා අයින් කරන්න.

    ඇලන්කි ඇණ දෙකක් එනවා...
    1. එයාර් ෆිල්ටරේ පැත්තේ ඉදලා එන හෝස් එකේ ඇණේ
    2. කාබ් එකෙන් සිලින්ඩර් හෙඩ් එකට යන හොස් එකේ ඇණේ

    තව රබර් හෝස් දෙකක් එනවා..
    1. රතුපාට පොඩි බටයක් එයාර් ෆිල්ටර් එක වම් පැත්තේ ඇති
    2. Petrol Drain Hose එක

    කේබල් දෙකක් තියනවා..
    1. accelerate එක
    2. choke එක(රබර් ක්ලිප් එකකින් වැහිලා තියෙන්නේ නට් එක.)( මේක බයික් එකේ තියෙද්දි ගලවන්න බැරිනම් අන්තිමට ගලවන්න )

    TPS Sensor එක කාබ් එකේ දකුණු පැත්තේ සෙට් වෙලා තියෙන්නේ. එකේ ක්ලිප් එක ගලවන්න පරිස්සමෙන්. හදිස්සි වෙන්න එපා හොදට බලලා ගලවන්න....

    දැන් කාබ් එක පොඩ්ඩක් ඉස්සරහට ඇද්දාම ගලවන්න පුලුවන්.. උඩ තියනවා ඇණ දෙකක් දාපු කලු පාට කප් එකක් ඒ ඇණ දෙක ගලවන්න. ඊට පස්සේ රබර් පිස්ටන් එක එලියට ගන්න පුලුවන්. ඔය පිස්ටන් එක හිල්වෙලා, කැඩිලා නම් අලුතින් දාන් වෙනවා. ඔරිජිනල් එකක් 5000/- ද කොහෙද. ප්ලාස්ටික් පිස්ටන් එක දෙපැත්ත බලන්න කැපිලද කියලා..ඒකේ අවුලක් නැත්නම් කාබ් එක බ්ලොක් වෙලා නිසා තමයි මිස් එක එන්නේ. ඔය පිස්ටන් එක ආයිත් හයිකරද්දි පැත්තක් තියනවා. නිකං පොඩි කට්ටයක් වගේ එකක් තියනවා. එක හරියට දාන්න.

    කාබ් එක ආයිත් හයි කරද්දිත් අර ලොකු හෝස් ‍එකේ කට්ට දෙකක් තියනවා. ඒවා හරියට දාන්න ඕන. හොස් දෙක වටේටම හරියට සෙට් වෙලාද කියලා ‍බලන්න.

    අවුලක් උනොත් call එකක් දියන් - 0789 307842

    Last edited:

    ගොඩක් ස්තූතියි මචං..මම ගලවලා බලන්නම්..උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්කම්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    මම ඕවා කෝස් කරලා දැනගත්ත ඒවා නෙමෙයි මචන්. අර රත්තරන් කියනවා වගේ කෑලි ගලවලමයි ඉගෙන ගත්තේ. එල සර්විස් එක අපිම කරගන්න එකෙන් සල්ලිත් ඉතුරැ වෙනවා. ලොකුම දේ තමයි අපි දෙයක් ඉගෙන ගන්නවා. ඒක සල්ලිවලට ගන්න බෑ

    :yes::yes::yes::yes::yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ගෙදර නිකන් ඉන්නේ සෙනසුරාදා විතරයි එදාටත් බයික් එක ගලෝගෙන මජන් නාගෙන ඉන්නේ.. ඕක තමයි අපේ අම්මා හැමදාමත් කියන්නේ. :D:D:D

    බැනුම් අහ අහා කරපු තවත් වැඩක් දාන්න තමයි යන්නේ.

    ස්ටාටර් මොටර් එක ගලවලා බලන්න හිතුනා කියපන්කෝ. ඔන මගුලක් කියලා ගැලෙව්වා කෑල්ලෙන් කෑල්ල...

    මේ තියෙන්නේ ගලවන්න කලින්
    2vhH7mXm.jpg

    ඇලන්කි නට් දෙක ගැලෙව්වට පස්සේ මොටර් එක එළියට ගන්න පුලුවන්

    dgbWJ8Im.jpg

    ZqHaaUCm.jpg

    මොටර් එකේ තියනවා රබර් වොෂර් එකක් ඒක පරිස්සමෙන් අයින් කරගන්න ඕන. හෙන ගෙමක් දුන්නේ ඔය තියන පොඩි නට් දෙක ගලවන්න තමයි.. එක යතුරක්වත් සෙට් වුනේ නෑ. අන්තිමට ලොක් අඩුවකින් තමයි වැඩේ කරගන්නේ

    o2a2IyPm.jpg

    මේ තියෙන්නේ ගැලෙව්වට පස්සේ

    VnQ0n5cm.jpg

    තාම කාබන් brush හොදට තිබ්බ නිසා ඒවා මාරු කලේ නෑ. හොදට සුද්ද කරලා එහෙම ආයිත් තිබ්බ විදිහටම හයි කලා. කොහොමත් ආයිත් ටික දවසකින් ගලවලා කාබන් brush මාරු කරන්න ඉන්නේ. එකත් මේ විදිහටම දාන්නම්...

    සර්විස් එකකින් කලානම් සර්විස් චාජ් රු 500 - 600 දානවා.

    fz චාටර් කියන කට්ටියට කියන්න තියෙන්නේ කි.මී. 20,000 දුවපු 135 එකක මොටර් එක අපි එක දවසක් ගලවලා බැලුවා එකේ කාබන් brush කැලිවත් තිබුනේ නෑ.
     
    Last edited: