Yanakota yanawa kiyala yanna oneda?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබල කොතනක හරි වැඩ කරනව කියල හිතපන්. උබල සාමාන්‍යයෙන් හවස වැඩ ඇරිල හරි කොහොම හරි එතනින් එනකොට එතන අයට උබ යනව කියලද එන්නේ?

    මට එහෙම කියල එන්න හිතෙන්නෑ බන්. එළියට එන අතර තුරේ කවරු හරි දැක්කොත් අතින් වගේ සිග්නල් කරන් එනව යනව කියල. මම එහෙම කරන්නේ මගේ ලොකු ලයින් නිසා නෙමේ. මට හිතෙන්නෙ මිනිස්සු කෙයා කරන්නෑ මම යන එක ගැන කියල. ඉතින් කියන්න යන්නෑ.

    ඒත් මේකට අවුල් ගිහින් තිබ්බ කීපදෙනෙක් මගේ ලොකු ලයින් කියල. ඒකයි අඩුපාඩුවක් නම් හදාගන්න ඕන නිසා උබලගෙන් ඇහුවෙ. :)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    f7a1214f-c86b-4957-896a-09674ab969d1.jpg

    මේකට යනවා කියල කිව්වා නම් ඇති බන් :rolleyes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    උබල කොතනක හරි වැඩ කරනව කියල හිතපන්. උබල සාමාන්‍යයෙන් හවස වැඩ ඇරිල හරි කොහොම හරි එතනින් එනකොට එතන අයට උබ යනව කියලද එන්නේ?

    මට එහෙම කියල එන්න හිතෙන්නෑ බන්. එළියට එන අතර තුරේ කවරු හරි දැක්කොත් අතින් වගේ සිග්නල් කරන් එනව යනව කියල. මම එහෙම කරන්නේ මගේ ලොකු ලයින් නිසා නෙමේ. මට හිතෙන්නෙ මිනිස්සු කෙයා කරන්නෑ මම යන එක ගැන කියල. ඉතින් කියන්න යන්නෑ.

    ඒත් මේකට අවුල් ගිහින් තිබ්බ කීපදෙනෙක් මගේ ලොකු ලයින් කියල. ඒකයි අඩුපාඩුවක් නම් හදාගන්න ඕන නිසා උබලගෙන් ඇහුවෙ. :)

    එකෙකුට දෙන්නෙකුට කියල යන එක හොඳයි, නැත්තම් ඕෆ් වෙන වෙලාවෙන් පස්සෙ උනත් උඹව මොකකට හරි හෙව්වොත් හොරෙන් පැන්න ෆීලින් එකක් එනවා. ඒක සාමන්ය දෙයක්.
    අනික නෝමල් එකේ මම යනව මචං හරි, උඹෙ ලොක්කට උනත් බොස් මම ඕෆ් කියල හරි කැසුවල් එකේ කියනන්න පුරුදු වෙයන් ඇඹරෙන්නෙ නැතුව.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    හැම එකාම සතුටු කරන්න ඕනි නෑ. උබ උබේ විදිහට ඉදපන්. ගොඩක් එවුන් අවුල් යනවා වගේනන් ටක් ගාල වෙනස් වියන් :yes:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඔව් කියල පලයන්.. කියන්ව කියල හැම එකාටම උඩ ඉඩන් යටට කියන්න ඔනි නැහ.. කියන්න ඔනි උන්ට කියල පලයන්.. ඕක අමරු ඩෙයක් නෙවෙය්නෙ. මචන් මම් යන්ව එහෙනම් කියපන්,.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මෙහෙම හිතපන් මම එළියට එනකොට ඉස්සරහ 5 දෙනෙක් ඉන්නව. ඉන් 3න් දෙනෙක් මාව පේන විදියට ඉන්නේ. අනිත් දෙන්න වෙන පැත්තක් බලන් ඉන්නේ. මේ වගේ වෙලාවක අර 3න් දෙනාට විතරක් යනව කියන් එන්නද? නැත්නම් අනිත් දෙන්නටත් කියන්න ඕනෙද?

    :baffled:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    mamanam mageth ekka wada karana 3,4 denekuta kiyanawa
    ape boss inne lady kenek ,eyata kiyanawa
    eya yanne api okkoma giyata passe
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,784
    2,916
    113
    Oka oya taram hitanna ona prashnayakda yako off wela eddi penna inna umbe level eke dethn denakta yanawa machan kiyagana palayan oka oyataram amaru wedakda
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යනකොට යනවා කියල ගියා කියලම මිනිස්සු එක්ක හොඳින් ඉන්න බෑ බං
    එක එක කාලකන්නි ඉන්නේ අපිට හිතාගන්න බැරි එවුන්
    වැඩිය හිතන්න යන්නෙපා එක තමයි හොඳම දේ

    හරියට ගේම ගහන්න දන්නවා නම් උඹ එනකොට ඔකුන්ගේ පුකට පයින් ගහල ආවත් උන් උබේ පස්සෙන් එනවා

    ගේම ගහන්න දන්නේ නැත්නම් උඹ උන්ට වැඳලා ආවත් උන් එයි උඹට ගහන්න

     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    ehema eka ekaaata wena wenama kiyanna ona na.
    ube lead kenek innawa nam laga patha utakiyapan.
    ara uba kiwa kattiya inna thanin yanakota nikan generally kiyagena yaman mama yanawa. heta set wemu wage ekak. samahara unta ahei. un balai. anith un idi. echcharai
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙහෙම හිතපන් මම එළියට එනකොට ඉස්සරහ 5 දෙනෙක් ඉන්නව. ඉන් 3න් දෙනෙක් මාව පේන විදියට ඉන්නේ. අනිත් දෙන්න වෙන පැත්තක් බලන් ඉන්නේ. මේ වගේ වෙලාවක අර 3න් දෙනාට විතරක් යනව කියන් එන්නද? නැත්නම් අනිත් දෙන්නටත් කියන්න ඕනෙද?

    :baffled:


    e wage welawata katath ahenna "mama yanawa guys" kiyala wage kiyagena waren.. unge reply denakan inna ona na. mama nam ehemai


    magenuth samaharu ahanawa malli moko udeta good morning kiyanne naththe ehema ewa. ithin oya serama staff ekata good morning kiyanna giyoth wena weda karanna time nane ban. ewa hithanne nathuwa idapan ;)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,274
    12,523
    113
    Piliyandala
    උඹ අලුතින් නේද ගියේ ඔය තැනට? මට නම් අලුතින් ගිය තැනක විතරයි ඔහොම සෙට් උනේ, ළඟ ඉන්න එකා ඔෆ් වෙනකන් මට යන්නත් මොකක්ද වගේ තිබුන. අනික ඌ යද්දී ලොක්ක එක්ක කතා කරල හෙට කරන්න තියෙන වැඩ ටිකත් Plan කරලා යන්නේ.

    උබ මුල් ටිකේ ඔලුවෙන් හරි සිග්නල් එක දීල පලයන් යන්න ම් වගේ එකක්. පස්සේ උබට ඕනේ විදිහට හැසිරියන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එහෙම කියලා යන එක හොදයි බං. එතකොට අනිත් එවුන්ට හිතෙනවා උබ ෆ්‍රෙන්ඩ්ලි මිනිහෙක් කියලා. මමත් වැඩිය මිනිස්සු එක්ක කතාවට යන්න කැමති නෑ. ජිම් එකට මුලින්ම ගිය කාලේ කාත් එක්කවත් කතා කලේ නෑ මම අනිත් එවුන්ව ගනන් ගත්තෙත් නෑ අනිත් එවුන් මාව ගනන් ගත්තෙත් නෑ පාඩුවේ මගේ වර්ක් අවුට් එක ගහලා ගෙදර එනවා. පස්සේ ජිම් එක මාරු කලා ඒකෙ ඉන්න එවුන් යනකොට හැම එකාටම යනවා කියලා යනවා. අපි වර්ක් අවුට් එකක ඉන්නවා නම් ඔලුවෙන් හරි සිග්නල් එකක් දෙනවා. පස්සේ මමත් ඕකට හුරු උනා දැන් උන් ඔක්කොම ෆිට් මාත් එක්ක. තනියම වර්ක් අවුට් එක කරනකොටත් උන්ම ඇවිත් මචන් සප් එකක් දෙන්නම් කියලා ඇවිත් සපොර්ට් කරනවා. එහෙම පරිසරයක් තියෙනකොට ආසයි බං යන්න උබත් ට්‍රය් කරලා බලපන් වෙනසක් තේරෙයි. ජිම් නෙවේ ඕන තැනක ඕක සෙට් වෙනවා. හැබැයි උන්ව කරට ගන්නයි උබ පොරක් වෙන්නයි යන්න එපා එහෙම උනොත් පච වෙනවා :yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම නම් සෙට් එකක් ඉන්නව නම් පොදුවෙ කියල යනව
    එකෙක් නම් ඌට කියනව

    ඕව ලොකු දේවල්ද බං?

    උඹල සෝශල් වෙලා නෑ වගේ හරියට

    මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරල හිටියම යහපතක් මිසක්
    අයහපතක් වෙන්නෙ නෑ

    මිනුස්සු ඩිජිටල් ඩිවයිස් වලට හුරු වීම වැඩි නිසයි ඔහොම වෙලා තියෙන්නෙ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කියල යන්ඩ වෙන අවස්ථා තියනවා උදා: උබ දවසේ පඩි නම් ගන්නේ කියල සල්ලි අරන් පල. නැත්තන් උබ ඔෆ්ෆිස් එකේ ඇන්ටි පාරක් හරි කෑල්ලක් හරි ලයින් කරනවා නම් උන්ට කියල පල. එහෙම නැත්තන් කියකිය ඉන්න ඕනේ නෑ ගෙදර පල.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ වැඩ කරන තැන මිනිස්සු 50ක් 100ක් ඉන්නවානම් කියන්න බෑ ඒත් ටික දෙනෙක් ඉන්නවානම් යන්නම් කියලා සුහදව වරෙන්..

    අපේ නම් යන්නම් කියලා Good Night කියලා තමයි එන්නේ..

    හැබැයි මම ඉන්න තැන ඔෆිස් එකේ 10කට වඩා නෑ..

    උදේට එනකොට හැමෝටම Good Morning කියනවා..

    එහෙම සුහදත්වයක් නැත්නම් වැඩක් නෑ..