idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    යෝයෝ එකක් ගත්ත
    යෝයෝ එකක් ගත්තෙ නෑ හෝලිස් එකක් ගෙනාව ඒකෙ තිබිල යෝයෝ එකක් හම්බවුනා
    මරු බං නූල ඔතල අතෑරියාම රතු පාට ලයිට් පත්තු වෙවී පහලට ගිහිං ආපහු අතට එනව
    මේ මං ජීවිතේ යෝ යෝ එකකිං සෙල්ලම් කරපු පලවෙනි වතාව
    පොඩි කාලෙ යෝ යෝ අරංම නෑ

    තව ඔය වගේ ඒව තියෙනව
    කවදාවත් රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකිං සෙල්ලං කල්ල නෑ
    ඒ කාලෙ ඒව හෙන ගනං වැඩිය හොයන්නත් නෑ
    ගෙවල් ගාව රෙදි මහන ගෙදරකට අම්මත් එක්ක ගියාම එහෙ හිටපු අයිය රිමොට් කොන්ට්‍රෝල් කාර් එකක් එලෝනව දැකල තියෙනව
    මං කවද හරි ලොකු වෙලා රිමොට් කොන්ට්‍රෝල් කාර් එකකුත් ගන්නව

    අනික් එක ඇටබෝල තුවක්කුව
    ඒකක් පාවචිච්චි කරලත් නෑ
    ඒකකුත් ගන්න ඕනෙ
     
    • Like
    Reactions: Fiona Dabare