Lasith Malinga - ලසිත් මාලිංග ගැන වදනක්

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Lasith Malinga - ලසිත් මාලිංග ගැන වදනක්


:P කරුණාවෙන් සලකන්න, වචන වල වැරදි තිබේනම් සමාව දෙනු මැන :P
:) මෙම කෙටි ලිපිය ලියුවේ අහල තිබෙන කරුණු සහ ක්‍රිකට් වෙබ් අඩවි වල ඇති කරුණු වලින් :)
;) මෙම ලිපිය කියවන්නට බැරිනම් හෝ අකුරු පෙනෙන්නේ නැතිනම් මෙම වචනය ඔබලා සිංහල අකුරු අරගන්න ;)


ලසිත් මාලිංග

ලසිත් මාලිංග යන පුද්ගලයා ලංකාවට හා ලෝකයට ක්‍රිකට් වලින් යම්කිසි දෙයක් දීපු සහ
තවත් දිය හැකි පුද්ගලයෙක් ය.

lasithmalingafacebackgr.jpg

ලසිත් මාලිංග


ඔහුගේ ජීවිත කතාවෙන් අපට ගන්නට ඇති දේ බොහෝය

ස්ලින්ගා මාලින්ග කියා දැනට ජනප්‍රිය වී සිටින මාලින්ග ගේ සම්පූර්ණ නම වන්නේ
සේපරමාදු ලසිත් මාලින්ග ස්වර්නජිත්

ලසිත් මාලින්ග ලංකාවේ කුමන ප්‍රදේශයේද මුලින් ම පිතිකරුවන්ව විස්මයට පත් කරේ?

ලංකාවේ දකුණු ප්‍රදේශයේ, ගාලු දිස්ත්‍රික්කයේ, රත්ගම කියන ගම්මානයේ තමයි
ලසිත් මාලින්ග ප්‍රථම වරට ඔහුගේ වේගවත් යෝකර් පන්දු යැව්වේ.
රත්ගම ගාලු නගරයෙන් කිලෝමීටර් දහයක් දොළහක් විතර දුරයි.
කෝච්චියේන් ගියොත්, කොළඹ සිට රත්ගමට පැය තුනක විතර කාලයක් ගත වෙනවා.

ක්‍රිකට් ගැන ලිපි ලියන සිද්දාර්ත් මොන්ගා, මාලින්ග ගේ උපන් ගම සොයාගෙන යන අවස්ථාවේදී
ඔහු එක්තරා ත්‍රීවීලර් රථයකට නැග රත්ගම බලා ගමන් කරේය.
ත්‍රීවීලර් රථයේ රියදුරු වූ සමන් මාලින්ග ව පොඩි කාලයේ සිට අදුරන්නේය.

සමන් කියපු කතා වලින් එකක් උපුටා ගන්න සිතුවෙමි:
"මා ඔහු (ලසිත්) සමග බෝල දෙකක් ක්‍රීඩා කරා... හොදට ගැහුවා මම...
නමුත් පන්දු දෙකේදීම මම දැවී ගියා."

lasithmalingahouserathg.jpg

මෙය ඔහුගේ රත්ගම නිවසය

ලසිත් මාලින්ග ගේ අධ්‍යාපන ජීවිතය ආරම්බ වුනේ රත්ගම දේවපතිරාජ යන පසලයකින්.
එතනින් විද්‍යාලෝක පාසලටද, ඊට පසුව ලංකාවේ පන්දු යවන පුහුණුකරු
රාමනායක ගේ උදව් ඇතිව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුල් වුනේය.

ඔහු ක්‍රිකට් ගැන පමණක් නොවේ අධ්‍යාපනය ජීවිතයටත් උනන්දු වුනේය.
අන්තර්ජාලයේ තියෙන ආකාරයට ඔහු සාමාන්‍ය පෙළ හොදින් සමත්.

ලසිත් මාලින්ග උපත ලැබුවේ 1983 වර්ෂයේය.
දැනට, එනම් 2011 වර්ෂයේදී, ඔහුට අවරුදු 27ක් ය.

ඔහු තවමත් ඔහුගේ උපන් ගම අමතක කරලා නැත.
නිවාඩුවට ටෙන්නිස් බෝලයෙන් (අපි වගේ) ක්‍රිකට් ගහන්න රත්ගම ට ඔහු යන්නේය. ඔහුට, සමහර ය වගේ, මුල අමතක නැත.
ඔහුට එදා උදව් කරපු පුද්ගලයන් එක්ක තවමත් ඔහු මිතුරුකම් පවත්වන්නේය.


ඔහු පළමු ටෙස්ට් තරගය හා එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරේ 2004 වර්ෂයේ ජූලි මාසයේදීය.
ඔහු ටෙස්ට් තරග වලින් සමුගත්තේ 2011 වසරේ අප්‍රේල් මාසයේය.

lasithmalinga100thtestw.jpg

ඔහු ඉන්දියාවට එරෙහිව සියවන ටෙස්ට් කඩුල්ල දවාගත් අවස්ථාවේ


bulletpointsstarscolorb.gif
1983 - උපත
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2004 ජුලි - පළමු ටෙස්ට් තරගය
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2004 ජුලි - පළමු එක දින ජාත්‍යන්තර තරගය
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2007 අප්‍රේල් - පළමු 'හැට්-ත්‍රික්' එක හා පන්දු හතරකින් කදුළු හතරක් ලබා ගැනීම
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2010 අගෝස්තු - 100 වන ටෙස්ට් කඩුල්ල
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2010 අගෝස්තු - 100 වන එක දින ජාත්‍යන්තර කඩුල්ල
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2011 මාර්තු - දෙවැනි 'හැට්-ත්‍රික්' එක
bulletpointsstarscolorb.gif


bulletpointsstarscolorb.gif
2011 අප්‍රේල් - ටෙස්ට් වලින් සමුගැනීම
bulletpointsstarscolorb.gif


lasithmalingaweddingcou.jpg

ලසිත් මාලින්ග ගේ විවාහ දවසේ

;):);)

මම සිතන විදිහට:

ලසිත් මාලින්ග අපට අභිමානයක් ගෙනත් දුන්නේ ය.
ඔහු තමි ලංකාවේ සිටින සහ සිටිය වෙගමත්ම පන්දු යවන්නා.
ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය දෙකක් පිට පිට යන්නට හැකි වුනු ප්‍රබල කාරණයක් වන්නේ ඔහුය.
ඔහුගේ අමුතු පන්දු යවන ආකාරයට සමානව මීට පෙර ක්‍රීඩකයෝ යවලා තිබේ නමුත්
ඔහු තමයි ඔහුගේ පන්දු යැවීම පිලිබදව ලෝකයෙන්ම වැඩියෙන්ම කතහ බහට ලක්වූ පන්දු යවන්නා.
ඔහු කෙලින් කතා කරන පුද්ගලයෙක්ය, කාටවත් බිය නැත.
ඔහුට ඕන විදිහට විලාසිතා කරත් අද ඔහුගේ විලාසිත ලෝක ප්‍රසිද්දයි.
ඔහු කැපවීමෙන් හා උනන්දුවෙන්, පහසුකම් නොතිබුනත්, උඩටම ආපු පුද්ගලයන්ගේන් තවත් උදාහරණයකි.
ඔහු තවමන්ත් මුල අමතක් කරලා නැත.
ඔහුගේ ක්‍රියාවන් නිසා ගැටළු මතු වුනත් ඔහු ශ්‍රේෂ්ට ලාංකීකයෙක්ය.




:rofl: දිග වැඩි වගේ ලිපිය :rofl:
(c) Kudos Utopia 2008-2011

 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela kollek,mahinda abesundara ponnaya mona kiwath.api ape kollonta adarei!!!!!!!!!!!!1
    :D :D :D :D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි මල්ලියා.........:)
    නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා.....:yes: ස්තුතියි
    ගොඩක් මහන්සි වෙලා තියනවනේ ත්‍රෙඩ් එක හදන්න.. ස්තුතියි....:)
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Lasith Malinga Ape Game Kollek
    Dakune Kollo Kawadath Lowama Hollanawa
    E Unata Lasith Malingata Edath Adath Asadarana Dewal una
    Ewa Mathaka Nethuwa Ethi Oya Arajunalata


    pissuda yako me dakune ewun loke hollana nisa thamai bumi kampa enne ehenam

    apahum ehema hollala ahu wenna epa :growl: