Chamikawp Ft R.G.Sami (New Track-Exclusively on ElaKiri.com)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    252004_10150261313861418_603146417_9116882_2875545_n.jpg


    එලකිරි සංචාරකයා හතරවෙනි අති සාර්ථක සංචාරය ඊයේ අවසන් උනා. කලින් ට්‍රිප් හතරටම වඩා අලුත් අත්දැකීම්, මතකයන් රැසක් ඉතුරු කරමින් තමයි අපගේ හතරවන සංචාරය ඊයේ නිම උනේ. මම වැඩි විස්ථර කියන්න යන්නේ නෑ ඒ පිළිබඳව. තෙඩ් දෙකකින් සංචාරයෙ සම්පූර්ණ විස්ථර ඔයාලා හමුවට ගෙන එන්න මමත් ජේ.කේ. ත් සූදානම් වෙලා ඉන්නේ.

    හැමදාමත් වගේ ත්‍රෙඩ් එක ලියන්න හිතුනේ අපිටසහය දක්වපු හැමෝටම ස්තුති කරන්න.
    මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා අපේ බන්ඩාගේ අම්මටත්, තාත්තාටත්. අපිටපසුගිය සෙනසුරාදා නවාතැන් පහසුකම් ලබා දීලා ගොඩක් හොඳින් සංග්‍රහ කරා. කෑමත් ගොඩාක් රසයි. ඇන්ටිටත්, අන්කල්ටත් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා.
    ඒ වගේම දෙයක් මතක් කරන්න ඕනා.
    හැම ට්‍රිප් එකක්ම හිනාවෙන් පුරවපු බෝල්ට් ට පුද්ගලික හේතුවක් නිසා අවසාන මොහොතේ ගමනට සහභාගී වෙන්නට හැකියාව ලැබුනේ නෑ.
    ඇත්තටම බෝල්ටා නැති පාඩුව ගොඩාක් තදේට අපිට දැනුනා.

    ඒ වගේම අපේ ටීම් එක.
    දිලුමා,චාමික,බන්ඩා

    මේ හැමෝටම මගෙත් ජේ.කේ. ගෙත් ස්තුතිය පුද කරන්න ඕනා. ගොඩාක් මහන්සි උනා ට්‍රිප් එකේදී. සෑහෙන දුරක් පයින් ගියා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.

    251235_10150261315336418_603146417_9116909_4646919_n.jpg


    අවසානයට අකමැත්තෙන් උනත් යමක් කියන්න වෙනවා.
    Team Traveler එකත් එක්ක සංචාරය කරපු මගේ අවසාන සංචාරය තමයි මේ.

    ජේ.කේ., බෝල්ටා,චාමික, බන්ඩා, දිලුමා
    උඹලා ඔක්කොම මගේ සහෝදරයෝ තරමට මට ලං උනා.
    හැමෝටම ගොඩාක් ස්තුතියි.
    ඉදිරියේදීත් හැකි සෑම අවස්ථාවකම ඕනෑම සහයෝගයක් ලබා දෙන්න මම සූදානම්.
    ඒ වගේම කලින් සංචාර වලදී එකතු වෙච්ච, නිකා,සතරේ,ප්‍රගියා,නිවින්ද,Anuru_1ටත් මගේ ස්තුතිය පිරිනමනවා.

    ඉදිරියටත් එලකිරි අඩවියේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් පුළුවන් උපරිමෙන් මම අරගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. (මගේ සගයා යුරාජ් සමඟ :P)

    හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ පින්තූර බලලා, කමෙන්ට්කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

    Love You All!

    248110_10150261312076418_603146417_9116854_3198535_n.jpg


    අවසානයටම එන්නම් ත්‍රෙඩ් එකේ මාතෘකාවට.
    අපේ චාමිකගේ පළවෙනි ට්‍රැක් එක රිලීස් උනා ගිය සිකුරාදා. ඒ ප්‍රවීන ගායන ශිල්පී ගෝපාල් සාමි සමඟින් එකතුවයි.
    ඉතිහාසගතවෙන මොහොතක්.
    කෝච්චියක් ඇතුලේ තමයි පළවෙනි ට්‍රැක් එක රිලීස් උනේ. (තව පොඩ්ඩෙන් අපි ඔකොම ගුටි කනවා වටේ පිටේ මිනිස්සුන්ගෙන්.)
    ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා.



    ඒ වගේම 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්, චාමිකගේ කාලීන බණ අංක 01 චුල්ලපදුම ජාතකය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.





     
    Last edited:
    • Like
    Reactions: rauxz and BC_Dilum

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද උඹේ අන්තිම සංචාරය වෙන්නේ. ලඟදි යුග දිවියට යනවද. චාමිකයගේ අර කුරුනෑගල ටෝක් එකෙන්ම උගේ ආතල් හිතා ගත්තැකි
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපි train එකේ මිනිස්සුගෙන් ගුටි නොකා බේරුනේ අනු නමයෙන්............:lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ තියෙන්නේ එක සින්දුවක් විතරය්......ඔක්කොම සින්දු 20 ක් විතර කිව්වා...........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද උඹේ අන්තිම සංචාරය වෙන්නේ. ලඟදි යුග දිවියට යනවද. චාමිකයගේ අර කුරුනෑගල ටෝක් එකෙන්ම උගේ ආතල් හිතා ගත්තැකි

    පාන්දර 02ට විතර නිදියගෙන යන මිනිස්සු උඩ ගිහින් ඇහැරුනේ කෝච්චියේ. අනූ නමයෙන් බේරුනේ අපි ගුටි පූජාවෙන්.