අවුරුදු 4ක් තිස්සේ ආදරය කරපු චරිතයක් එක පාරටම
වෙනස් වෙනවා නම් ඒකට හේතු තියෙනවා..
එක්කෝ ඒ කෙල්ලට ඔයා ගැන යම් වැරදි කතාවක් ආරංචි වේලා ඇති..
එහෙම නැත්නම්.. ඒ කෙල්ලට කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න ඇති..
එහෙමත් නැත්නම් ඒ කෙල්ලගේ ගෙදර උදවියගෙන් යම් බලපෑමක් තියෙනවා වෙන්න පුලුවන්
ඒහෙමත් නැත්නම් මේ තාක් කල් ඔයාත් එක්ක මිත්‍රත්වයෙන් ආශ්‍රය කරපු එක ඔයා වැරදි වැටහිමක් අරන් ද ... කියලායි අපිට හිතන්න වෙන්නේ..
කෝ ඉතින් ඔයාට ඔයාගේ ආදරේ ආයෙත් ලබා ගන්න ඕනේ කියන චේතනාව ඔයාට තියෙනවා ද ? මම නම් හිතන්නේ නෑ. ඔයා දාලා තියෙන ත්‍රේඩ් එක අනුව නම් ඒ ආදරය ඔයා ආයෙත් අපෙක්ෂා කරනවා කියලා..
පුලුවන් නම් මේ වගේ තත්වයක් වෙන්න හේතුව මොකක් ද කියලා කියන්න..
එකෙන් ඔයාට වගේම..
අපේ අනිත් ආදරවන්තයන්ට වුනත් ඉගෙන ගන්න යමක් ඔයාගේ කතාවෙන් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
අපි ආසාවෙන් බලාපොරොත්තු තියා ගන්න හැම දෙයක් ම
අපිට ලං කර ගන්න බෑ මේ ජිවිතයේදි..
එහෙම ලං කර ගන්න බැරි වෙන්නේ එක්කෝ..
අපේ අවාසනාවත්ත කම වෙන්න ඇති එහෙමත් නැත්නම්..
ඒ දේ ලබා ගන්න මේ ආත්මයේදි අපි පෙරුම් පුරලා නැතුව ඇති..
කොහොම වුනත් අපිට නොලැබුන දේ ගැන තේරුමක් නැතිව හිතාගෙන ජිවත් වෙනවාට වැඩිය ඉදිරියේදි.. මේ ජිවිතයට මුහුණ දිලා..
අපි බලාපොරොත්තු වෙන දේටත් වඩා හොද දෙයක් ලබා ගන්නවා කියන
අධිෂ්ඨානයෙන් ජිවත් වුනා නම්.. ඒ කෙනාට මේ ජිවිතයෙන් කෙදිනක හෝ ජයග්‍රාහණය කරා ගමන් කරන්න පුලුවන් කම ලැබෙනවා..
අපි පෙරුම් පුරාගෙන ආදරය කරපු කෙනා නොලැබුන දවසක ඒ වගේ මතයක් අනිවාර්යෙන් ම එනවා..
ආය නම් මේ ජිවිතය පුරාවට ආදරයක් අපෙක්ෂා කරන්නේ නෑ කියලා..
ඒත් අපේ හදවත් තේරුම් ගන්න පුලුවන් චරිතයක් අපේ ජිවිතයට පැමිණි දවසක..
ඒ මතය අපිට බිදින්න සිදු වෙනවා අකමැත්තෙන් වුනත්..
ඔව්, ඇත්ත...
මේ ජිවිතයේ හැම මනුස්සයෙක් ම සර්ව සම්පුර්ණ නෑ නේ..
ඒ හින්දා අපි දැන හෝ නොදැන වැරදිම් වෙනවා නම් තමයි..
ඒ කාරණාව පෙරදෑරි කරගෙන ආදරයක් වගේ සුන්දර දෙයක් අපේ ජිවිතයෙන් වෙන් වෙනවා නම්..
ඒ දුක දරා ගන්න නම් ටිකක් අමාරුයි..
ඒත්.. අපි ඒ වගේ මතයකින් ජිවත් වෙන්න උත්සහ කලා නම්..
ඒ දුක තරමක් දුරට හරි අපේ ජිවිතයෙන් ඇත් කර ගන්න පුලුවන් කම ලැබෙනවා..
කෙල්ලෙක් අපෙන් වෙන් වෙන්න ඕනෑවට ඒ අයට බොරු සියක් ඕන වෙන්නේ නෑ..
එක බොරුවක් වුනත් ඇති අපේ ජිවිතයට ඒ බොරුව ඇත්ත කියලා ඔප්පු කරන්න..
හේතුව අපි ඒ ජිවිතයත් එක්ක තදින්ම බැදි ඉන්න හින්දා..
ඉතින් යාලුවා ඒ කොල්ලාව ඔයා දැක්කා ද ?
ඔයා දැන් අවුරුදු 4ක් ආදරය කලා කිව්වා නේ.. ඕය දෙන්නා මුලින් ම හමු වුනේ කොහේදි ද.. ? ඒ වගේම ඕය දෙන්නාගෙන් මුලින් ම ආදරය ප්‍රකාශ කලේ කවුද.. ?
ඒකට කොයි වගේ ප්‍රතිචාරයක් ද ලැබුනේ.. ?
කියලා පුලුවන් නම් පහදන්න..
ඔව්, ඉතින් වෙන් වීමක් වුන පලියට තරහාවක්, වෛරයක් එනවා නම්.. එතන ආදරයක් ඇති වේලා නෑ කියන එකයි අදහස් වෙන්නේ..
කොහොම වුනත්.. ඔයාට මේ හැම සම්බන්ධයක් ම ඔයාට හොරෙන් ද කරලා තියෙන්නේ.. ?
අනික ඔගොල්ලන්ගේ ගෙදරින් වුනත් මේ සම්බන්ධය ගැන දන්නවා කිව්වා නේ.. ?
ඔයා මීට කලින් කෙල්ලගේ ගෙදරට එහෙම ගිහිල්ලා තියෙනවා ද ?
ඒ වගේම ඔයාගේ ගෙදර උදවිය මේ සම්බන්ධය ගැන දන්නවා ද ? අන්තිම මොහොතේදි කෙල්ල දුන්න උත්තරේ මොනවා ද ?
මේ සම්බන්ධය නතර කරන්න.. ?
එහෙම කියපු පලියට ඔයා පස්ස හැරිලා ආවද ?
ඒකට හේතුව අහන්න ගියේ නැද්ද... ?
ඔයා රස්සාවක් කරන කෙනෙක් ද එහෙම නැත්නම්.. තවම ඉගෙන ගන්න කෙනෙක් ද ?
අනික ඔගොල්ලන් දෙන්නාම එකම වයස් සීමාවකින් නේ හිටියේ.. ?

Uba oissek da ban... ara Mod kiyala-Rep deela aju wela waradda piligaththe
na neda thaama

කොට තමයි ඔය ගැන තිතෙන්නෙ
ගෙමක් ගහපං යාළුවො එක්ක 



