මම දැක්ක මේකේ ඉන්න සමහරක්(ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි)සහෝදරවරු එකිනෙකාගේ ආගම් වලට ගරහනවා. අනිත් අයගේ ආගම් මිත්‍යා මත කියල කියනවා.අපේ ආගම තම හරි එක තම මුල්ම ආගම කියල කියනවා.ආගම කියන්නේ මොකක්ද ආගම මිනිසාට අදාල වෙන්නේ ඇයි?ප්‍රශ්න:අඩියේ පමණක් නොව නුතනයේ මිනිසාත් සොබාදහමේ සියලුම දේ වැටහ ගන්න ගත්ත උත්සාහයේදී විද්‍යාව පදනම් කරගෙන සොයාගැනීම් රාශියක් සිදු කරා,නමුත් තැනක හිස් ඉඩක් ඉතුරු වුන මේක පුරවන්න තම ආගම ඉවහල් වුනේ.ඒ කියන්නේ අපිට වටහාගැනීමට හා විවරණයට නොහැකි කරුණු ආගම තුලින් වැටහ ගත්තා.මේවා සඳහා මිහිපිට ජීවත් වූ බුදුන් වහන්සේ ,ජේසුස්වහන්සේ,මොහොම්මඩ් නබි තුමන් ජීවමාන සාක්ෂි සපයනවා හැම ආගමක්ම පාහේ පදනම් වෙන්නේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය සහ ප්‍රේමය තුල ඉතිරි සම නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර මිනිසුන් විසින් නොයෙක් සමයන් තුලදී වෙනස් කරමින් ඔවුනොවුන්ගේ වැසි ප්‍රයෝජන මානසික තත්ත්ව යටතේ නිර්මාණය කල දේවල් .ලෝකයේ පවතින එක සත්‍යතාවක් තිබෙනවා එයනම් අපගේ මේ කුඩා මිනිස් මොලයට තේරුම් ගත නොහැකි බලයක් විශ්වය තුල පවතින බවය්.එම බලයට කල හැකිදේ අසිමිතෛ කියා අපි සිතනවා.මන්ද ශිස්ටචාරයේ දියුණුවත් සමග දෙවියන් යන වචනය අපි දෙන්නේ මේ බලයට නිසා අපි එදා ගල් යුගයේ සිටියානම් එදා දෙවියන් කිව්වේ ගලකටනේ? ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි කව්රු කව්රුත් දෙවියෝ කියන්නේ මේ බලවේගයට බුදුන් වහන්සේට තිබුන අපිට වැඩ උසස් මනසක් උන් වහන්සේ යම් යම් දේ අපට කිව්වා එය අපි උන්වහන්සේ අදහස් කල ලෙසම තේරුම් ගන්නවද??,ජේසුතුමා ජුදෙව් ජාතිකයෙක් උන් වහන්සේ ඒ බාසාවෙන් කිව දේ අද පරිවර්තනය විතිබුනත් පරිවර්තනයේදී දෝෂ සිදුවෙන නිසා උන් වහන්සේගේ එම පණිවිඩය හරි ආකාරයටම තේරුම් ගන්නවද ??ප්‍රශ්න:+ට - ඇති වගේම මේ හොඳ බලවෙගයටම නරක බලවෙගයකුත් තියනවා එම බල වේග දෙකේ සමතුලිතතාවය මත තම මේ ලෝකය රඳා පවතින්නේ.මොකද හොඳ නරකට සාපේක්ෂ නිසා නරක තිබුනොත් පමණි හොදක් තියෙන්නේ හරියට අඳුර තිබුනොත් පමණි ආලෝකය තියෙන්නේ වගේ.ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරයන් එම පුජකවරු, නාහිමියන් ඔවුන්ගේ ආගමට සාපේක්ෂව කරුණු ඉදිරිපත් කරනවා නමුත් හැමවිටම යමකට සාපේක්ෂ හරි කියල හිතුවොත් එක හරියටම හැටි නෑ.එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.ප.ලි.;බුදුදහම දර්ශනයකි

