මෙහෙමයි.. සාර්ථක විවාහෙකට දෙන්නගෙ පවුල් පසුබිම ගැලපෙන්න ඕන නෙ. එහෙම නැත්තන් අදහස්, ක්රියාවන් නොගැලපීම නිසා ප්රශ්න ඇති වෙනවා. සමහර පැති වල කුලය කියන්නෙ ඔය පවුල් පසුබිමේ මිනුමක්. ඒකයි එහෙම ගෙවල් වලින් විරුද්ද වෙන්නෙ.
ඒත් ඒ වගේ වෙනසක් නැත්තන් එහෙම දෙන්නෙකුගෙ කසාදෙට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. අර මම කිව්ව වගේ මම දැන් ඉන්න පරිසරයේ කවුරුවත් කාගෙවත් කුල හොයන්නෙත් නෑ, දන්නෙත් නෑ. මම නම් ඔය කුලය කියන සංකල්පෙට කැමතිත් නෑ. හැබැයි මේ පරිසරයෙත් පවුල් පසුබිම කියන එක ගොඩක් හොයනවා කසාදෙකදි. ඒත් ඒකට කුලේ අදාල වෙන්නෙ නැහැ මෙහෙදි, මොකද ඒකෙන් වෙනසක් වෙන්නෙ නැති නිසා.
අපිට කසාද බැන්දම ඉන්න වෙන්නෙ ඒ කෙනා එක්ක නෙවෙයි නෙ. එයාගෙ පවුලෙ අයත් එක්කත් ඉන්න වෙනවා. එයාටත් අපේ පවුලෙ අයත් එක්කත් ඉන්න වෙනවා. ඉතින් පවුල් පසුබිම, හිතන විදිය ගැලපෙන්නෙ නැත්තන් අවුල් නෙ. ඒකයි මට තේරෙන විදියට කුලයෙන් පවුල් පසුබිම තීරනය වෙන තැන් වල මිනිස්සු ඒක ගැන ඒතරම් හිතන්නෙ.
දැන් අපේ අයියා මට කොච්චර ආදරේ වුනත් ඉගෙන ගෙන නැති, රස්සාවක් නැති කෙනෙකුට, මුඩුක්කුවක ඉන්න කෙනෙකුට මාව දෙන්නෙ නෑ නෙ. ඒ වගේ සමහර වෙලාවට ආදරේ විතරක්ම බලල වැඩ කරන්න පවුලකට බැරි වෙන්න පුලුවන්. ඒක මට නම් හිතෙන්නෙ සාධාරණයි.
හැබැයි මම කුලේ කියන සංකල්පෙට නම් විරුද්ධයි. ඒ මම හැදුන වටපිටාවෙ හැටියට. ඒත් කසාදෙකදි ඒක අනුගමනය කරන අයට ඒකෙ මොකක් හරි අර්ථයක් ඇති.