දුරකතන ඇමතුම් සඳහා අය කල හැකි අවම ගාස්තුව ශත 50කින් පහත දැමීමේ තීරණය ක්රියාත්මක කිරීම මාසයකින් කල් දැමීමට සිදුවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ගාස්තු අඩු කිරීම ලබන මස පළමුවැනිදා සිට ක්රයාත්මක කිරීමට නියමිතය. දුරකතන අවම ගාස්තුව පහත දැමීම ජුලි මස 01 වැනි දින සිට ක්රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබිණි.
ඒ අනුව අගොස්තු මස 01 වැනිදින සිට විනාඩියකට අය කල හැකි අවම දුරකතන ගාස්තුව රුපියල් 2 සිට 1.50 දක්වා ශත 50කින් අඩුවෙනු ඇත.
අදාල ගාස්තු සංශෝධන යෝජනාව මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මේ වන විට අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.